oyage web aka harima lassanai
oyage web aka hrima lassanai
@ !සිහින එලි දකිමු! @සිතුවෙමි… සමුදෙන්නට සිහිනයටඅසනි වැසි ඇද වැටෙද්දීසිත දරාගත නොහැකි තරමටවදන් එකිනෙක පෙළගැසෙද්දී..විටෙක සිට කලු වළාවක මහහඬින් ගිගිරුම් දී වැටෙද්දීපොළව සෝදා ගැලූ දහරින්හැඟුනි සිත ගිය දුරක් නික්මී..
‘‘ සීයෙ කතන්දරයක් කියන්නකො ’’රස කරපු කතන්දරයක් සීයාගෙන් අහන්න පුංචි කාලෙ අපි හැමෝම කැමතියි. එක බත් කටක් කවා ගන්න අම්මා කතන්දර කීයක් කියන්න ඇත්ද ? එකම කතන්දරේ දෙතුන් වතාවක් ඇහුවත් කතන්දර අහන්න තිබුණ ආසාව නං අඩු වුණේ නෑ කවදත්. පුංචි වුනත්, ලොකු වුණත් අපි හැමෝම කතන්දර අහන්න තවමත් ආසයි. ඒ හැම කතන්දරයකටම වැඩිය අපි හැමෝටම විශේෂ වුණු ජීවිත කතාවක් තියෙනවා. ඒකෙ තියෙන විශේෂත්වය වෙන්නෙ එකින් එකට වෙනස් වුණු අලූත් කතන්දර හැමෝටම තිබීමයි. ඒ අලූත් බව රසවත් වෙන්නෙ ඒකෙ තියෙන ස්වාධීන බව නිසායි. මිනිස්සුන්ගෙම ජීවිත, මිනිස්සුන්ගෙම අරගල, මිනිස්සුන්ගෙම ගති-පැවතුම් කලවම් වුණු මෙවන් කතන්දර වලින් තමයි නව කථාව බිහි වුණේ ෟනව කතාවක තියෙන විශේෂත්වය තමයි එහි තියෙන නවතාවයඑක් ප්‍රධාන චරිතයක් වට කර ගෙන, සමාජයේ විවිධ තැන් සමඟ යා කරමින් නිදහසේ ගොඩ නගන කතාවකි නව කථාව. නව කතාවට නව තාවය ලැබෙන්නේ මේ ස්වාධින බව නිසායි. සාමාන්‍ය ජිවිතයේම කතාවක් නාට්‍යයක් හා කාව්‍යක් ලෙසින් ඉදිරිපත් කරන විටයි නව කතාවක රසය වැඩි වෙන්නෙ. මේ රසය ලැබෙන්නෙ මතුපිටින් පෙනෙන දේ අභිබවා ගොස් ජීවිතයේ ගැඹුරු අදහස් හා ගැඹූරු ආශාවන් එළියට මතු කරන විටයි. මෙහෙම නව කතාවකට පාඨකයා ඉබේම බැඳී යනවා.කිතුණු අප බැඳි යන ‘‘නව කතාව’’ දන්නවාදමේ කතාවෙ ප්‍රධාන චරිතය තමයි යේසුස් වහන්සේ. ඒ කතාවෙ තියෙන පෙරළිකාර අවස්ථාව වන්නේ උන් වහන්සේව කුරුසිපත් කිරීමයි. එහි පාඨකයාව බැඳ තබන අමතක නොවන මොහොත තමයි මරණින් නැගිටීම. ඒත් මෙහි තියෙන චමත්කාරය වන්නේ කිසිම වැදගැම්මක් නැති බයාදු, නුගත් පිරිසක් සමාජ අයුක්තිය, අසාධාරණය හා භේදයන්ට එරෙහිව අභීතව, පේ‍්‍රමයන් නැගී සිටිමයි. එම කතාවෙ අවසානය තමයි දවසින් අලූත් වෙන බලාපොරොත්තුවයි.මේ ‘‘නව කතාව’’ නව කතාවට හඳුන්වා දෙන්නෙ කව්රුන්ද ?කිතුණු අපිටම අනන්‍ය වන ඉහත ‘‘ නව කතා පුවත’’ හරහා ජීවිතය, මරණය ගැන අපි දකින ලෝක ද්‍රෘෂ්ටියක් (world – view) තියෙනවා ඒ ලෝක ද්‍රෘෂ්ටිය නොකිතුණුවන් දකින ලෝක ද්රෘෂ්ටියට වඩා වෙනස් වෙනවා. වෙනත් වචන වලින් කිවහොත්, මිනිස් ශරිර කියන්නෙ දිරා යන ඇට, මස්, නහර වල එකතුවක්: පමණක් නෙවෙයිත ඒවා දෙවියන් වහන්සේගේ ප්‍රතිරූපය :සප්ටැි* දරන වටිනා මැවිල්ලක් වෙනවා. ජීවත් වීම කියන්නෙ කර්මයට විපාක ගෙවීමක් නොවෙයිත එනම් දෙවියන් වහන්සේ මහිමයට පත් කරන නමස්කාරයක් වෙනවා. පේ‍්‍රමය කියන්නෙ සංසාර