Friday, June 6, 2008

4 comments:

ධනුෂ්ක සපුමල් said...

හායි-බෝං හිටපු ජනාධිපතිතුමා,


”ඩැපඩිල් මලින් පවන් සැලේ”
හායි-බෝං හිටපු ජනාධිපතිතුමා,
ඔබ වහන්සේට ලියංඩ කාලාන්තරයක් තෙපරබබා ඉඳලා ඉඳලා ඕං අද තමා ඉස්පාසුවක් ලැබුණෙ. ඉතිං තමුන්නාන්සේ ස්වර්ගයේ් තාප්පෙ උඩට වෙලා මේ ලංකා අහස යට සිද්ධ වෙන හරි හරි ජාති වැඩසටහං බල බලා ප්රීතියෙං ඇති කියාලා හිතනවා. අනේ් මේ වාගෙ රත්තරං රටක් අපිට උරුම කරලා දීලා තමුන්නැහැ කොරාපු එ් සේ්වෙට නොබෙල් තෑග්ග දෙන්ට වටිනවාය.
බඩගින්නේ උණත් දෙකට තුනට නැමිලා ලොකු ලොක්කන් වීසි කරන කටු ලෙව කකා සොමියෙං ඉන්නා කෙරේමය අපේ් ඇත්තංට පුරුදු කළ පුණ්ය කර්මයෙන් තමුන්නැහැ ඔය ලෝකේ් දිව්ය පුත්රයෙක් වෙලා නයික ශ්රියාවෙන් කප්පරක් සැප සම්පත්ති වළඳනවා ෂුවර්ය. එ්කේ් ආයේ් දෙකක් නැත.
ඔබ වහන්සේ් ආර්ථිකේ් හායි ගාලා ඕපන් කෙරුවා කියාලා දෙහි කැපූ උත්තමයිංම අද එ් කෙරේමේ ඔබවහන්සේ්ටත් වඩා ලස්සනට ආරක්ෂා කරනවා දකින විට අනේ මොන තරං පහං සංවේගයක් දැනෙනවා ඇද්ද? ඇයි අර විධායක ජනාධිපති කෙරේමෙ? හූ හූ- කී දෙනෙක් ඕකට ගල් ගැහුවද? ලිප්ටන් එකේ් බෙරිහන් දීලා- පත්තරවල පිටු ගනං නාස්ති කරලා- ටී.වී. වල වරු ගනං සාකච්ජා දමලා- මතකද අහෝසි කරන්ඩ දින දුන්නා? මොන පිස්සුද ශ්රීමත් මහත්තයෝ, ඕක නැතුව රටක් පාලනේ් කොරන්ඩ පුලූහංද? සමානුපාතික කෙරේමෙට බැණ බැණ තැං තැං වල ගියපු දඟ ළමයි රංචුවත් අනේ් ඔය යසට කොමික්මේන්තුවට ගාල් වෙලා ඉන්නෙ. අනේ් වාසනාවං- අපේනං තුං හිතකින්වත් ඉරිසියාවක් නැතුවා. නේ්ද උතුමෝ?
සාහිත්යය කන්ඩදැයි ඔබ වහන්සේ් ඇහුවාය කියා සමහරු කියන්නේ් ඇත්තක්ද? හනේ් එ් කතාවට ඔබතුමාගෙ කටේ රාජ්ය සාහිත්ය සම්මානයක් ඔබන්ඩ වටිනවාය. මේ දිනවල කලාවයි සාහිත්යයයි වගේ් එවුවා තීරණය කරන්නේ් චිංචනේ්ට අනුකූලව හංදා සාහිත්යයෙන්වත් කලාවෙන්වත් ඇති වැදගැම්මක් නැතුවාය.
ඔබතුමාට මැකියාවෙල්ලි ගැන කියා අවනම්බු කළ ප්රගතිශීලියෝ ඔක්කොම දැං දැං ප්රින්සස්ලා වෙමින් ඉන්නා හැටි බලංට ආසාය. ඒ කාලේ පාට ගොඩාක් තිබුණාට දැං ඇත්තේ එක පාටක් විතරය. ලංකාවම කොළ පාට වෙලා තියෙන හංදා ඉස්සරහට ඡුන්ද තියංටත් ලේ්සිය.
ඉතිං මම නවතිනවාය.
අද හැන්දැකොරේ පංසලේ මානෙල් මල් පූජාවක් ඇති හංදා මානෙල් මල් උදුරන්ට යන්ට තියෙනවාය.
ශ්රීමත් ඔබවහන්සේ කිසිම අතුරු ආන්තරාවක් නැතුව චිරාත් කාලයක් ඔය දිව්ය විමානේ්ම වැජඹෙත්වා!