ගමන දික් කරන ලෞකික බැඳිමක් නොවෙයිත එනම් පාපයන්ට දෙවියන් වහන්සේ දානය කරන කමාව පෙන්වීමේ අවස්ථාවක් වෙනවා. උපත කියන්නෙ අහඹු සිදුවීමක් නොවෙයිත එනම් දෙවියන් වහන්සේගේ මැවිල්ලලේ ක්‍රියාකාරිත්වය සමරන අවස්ථාවක් වෙනවා. අයුක්තිය, ආසාධාරණය කියන්නෙ ලොව සමබරතාවය පවත්වා ගන්නා බලවේග නොවෙයිත එනම් පාපය නිසා දෙවියන් වහන්සේට අකීකරු වීමේන් ඇති වන තත්වයක් වෙනවා. සතුට, සමාදානය කියන්නෙ යහපත් ක්‍රියා කිරීමෙන් තමන් උපයා ගන්නා ලාභ ප්‍රයෝජන නොවෙයිත එනම් දෙවියන් වහන්සේට යටහත්ව, කීකරු වීමේන් වැගිරෙන ආසිරි වෙනවා . . . . . . . .එහෙනම් අපේ කථා පුවත නව කතාවට හඳුන්වා දිය යුත්තේ කිතුණු අපිමයි. ඒක අපේ පේ‍්‍රමනීය වගකීමක් ෟ ඒ වගේම තව කතා පොතක් කියවන විට කතෘ දකින ලෝක දුෘෂ්ටියට වහල් නොවී, කිතුණු ලෝක ද්‍රෘෂ්ටිය වෙන් කර හඳුනා ගැනීමට අපි උත්සාහ කරමු.එත් අද නව කතා කලාව පහත් තත්වයකට වැටී තියෙනවාමුදල් උපයන බලාපොරොත්තුවෙන් නව කතා නිර්මාණය කිරිම මෙයට හේතුවයි. එකම පොතකින් ඉදිරිපත් කරන්ට පුළුවන් කතා පුවත දික් කර, කොටස් වශයෙන් විකිණීම නිසා පාඨකයා අසහනකාරි තත්වයකට පත් කරනවා. එක් චරිතයක් වට කර කතාව ගොඩ නගනවා වෙනුවට චරිත කීපයක් එකිනෙක පටලවා නව කතාවෙ රසය නැති කරනවා. එපමණක් නොවෙයි, ස්ත්‍රි කය විකුණනවා. අනවශ්‍ය ලෙස ලිංගික ක්‍රියා විස්තර කර කාම රාග අවුස්සනවා. නව කතාවකින් සමාජයට යහපත් ආදර්ශයක් දෙනවා වෙනුවට ලිංගික ආශා, මුදල් තන්හා, බල ලෝභකම් අවුස්සා පාඨකයා නොසන්සුන් කරනවා . . . . .කිතුණු අපි මෙවන් නව කතා පොත් ප්‍රතික්ෂේප කල යුතුය. මිනිස් ජිවිත ගොඩ නගන, සමාජය සුව කරන නව කතා පොත් නිර්මාණය කල යුතුය. එය අපට ඇති පේ‍්‍රමනිය වගකීමකි ෟකරුණු මෙසේ නම්, නව කතා පොත් බිහි වුණේ කොහොමදැයි දන්නවාද ?මීට අවුරුදු ගණනාවකට පෙර ඉතිහාසට ගොස් විපරම් කරලා බලමුද ? මෙන්න මෙහෙයි නව කතා කලාව අපේ සාහිත්‍යයට ඇතුල් වුණේ ෟඉතිහාසයෙන් බිඳක් . . . . .එකමත් එක කාලෙක, බොහෝම ඉස්සර, ලංකාවේ සාහිත්‍යය පරම්පරාවට රැුගෙන ගියේ කටින් කටට කීමෙනුයි. පහු කාලෙකදී පුස් කොල පොාත් ඇති වුණා. කටින් කටට ගිය එදා සාහිත්‍යය පුස් කොල පොත් වල ලියන්නට පටන් ගත්තා.ඉතින් මෙහෙම දියුණු වුණු සාහිත්‍යය එදා ලියැවුණේ කව්රුන්ටද ?අද වගේ ඕනෑම වයස් කාණ්ඩයකට ඕනෑම සමාජ පංතියක ඉන්න කෙනෙකුට ඕනෑම මාතෘකාවකින් රස විඳින්ට පුළුවන් කමක් එදා සාහිත්‍යයේ තිබුණේ නෑ ෟ එදා සාහිත්‍යය ලියැවුණේ රටේ රජ්ජුරුවන්, ඇමතියන් හා සමාජයේ ඉහල පංතියේ සිටි රදළ වරුන්ගේ රස වින්දනයටයි. ඒ විතරක් නෙවෙයි, බොහෝ සාහිත්‍යය ලියැවුණේ බෞද්ධාගමට සම්බන්ධවයි.ඇයි මෙහෙම වෙනස් තත්වයක් ?මේකට හේතුව ඒ දවස්වල ලංකාවෙ තිබුණු සමාජ ක්‍රමයයි. අද වගේ විවෘත ආර්ථිකයක් එදා තිබුණෙ නෑ. තිබුණෙ කෘෂිකර්මය පදනම් වුණු ආර්ථිකයක්. අද වගේ කාන්තා විමුක්තියක් ගැන එදා කථා කලේ නෑ. අද සමාජයේ කාන්තාවනුත් පුරුෂයන් මෙන් අධ්‍යාපන සුදුසුකම් හා දක්ෂතා අනුව රැුකියා කරනවා. එම වැටුපෙන් පුංචි පවුල රැුක ගන්නවා. ඒත් එදා තිබුණෙ වැඩ වසම් සමාජ ක්‍රමයක්. ඉතිං ඉඩම් අයිතිව තිබුණෙ සමාජයේ ඉහළ පංතියේ සිටි රදළ වරුන්ටයි. මේ අය සුඛෝපභෝගි ජීවිත ගත කලා. සාමාන්‍ය ජනයා බොහෝ දෙනෙක් කලේ මෙම ඉඩම්වල කෘෂිකර්මය කිරිමයි. ඒ අයගේ ජිවිත බොහොම සරලව ගත කලා. රට පාලනය කල රජ්ජුරුවන්ද කෘෂිකර්මයට බොහෝ අත හිත දුන්නා. මෙහෙම තත්වයකදී රට පාලනයට රදළ වරුන්ගෙ සහාය රජ්ජුරුවන්ට අවශ්‍ය වුණා. ඒ නිසා එදා ලියැවුණු සාහිත්‍යය පෝෂණයට රජ්ජුරුවන් අනුග්‍රහය දුන්නේ ඔහුට රට පාලනයට සහාය අවශ්‍ය එනම් රාජ මඩුල්ල, ඇමතිගොල්ලො හා රදළ ජනයා ඇතුළු පිරිසගේ රස වින්දනයටයි. ඉතිං බහුතර සාමාන්‍ය ජනයාගේ රස වින්දනයට එදා සාහිත්‍යය තිබුණෙ නෑ ෟකෝ අද්භූත කථා ? පේ‍්‍රම කථා ? රහස් පරික්ෂක කථා ?මේවා එදා සාහිත්‍යයේ තිබුණෙ නෑ. අද වගේ කාර්ය්ය බහුල තත්වයක් එදා සමාජයේ තිබුණෙ නෑ. අද බොහෝ දෙනෙක් අධ්‍යාත්මික වර්ධනය සොයන්නේ විවෙක කාලයක් ලැබුණු විට පමණයි. ඒත් එදා සමාජයේ පන්සලට විශේෂ තැනක් හිමි වුණා. ගමේ උස් භූමියකයි. පන්සල පිහිටා තිබුණෙ සෑම රට වැසියෙකුගේම අධ්‍යාත්මික හා අධ්‍යාපනික පිපාසය නිවා දැම්මේ පන්සලයි. මෙහෙම තත්වයකදී බෞද්ධ ආගම පෝෂණය කිරිම හා රැුක ගැනීම රජ්ජුරුවන්ගේ කටයුත්තක් වුණා. ඒ නිසායි එදා ලියැවුණු බොහෝ සාහිත්‍යය බෞද්ධාගම හා සම්බන්ධ වුණේ. බෞද්ධාගමට සම්බන්දැයි කීවාට සමහරක් සාහිත්‍ය නිර්මාණ වල බෞද්ධ සලකුණක් පමණක් තබමින් කළේ රජ්ජුරුවන්, බිසෝවරුන්, ඇමතියන් හා රදළ වරුන්ගේ ගුණ වර්ණනාවකි ෟ මෙයට හේතුව කලා කරුවාට ස්වාධීන නිර්මාණ කිරීමට තිබුණු නොහැකියාවයි.ඇයි එදා ස්වාධින කලා කරුවො හිටියෙ නැත්තෙ ?එදා විතරක් නොවෙයි, අදත් ස්වාධින කලාකරුවෝ දුබලයි. ඒත් අද තත්වය එදා සමාජ තත්වයට වඩා ලිහිල්ය. අද කලා කරුවෝ තමන්ගේ ස්වාධිනත්වය සීමා කරන්නේ තමන්ගේ නිෂ්පාදනයට ලාභ ලැබෙන ප්‍රකාශකයෙක් අල්ලා ගැනීමටයි. අද බොහෝ කලා කරුවන් සාහිත්‍යය නිර්මාණ කරන්නේ හුදෙක් රැුකියාවක් නිසාම නොවෙයි. බොහෝ අයගෙ එකම ආදායම් මාර්ගය සාහිත්‍යය නිර්මාණය නොවෙයි. ඒ නිසාම තමන්ගේ ස්වාධිනත්වය සාහිත්‍ය නිර්මාණයේදී තීරණය කරන්නෙ ඔවුන්මයි. ඒ නිසා සමාජයේ ඕනෑම දෙයක් නොබියව ප්‍රකාශ කිරිමට අද කලා කරුවාට හැකියාවක් තියෙනවා. අද මුද්‍රණ යන්ත්රද නවීන තාක්ෂණද තියෙන නිසා සාහිත්‍යය නිර්මාණයට විශාල වියදමක්ද යන්නේ නෑ. ඒ නිසා කලා කරුවාට තමන්ගෙ නිර්මාණ කිරිමට බාහිරින් අනුග්‍රහයක් අවශ්‍ය නෑ. අවශ්‍ය වන්නේ ගිය වියදමට ලාභ උපයා දෙන හොඳ ප්රකාශයෙක් අල්ලා ගැනිමයි.