ධනුෂ්ක සපුමල් said...

වෙන්ඞ්ට් එකෙන් ඔබ්බට, විකෘති- විඳීම් සටහන.


ඔවුහු රඟති. ක්රමයේ් අවජාතක ඵලය ප්රොසීනියම් වේදිකාව මත ප්රති නිර්මාණය කරති. හිරිකිත පාරිභෝජනවාදයේ් පිඹුරා විසින් ගෙල හිර කරන ලදුව- තරඟ බලූ පොරයෙන් විඩාබරව- හප කරන ලද මල් සදිසි දරුවන් වේදිකාව මත වැටෙති. මිනිස්කම් වෙනුවට ප්රාග්ධන සමුච්ඡුනය යෝජනා කරන අවකාශයක ක්ලාන්තව වැටෙති. කලාවට ජීවිතය වින්දනයට යෙදවිය යුතු විවේකය ඔවුන්ගේ් පරම සතුරාය.

විද්යා විෂයද - කලාවද?
කලාව කෙරුවොත් මලා වගෙයි.....!

චී චී චී
ලැජ්ජ නැද්ද?
අපේ එකෙක් කලාව කොරන්නෙ?
කවුද උඹ දිහා බලන්නේ-
විද්යාවයි ගනං ගන්නෙ-
අඩු තරමේ වාණිජවත්.....

ජීවිතය නමින් වෙස් ගැන්වූ පරිස්සමින් රචනා කරන ලද ප්රබන්ධයක් ක්රමය විසින් හඳුන්වා දී වැඩෙහි යොදවා තිබේ.
ප්රියංගනී ඇවිදින දොස්තර යන්ත්රයක් වෙන්නේ ද, සරණපාල බේබද්දෙක් වෙන්නේ ද, ජගත් පිස්සෙක් වෙන්නේ ද ඒ ප්රබන්ධය තුළයි.
වේදිකාව මත ප්රති-නිර්මාණය වන අපේම දරුවන්ගේ ලෝකය දෙස බල බලා පැයකුත් අඩ හෝරාවක් ජම්බෝ පීනට් කමින් අපි මේ ට්රැජඩිය එන්ජෝයි කරමු. අපේ ආසනය ළඟ දෙපැත්තේ සම්පත් ද ප්රියංගනී ද සිටී.
කර්ටන් කෝල් එකෙන් පසු- ඔවුහු අම්මාගේ තාත්තාගේ අතැඟිල්ලේ එල්ලී ලයනල් වෙන්ඞ්ට් එකෙන් එළියට විත් හයිලෙවල් පාර දිගේ සැබෑ නාට්යයට ඇතුළු වෙති. ගෙවල් වල- පාසැල් වල- ටියුෂන් කඩ තුළ- රැකියා වෙළඳපොළේ- මුළුමහත් සමාජයේ ඒ නාට්යය පෙන්වනු ලැබේ. එහි නම විකෘතිය.

ඉක්බිති ප්රියංගනීලා සම්පත්ලා සරණපාලලා ජගත්ලා සෙමින් ඉදිරියට එති. ඔවුන්ගේ දෙනෙත් මේ ක්රමය නිර්ලජ්ජිත ලෙස නිද්රාශීලි ලෙස ඉවසන ඔබේ ඇස් වලට එල්ල වී තිබේ. ඔවුහු ගයති. ඔව්. ඔවුහු එය ගයති.


කෑමට බීමට - ඇඳුම පැළඳුමට
ගෙයට දොරට - යාන වාහනයට
තරඟයක් නැති ලොවක්
සැම සම වෙන ලොවක්
ළඟා කර දෙන්න
ගුරුනි දෙගුරුනි අපට-

සහජ දස්කම් අනුව
රුචිය අරුචිය අනුව
වැඩ පුහුණු වන්නට
නිපැයුමෙහි යෙදෙන්නට
සහන ගෙන දෙන ලොවක්
ළඟා කර දෙන්න
ගුරුනි දෙගුරුනි අපට-

ධනුෂ්ක සපුමල් said...