ඒත් එදා සමාජයේ මුද්‍රණ යන්ත්‍ර තිබුණෙ නෑ. ප්‍රකාශකයෝ හිටියෙ නෑ. ලාභ ලබන්ට පොත් ලිව්වෙ නෑ. තමන්ගේ නිර්මාණ කලේ රජ්ජුරුවන්ගේ අනුග්‍රහය ඇතිවයි. මේ නිසාම එදා කලා කරුවෝ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අනුග්‍රාහකයාගේ රුචි අරුචිකම් වලට තමන්ගෙ ස්වාධිනත්වය කැප කලා. මේ නිසාම එම නිර්මාණවල ප්‍රධාන අන්තර්ගතය වුණේ අනුග්‍රහය සැපයුවන්ගේ, එනම් රජ්ජුරුවන්, බිසෝවරුන්, ඇමතියන්, රදළයන්ගේ ගුණ වර්ණතාවකි. සමහරක් විට නැති ගුණ පවා වර්ණතා කරන්ට ඔවුන්ට සිදු වුණා ෟ මේ තත්වය නොඉවසමින් නැගී සිටිය කලා කරුවෝද සිටියා. නැති මිනිස් ගුණ වර්ණතාවට වසා බුදුන්ගෙ ගුණ වර්ණනා කරමින් ‘‘ බුදුගුණ අලංකාරය’’ ලියු විදාගම හිමියෝ මෙයට උදාහරණයකි.අද වගේ සමාජ විවරණය කරන සාහිත්‍ය නිර්මාණ එදා තිබුණෙ නෑඅද සාහිත්‍ය නිර්මාණයක් කියවන විට ඇහෙන්නෙ මිනිසුන්ගේ සුසුම් ලෑම්යත සිතුම් පැතුම්යත ජිවන රටායත ජිවන අරගලය. ඒත් එදා නිර්මාණවලින් මේවා ඇසුණෙ නෑ ෟ දැනුණෙ නෑ ෟ කථා කෙරුණෙ නෑ ෟ එදා පැවති වැඩවසම් සමාජ ක්රමයේ හෝ රාජාණ්ඩු ක්රමයේ ඌනතා සාකච්ඡුා කෙරෙන සාහිත්‍ය නිර්මාණ එදා කලා කරුවෝ බිහි කලේ නෑ. එයට හේතු වුණේ එදා කලාකරුවො සාහිත්‍ය නිර්මාණ කලේ රජ්ජුරුවන්ගෙ අනුග්‍රහය ඇතිව වීමයි. ඒත් මේ තත්වයට භය නැතිව මුහුණ දුන් කලාකරුවොද එදා හිටියා. එදා රාජාණ්ඩු පාලනය හා වැඩවසම් සමාජ ක්‍රමය ගෙන ගිය රජජුරුවන් හා ඔහුට උපදෙස් දෙන බමුණත් උපහාසයට ලක් කරමින් නිර්මාණය කල ‘‘උමන්දාව’’ මෙයට උදාහරණයකි.එතකොට ‘‘ස්ත්‍රිය’’ හා ‘‘පේ‍්‍රම කථා’’ හඳුන්වා තිබුණෙ කොහොමද ?අද මෙන් නොව එදා සාහිත්‍ය නිර්මාණ වල ‘‘ ස්ති‍්‍රය’’ හඳුන්වා තිබුණෙ පුරුෂයන් වංචා කරන්ට පැමිණි මායා රූපයක් ලෙසයි. අද සාහිත්‍ය නිර්මාණවල ‘‘ස්ත්‍රිය’’ හඳුන්වන්නේ එදාට වඩා හාත්පසින් වෙනස් ලෙසයි. ඇගෙන් සමාජයට වෙන යහපත හා ඇගෙ චරිතයෙන් පුරුෂ චරිතය හැඩ ගස්වා ගැනීමට දෙන රුකුල ගැන වර්තමාන සාහිත්‍ය නිර්මාණ කථා කරනවා. එතකොට පේ‍්‍රම කථා එදා විස්තර කලේ මනුෂ්‍යත්වයේ දුර්වලකම් ලෙසයි. නැත්නම් ස්ත්‍රියගේ වසඟයට ආ කාම පුරුෂයන්ට වන දුක් ගැහැට ලෙසයි. ඒත් අද පේ‍්‍රම කථා විස්තර කරන්නෙ කාම ආශාවන් නිසා ජිවිත වලට සිදු වෙන අවුල් වියවුල් ගැනයි.එදා බොහොමයක් කාව්‍ය නිර්මාණ කලේ සංස්කෘත භාෂාවෙන් ? ?එදා සංස්කෘත භාෂාව ව්‍යවහාර කලේ සමාජයේ ඉහල පංතියේ සිටි රදළ වරුන්, බමුණන් හා ප්රජක පිරිස්ය. බහුතර සාමාන්‍ය ජනයා සංස්කෘත භාෂාව ව්‍යවහාර කලේ නෑ. එත් රජ්ජුරුවන්ට රට පාලනයට අවශ්‍ය ඉහල පෙලේ අයට මහේශාක්‍ය තත්වයක් දුන්නේ සාමාන්‍ය ජනයාට තේරුම් ගන්න බැරි සංස්කෘත භාෂාවෙන් සාහිත්‍ය නිර්මාණ කිරිමෙනුයි.එහෙනම් සාහිත්‍ය හා සාමාන්‍ය ජනයා අතර පරතරයක් තිබුණාඅන්දරේ වගේ ජන කවියෙකු රාජ සභාවට කැඳවු ශී‍්‍ර නරේන්ද්‍රසිංහ රජු දවස වැනි අවස්ථා හැරුණු කොට, එදා සාහිත්‍යය හා සාමාන්‍ය ජනයා අතර විශාල පරතරයක් තිබුණා. මේ තත්වය සුව වුණේ යටත් විජිතයක් සමඟ 19 වැනි සියවසේ ඇති වුණු සමාජිය - ආර්ථික - දේශපාලන පෙරළියක් සමඟයි.මොකක්ද අප්පේ මේ පෙරළිය ?ඉංග්රිසින් එදා පැවති රාජකාරි ක්‍රමය අහෝසි කලා. ඉතිං කුල භේදය පදනම් වුණු වැඩවසම් සමාජ ක්‍රමයත් බිඳ වැටුණා. ඒ වෙනුවට රට පුරා තනි පාලනයක් ඇති කරන කෝල්බෲක් -කැමරන් පාලන ක්‍රමය හඳුන්වා දුන්නා. මේ නිසා රටේ හැම පුරවැසියෙක්ටම සමාන අයිතිවාසිකම් ලැබුණා. සාහිත්‍ය නිර්මාණයට රජ්ජුරුවන්ගෙන් ලැබුණු අනුග්රහයද නැවතුණා. හව්හතරක් නැති වුණු කලාකරුවෝ රාජ අනුග්‍රහය නැති වුණු නිසා රදළ වරුන් වැනි බලධාරින් සොයා ගියා. ජෝන් ඩොයිලි නම් ඉංග්‍රිසි පාලකයාගේ අනුග්‍රහය ඉල්ලූ ගජමන් නෝනා ප්‍රසිද්ධ කිවිඳිය මෙයට උදාහරණයකි. පහු කාලෙකදි මුද්‍රණ යන්ත්‍ර බිහි වුණා. ප්‍රකාශකයො ඇති වුණා. ඒත් අච්චු කන්තෝරු අයිතිකරුවන් හා ප්‍රකාශකයන් ධනවත් අය වුණේ නෑ. මේ නිසා සාහිත්‍ය නිර්මාණය හැරෙන්න වෙනත් ජීවනෝපායක් කළ නොහැකි වුණු කලාකරුවෝ තමන්ගෙ නිර්මාණ වලට අනුග්‍රහය ලබා ගන්ට ධනවත් රදළ වරුන්ටම ඇදී ගියා. සමහරක් ප්රකාශකයන්ගෙ ඇඟිලි ගැසිම් හා හිරිහැර නිසා කලාකරුවො බොහෝ අසරණ වුණා. සාහිත්‍ය නිර්මාණය කිරිමද විඩාබර වුණා. ඒත් රාජ අනුග්‍රහයෙන් නම් මිදුණා ෟකෘෂිකර්මය මත පදනම් වුණු රටේ ආර්ථිකය වෙනුවට ඉංග්රිසින් කෝපි හා තේ වැනි වතු වගාවන් පටන් ගත්තා. අක්කර දහස් ගණනකින් ඉඩම් ඉංග්‍රිසින්ට අයිති වෙන්න පටන් ගත්තා. මේ අතර වැඩවසම් ක්‍රමය යටතේ ඉඩම් වල කෘෂිකර්මය කරනවා වෙනුවට රජයේ රැුකියා ලබා ගැනිමට රට වැසියෝ උනන්දු වුණා. හොඳ රැුකියා ලැබුණේ ඉංග්‍රිසි දන්නා, කිතු දහම වැළඳ ගත්තවුන්ට නිසා බලපුළුවන්කම් ඇති උඩරැුටියන් ඉංග්‍රිසිය පසු පස්සේ දුවන්නට පටන් ගත්තා. මේ නිසා ක්‍රිස්තියානි පුරකයන්ටද සිංහල භාෂාව ඉගෙනීම පැත්තකින් තබා ඉංග්‍රිසි භාෂාව ඉගැන්විමට සිදු වුණා. එත් එසේ කරන්න නොහැකි වු සිංහල දරුවෝ පන්සලටයි ගුරු ගෙදරටයි වෙලා සිංහල භාෂාවන් පාලි, සංස්කෘත භාෂාවනුත්, බෞද්ධාගමත් ඉගෙන ගත්තා. කැළණියේ විද්‍යාලංකාරය (දැන් කැළණියෙ විශ්ව විද්‍යාලය* වගේ පිරිවෙන් කොළඹ අවට බෞද්ධ අධ්‍යාපනය සඳහා පිහිටුවීම මේ කාලයේ විශේෂ දෙයක් වුණා. ඒත් සිද්ධ වුණේ කිතු දහම වැළඳ ගත්, ඉංග්‍රිසි උගත් වරප්‍රසාද හිමි කර ගත්තු අයත් ජාතික හා දේශිය ව්‍යාපාර මෙහෙය වු බෞද්ධයනුත් අතර නිතර ගැටුම් ඇති විමයි. මේ ආගම් වාද කුල වාද කෙරුණේ පුවත් පත් හා සඟරා වලිනුයි. මේවා අපහාසයකින් ලියැවුණු වාද වුණා. නිසරු ප්‍රශ්න වලින් හට ගැනුණු වාද වුණා. මෙහි අවසන් ප්රථිඵලය වුණේ සිංහල භාෂාව ලිහිල් වු භාෂාවක් බවට පරිවර්තනය විමයි. එදා පැවති සම්භාව්‍ය බව භාෂාවෙන් තුරන් වුණා. සිතුවිලි හා හැඟිම් ප්‍රකාශ කිරිමේ ශක්තිය ඇති සරල භාෂාවන් බවට පත් වුණා. ඉතිං එදා සමාජයේ ඉහල පංතියට සීමා වුණු සාහිත්‍යය දැන් බොහෝ පාඨක පිරිසකට රස විඳින්ට පුළුවන් භාෂාවකින් පිවිසෙන්න පටන් ගත්තා.