ලාංකිකයන් හොරුන් වන්නේ කෙසේද?


පහත පලවන්නේ දෛනික වැටුප්කරුවෙකුගේ්එදිනෙදා ජීවිත සටනේ් අංක සටහනයි. උදාහරණයක් ලෙස දවසට රු. 1000ක දෛනික ආදායමක් ලබන මේසන්වරයෙකු නිවාඩු දින හැර දින 24ක් සඳහා ලබන මාසික ආදායම රු. 24,000කි. දෛනික අවශ්යතාවලට අවශ්ය කෑම බීම හැරුණු විට මේ ජීවිතයේ අන් දෙයකට කිසිදු වියදමක් දැරීමට හැකියාවක් නොමැත. සංස්කෘතික ජීවිතය යනු චිත්ති, වසූදා යන ගැහැණුන් සමග රන් දෙපැයේ දී ඔවුන්ගේ ප්රශ්න නැරඹීමත් සුපර් ස්ටාර් වීමට දඟලන ග්රාමීය තරුණ තරුණියන්ගේ ගායන හැකියාවන් රූපවාහිනියෙන් නැරඹීමත් පමණි. පෝය දවසට පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ බණ අසයි. දෛනික ජීවිතය පවත්වාගෙන යාමට ක්රමය විසින් ලබා දුන් මුදල රාත්රී 10 වන විට ක්රමය විසින්ම ඔහුගෙන් පික්පොකට් ගසා ඇත.

උදැසන ආහාරය - රු. 241
දිවා ආහාරය - රු. 148
රාත්රී ආහාරය - රු. 182
දවසේ් වියදම - රු. 571

මාසික වියදම (571 ⋆ 30* රු. 17,130.00)
විදුලි/ජල/දුරකථන බිල් රු. 3,310
පාසැල් වෑන් රථ වියදම් රු. 2,000
විනෝද වියදම් රු. 1,000
ගමන් වියදම් රු. 1,000
බෙහෙත් රු. 500
තැන්පතු රු. 1000
මත්පැන්/ දුම්වැටි රු. 3,500
(හදිසි වියදම් නොසලකා හරින ලදී.*

මාසික ආදායම රු. 24,000
මාසික වියදම රු. 29,440

හිඟය රු. 5,440

මෙම හිඟය සොයාගන්නේ් කෙසේ්ද? අපි නොදනිමු. දූෂණ හා වංචා බිහිවන්නේ මෙතනින් බව අපි දනිමු.

මව්බිම. විනිවිද අතිරේකය. 2006.12.10

ධනුෂ්ක සපුමල් said...

දේශපාලන කිනිතුල්ලෝ


සෝමෝසයේ වැසියෝ අත් පා බඳින ලද මිනිසෙකුට කුරිරු ලෙස තලමින් රංග භූමියට පිවිසෙති. එ් මිනිසා වැසියන් පෙලූ දේ්ශපාලනඥයෙකි.

”මූව මරන්නට ඕනෑ.”
”මූව මරලත් හිත් වදින්නේ් නෑ.”
”මේ කාළකණ්නියා අපේ් දරුවො මරල දැම්මා.”
”මූ මගේ් ඉඩම් පැහැරගත්තා.”
”මූ මගේ් රස්සාව නැති කළා.”
”අපේ ජීවත් වීමේ අයිතිය මූ විනාශ කළා.”
”හත්මුතු පරම්පරාවකට සෑහෙන ධනයක් මූ පැහැරගත්තා.”

වැසියෝ ඔහුට තලමින් කෑ ගසති. ඊසොප් පඬිතුමා රංගයට පිවිසෙයි.
”සෝමෝස් වැසියනි, නුඹලා කුමක් කරන්නද ඔය හදන්නේ්?”
”ඇයි පඬිතුමනි, ඇහුණෙ නැද්ද මූ කළ දේ්වල් අපට?”
”මා හිතවත් සෝමෝස් වැසියනි, දැන් ඉතින් ඔය මිනිහා මැරුවයි කියලා ඇතිවන පලයක් නැහැ.”
”මොකක්? පලක් නෑ කිවුවා?”
”වැසියනි, ටිකක් කල්පනා කර බලන්න- මේ මිනිහා මරනවා කියන්නේ් හරියට දෝරුවට වැටුණු නරියගෙ ඇෙඟ්් දැවටුණු කිනිතුල්ලන් මරා දානව වගේ් වැඩක්.”