මෙසේ සිදු වුණු ආර්ථික - සමාජිය - දේශපාලන පෙරලියත් සමඟ එදා පැවදි කතුවරයන් අතේ තිබුණු සාහිත්‍යය දැන් ගිහි කතුවරයන් අතට පත් වුණා ෟ දැන් එය මධ්‍යම පංතියට ප්‍රධාන ලෙස විෂය වුණු මාධ්‍යයක් බවට පත් වුණා ෟඒ විතරක්ද ? නව කථාවේ උත්පත්තියද ඇති වුණාකථා කියවන්න ආසාවක් පාඨකයා තුළ ඇති වුණේ ඉහත වාද විවාද කෙරුණු සඟරාවල පළ වුණු පෙරදිග හා යුරෝපිය කථා නිසායි. ඒ වගේම ස්වනිර්මාණ බොහෝ අඩු වු මාතර අවධිය හා වර්තමාන අවධිය අතර කාලයේ බිහි වු පරිවර්තනව නිසාද කථා කියවිමේ ආසාව වැඩි වුණා. මේ අතර කිතුණු පුජකයන් පළ කල බයිබල් පරිවර්තනද බයිබල් කථාද කිතුණු සාත්තුවරයන්ගේ ජිවිත කථාද නව කථා බිහි වීමට ආදර්ශ වුණා. කෘති ආකාරයක් ගන්නා නාඩගම් නාටක සාහිත්‍යද නව කථා බිහි වීමට රුකුල් වුණා. මේ නාටක සාහිත්‍ය වල පොදු ජන ජිවිතයෙ අත්දැකිම් හා පොදු ජන භාෂාව භාවිතා වුණා. ඉතිං ආගමික මුහුණුවරක් ගත් එදා සාහිත්‍ය වෙනස් වුණා. එය දැන් පොදු ජන ජිවිතයේ අත්දැකිම්, අරගල හා සිතුම් පැතුම් විස්තර කරන සාහිත්‍යක් බවට පත් වුණා.ඉතිං බහුතර සාමාන්‍ය ජනයා ව්‍යවහාර කරන භාෂාවකින් ඔවුන්ට වඩාත් සමීප බවකින් නව කථාව සාහිත්‍යයට ඇතුල් වුණා. ඔවුන්ගේම ජිවිත කථා කරන ඔවුන්ගේම සාහිත්‍යයක් බවට නව කථාව පත් වුණා. එදා සාහිත්‍යත් සාමාන්‍ය ජනයත් අතර තිබුණු පරතරය දැන් සුව වුණා.---------- රචනය- අයෝමා ප්‍රනාන්දු -------------අපිට වෙන මොන “නව” කතා ද ?ප්‍රසිද්ධ “අයොමා” නවකතාව ඔබ කියවා හෝ අවම වශයෙන් එය අසා හෝ ඇතියි සිතමි. ඒ වනාහි එක් ස්ත්‍රී චරිතයක් වට කොට සමාජයේ පැතිකඩක් ගැඹුරින් විගහ කරන කිර්මාණයකි. එපමණක්ද ? ප්‍රේම කථා, අද්භූත කතා, රහස් පරීක්ෂක කතා. . . අනිවාර්යයෙන්ම මින් එකක් හෝ ඔබ කියවා ඇත. සැබවින්ම නවකතාවේ සම්භවය කුමක්ද?එකමත් එක කාලෙක බොහෝම ඉස්සර, අපේ රටේ සාහිත්‍ය මුඛපරම්පරා ගතව පැවතුණි. . . .පසු කලෙක ඒවා පුස්කොළ පොත්වල ලියවුණි. එකල ලංකාවේ පැවතුනේ වැඩවසම් සමාජ ක්‍රමයයි. මේ අනුව රජුන්ට රට පාලනය කිරීමට ප්‍රභූ පක්ෂයේ හා පූජක පක්ෂයේ සහය අවශ්‍ය වුණි. මේ නිසා සාහිත්‍යාංග සම්පාදනයට රජු අනුග්‍රහය සැපයුයේ රජු, ඇමති, ප්‍රභූ ඇතුළු උගත් පිරිසගේ විනෝදාශ්වාදයට හා බෞද්ධ ජනයාගේ අපේක්ෂා සපුරාලීමටය. එසේ ලියවුණු බොහෝ සාහිත්යාංගවල අන්තර්ගතය වූයේ රජු, බිසෝ ඇතුළු ඇමති මණ්ඩලයේ ගුණ වර්ණනාවකි. මේ හැරුණු කොට ඇතැම් ඒවා ලියවී තිබුනේද සාමාන්‍ය ජනයා භාවිතා නොකරන සංස්කෘත භාෂාවෙනි. එහෙයින් සාමාන්‍ය ජනයා උදෙසා ලියවුණු සාහිත්‍යාංග ඉතා දුර්ලභ විය. සාමාන්‍ය ජනයා ජීවත්වීමට කරන අරගලය ගැන කතා කෙරෙන සාහිත්‍යාංග නොවීය. ඔවුන්ගේ භාෂා දැනුමද පහළ මට්ටමක පැවතුණි. මේ නිසා පැරණි ලාංකීය සාහිත්‍ය හා සාමාන්‍ය ජනයා අතර දුරස්බවක් ( පරතරයක් ) ඇති විය.මේ තත්ත්වය කණපිට පෙරලුනේ යටත් විජිතයන් සමග ඇතිවූ විශාල සමාජ, ආර්ථික හා දේශපාලන පෙරළියත් සමගය. මෙකල රජයේ රැකියා ලබාගැනීමට බලපුලුවන්කාරකම් ඇත්තාවුන් විශේෂයෙන් උඩරැටියන් සිංහලය පසෙක ලා ඉංග්‍රීසිය පසුපස දිවූහ. කිතුදහම වැළදගත්, ඉංග්‍රීසි උගත් වරප්රසාදලත් පක්ෂය හා ජාතික-දේශප්‍රේමී ව්‍යපාර මෙහෙයවූ බෞද්ධ පක්ෂ්ය අතර මේ අවධියේ නිරන්තර ගැටුම් ඇතිවන්නට විය. මෙම ආගම්වාදී, කුලවාදී (උඩරට-පහතරට) ජාතිවාදී (ආරම්භයේදී ස්වදේශීය නමුත් සිංහල භාෂාව ඇතුළු ජාතික අදහස් ඉස්මතුවීම) විවාද කෙරුණේ පුවත්පත් සගරා මාර්ගයෙනි. මේවා ලියවුනේ සාමාන්‍ය ජනයාට වුවද තේරුම් ගතහැකි පණ්ඩිත නොවන සරල බසකිනි.මෙසේ ලියන භාෂාව සම්බන්දයෙන් විශාල පරිවර්තනයක් ඇති විය. මෙහි ප්‍රතිඵලය වූයේ, ලංකාවේ ජනයා භාවිතා කළ භාෂාවන් 20වැනි ශතවර්ෂයේ ලේඛකයන්ට නවකතා ප්‍රභන්ධයට සුදුසු සුනම්‍ය උපකරණයක් වීමය. මෙම පුවත්පත්වල හා සගරාවල පළවුණු යුරෝපීය හා පෙරදිග කථා නිසා ලාංකීය පාඨකයා තුළ නවකතා කියවීමේ රුචියක් ඇති විය. මීට අමතරව පොදු ජන ජීවිතය හා ප්‍රේම කථා ඇසුරුකොට ලියවුණු ගීත-නාටක සාහිත්‍ය ද ( නාඩගම් හා නූර්ති ) මේ කාලය වනවිට ලාංකීය පාඨකයා තුළ කතාකියවීමේ රුචිය වැඩිකරවන්නට හේතුවිය. ආගමික හා සම්භව්‍ය මුහුණුවරක් ගත් පැරණි සාහිත්‍ය ක්‍රමයෙන් වෙනස්වෙමින් දැන් පොදු ජනයා මුහුණපාන ප්‍රශ්ණ ගැටළු හා අත්දැකීම් විවරණය කරන පොදුජන සාහිත්‍යයක් බවට පත්විය. මෙලෙස සැකසුන පොෙළාව මත නවකතාව අප ලාංකීය සාහිත්‍යට පහසුවෙන් මුල්බැසගැනීමට හැකි විය.. . . . ඉතිං ඔන්න ඔහොමයි ලාංකීය නවකතාවේ සම්භවය ඇතිවුනේ. . . .අද බොහෝ නවකතාවලට පසුබිම වී ඇත්තේ පොදුජන ජීවිතයයි. ඒ නිසා ඒවා ජන සමාජය පිළිබිඹු කරන කැඩපතක් මෙන් තාත්වික බවක් ගනි. කරුණු මෙසේ වුවද අද ඇතැම් නවකතා වල ඇත්තේ තාත්විකබව ඉක්මවා යන අතිශයෝක්තියෙන් ගොතනලද ප්‍රභන්ධයන්ය. ප්‍රේම කතාන්දර ඔබ කියවා ඇත්ද ? ඇතැම්විට ඒවායේ ඇත්තේ බිදුණු විශ්වාසය හා ආත්මාර්ථකාමී ප්‍රේමය අළලා සැකසුන කාමරාගික හැගීම් අවුස්සන අන්දමේ කතා වස්තුන්ය. ත්‍රාසජනක හා අත්භූත කතා ඔබ කියවා ඇත්ද? බොහෝවිට ඒවායේ තිබෙන්නේ මනඃකල්පිත බලවේගයන්ට අසමබර ලෙස කුතුහලය දනවන කතාන්දරය.එසේ නම් නවකතාවක් කියවන කිතුණුවකු ලෙස ඔබ එය වින්දනය කළයුත්තේ කෙසේද?