”මොකක්ද එ් කතාව. පඬිතුමනි කියමුකො එ් කතාව?”

”ඇඟ පුරාම කිනිතුල්ලන් වසා හුන් නරියෙක් දෝරුවක වැටී උන්නා. ඉත්තෑවෙක් එ් දැක ඌට පිහිට වෙන්නට ආවා. ඉත්තෑවා කීවා.
මම ඉත්තෑවෙක් හන්දා මට ඇහැකි කිනිතුල්ලන් මරලා ඔබව බේර ගන්න.
නරියා කීවා. අනේ් එපා ඉත්තෑවො. මං මෙහෙම ඉන්නම්.
එහෙනම් උඹට ගැලවෙන්න ඕනෙ නැත්ද නරියෝ? ඉත්තෑවා ඇහුවා.
ඕන් හොඳට අහගනින්. නරියා පැහැදිලි කෙරුවා...
මෙ කිනිතුල්ලො ටික මගෙ ඇෙඟ්් තිබ්බ ලේ් ටික බීල බීල උන් ටික බඩ පිරිලා දැං නින්දට වැටිලයි ඉන්නේ්. ඔබ උන් මරා දැම්මොත්, වෙන්නේ් උන්ගෙන් හිස් වන තැන්වලට මේ දෝරුවෙ ඉන්න අනික් බඩගිනිකාර කිනිතුල්ලොත් ඇවිත් මගෙ ඉතුරු ලේ් ටිකත් බීල මාව මරල දාන එක. ආන්න එ් හන්දා ඔය කාලකණ්නි ටික ඔහෙ හිටපුවාවේ.”

(කතාව කියා අවසන ඊසොප් මෙසේ් ද කියයි.*
” ඕන්න ඔය කිනිතුල්ලො තමයි දේ්ශපාලන කිනිතුල්ලො කියන්නේ්. තමුන්නාන්සේ්ල ඔය පණ පිටින් මරන්න හදන හාදයත් පහුගිය කාලෙ තමුන්නාන්සෙලාගෙ ලේ් බීපු තමුන්නාන්සෙලාව හූරන් කාපු අධමයෙක්. ඌට තමුන්නාන්සෙලගෙන් තවත් හූරගන්න දෙයක් නෑ. ඌ හම්බ කරගෙන ඉවරයි. ඌව මරපුවහම වෙන්නෙ තවත් කිනිතුල්ලො ඇවිත් මුල ඉඳන් ඔහේ්ලව හූරගෙන කන එකයි. ආන්න එ් හන්දා අපි ඔය මිනිහට යන්න අරිමු.”

මහාචාර්ය සුනන්ද මහේ්න්ද්ර විසින් ලියා නිපැයූ ”ඊසොප්” (විවෘත උපමා රංගය* නාට්ය පෙළෙන් උපුටා ගත් කොටසකි. (අරුත් නොවෙනස් වන සේ් සංස්කරණය කර තිබේ.)

”දේශපාලන කිනිතුල්ලෝ” උපමා කතාව ටක්කෙටම ගැලපෙන්නේ් ශ්රී ¥පතටය. මාරුවෙන් මාරුවට පාට දෙකේ් කිනිතුල්ලන්ට නිරාවරණය වෙමින් කැණහිලූන් බවට පත් වැසියෝ- හිඟනකමේ දෝරුවේ ගිලී සිටිති. එක් කිනිතුල්ලන් රංචුවක් එල්ලී ලේ් බොමින් ඉන්නා අතරේ අනික් කිනිතුල්ලෝ තමන්ගේ් වාරය ඉක්මනින් උදා කරගනු පිණිස පිරිත් පැන් බවුසර කොළඹට ගෙන එති. එ්වා ඉස තුන් බිය පලවා හරිති. ජනතාව ගැන උපන් දුකෙන් උන්ගේ් පපු පැලී මැරෙන්නට ආසන්නය. සාදු සාදු!