නවකතාව යනු තවත් සන්නිවේදන මාධ්‍යකි. නවකතාවෙන් සිදුවන්නේ, කතුවරයා දකින ලෝක දෘෂ්ඨිය (World View) පාඨකයා වෙත සන්නිවේදනය කිරීමයි.කිතුණු ඔබ දකින ලෝක දෘෂ්ඨිය කුමක්ද ?සියල්ලක්ම අනිත්‍ය බවක්ද? . . . .මරණින් පසු මතු බලාපොරොත්තුවක් ද?මනුෂ්‍ය ශරීරය යනු මේසා විශාල විශ්වයේ දිරායන අමතකවී යන තවත් එක් ඇටසැකිල්ලක් ද? . . .. . .දේව ප්‍රතිරූපය දරන උතුම් මැවිල්ලක් ද?ජීවත්වීම යනු භෞතික ජීවිතයට-ලෝකයට ඇලීමක් ද? . . .දෙවිදුන් මහිමයට පත්කරන නමස්කාරයක් ද?දුක්ගැහැට යනු කර්මවල අනිවාර්ය විපාකයක් ද? . . . දෙවිදුන්ට අකීකරුවීම නිසා ඇතිකර ගන්නාවූ ප්‍රතිඵලයක් ද?ප්‍රේමය යනු තාවකාලික ලෞකික බැදීමක් ද? . . . සදාකාලික දිව්‍යමය බැදීමක් ද?යනාදි කරැණු විමසා බැලීම අගනේය.නවකතා කතුවරයෙකු දකින ලෝක දෘෂ්ඨීය හා කිතුණුවන් ලෙස අප දකින ලෝක දෘෂ්ඨිය වෙනකර හදුනාගැනීම වටින්නේය. එපමණක් ද නොවේ, දේවරාජ්‍යයේ අංගයක් වන මිනිසාගේ සැබෑ කතාව ඇතුලත් වන නවකතාව දේව රාජ්‍යයේ වර්ධනයට ඉවහල් වන ලෙස හසුරුවාලීම ද කිතුණු අපගේ ප්‍රේමණිය වගකීමකි. පොදු ජන ජීවිතයට හා මනස විකෘති කරන අතිශයෝක්තියක් ඇති නවකතා පොත් අප විචාරයට ( විවේචනයට ) ලක් කළ යුතුය. කිතුණු අප සාහිත්‍යාංග සම්පාදනයෙදී කිතුණු නොවන ලෝක දෘෂ්ඨීන් ආමන්ත්‍රණය කිරීමෙන් වැලකිය යුතුය. නමුත් කිතුණු ලෝක දෘෂ්ඨිය මත පිහිටා අපගේ පාඨකයා වෙත ආමන්ත්‍රණය කිරීම කළයුතුය. මෙය කිතුණු අපට ඇති අභියෝගයකි. ප්‍රේමණීය වගකීමකි. ආර්ථික සමාජ හා දේශපාලනික ආතතීන්ගෙන් පීඩාවිදින ලාංකීය පාඨකයන්ට ඇමතීමට කිතුණු අප අදහන කතාපුවත කුමක්ද? දුකට හේතුවුන කර්මවලට සමාව උදාකරන කතාපුවත දුන්නේ කව්රුන්ද? මරණින් මතු බලාපොරොත්තුව උදාකරන කතාපුවත දුන්නේ කව්රුන්ද? සදාකාලික ප්‍රේමයේ උල්පත දන්නේ කව්රුන්ද?නවකතා පාඨකයාගේ දෙනෙතට නොගැටුණු මෙම “නව ” කතා පුවත, ලාංකීය නවකතාවට හදුන්වාදෙන්නේ කව්ද? මෙම “නව ” කතාව හැරුණුකොට කිතුණු අපට වෙන මොන නවකතා ද?රචනය : අයෝමා ප්‍රනාන්දු----------------------------------------------------------------------------මගුලක් කතා කරනවාප්රවීන නළු විජය නන්දසිරි මහතා ලෙස රගපෑ සිකුරු හතේ චිත්‍රපටය පුසගිය දිනවල කා අතරත් බහුල ලෙස කතාබහට ලක්වුණු නිෂ්පාදනයක් විය. එහි වූ මගුල් කපුවකුවාගේ චරිතය රගපෑවේ විජය නන්දසිරි මහතාය. ඔහු මගුල් කපුකම ගරු කටයුතු කාර්යයක් ලෙස ආඩම්බරයෙන් සැලකුවේය. මංගල ජය ඔහුගේ නම විය. ජය මංගල ගීත ගැයෙනා යුග දිවි සහකාර/සහකාරියන් කෙසේ හෝ ගැළපීම ඔහුගේ රාජකාරිය වූයෙන් ඒ සදහා ඔහු දිවා රෑ නොබලා වෙහෙසුනේය. මෙම මගුල් කපුකමේදී මංගල ජය විවිධ අකරතැබ්බයන්ට ගොදුරැවිය. එක් අවස්ථාවකදී පොරොන්දුවුන දෑවැද්ද නොලැබීම නිසා රකුසු වුණු එක් පාර්ශවයක් විසින් මංගල ජයට අපමණ ගුටිබැට දී නින්දා අවමානයට පත්කරන ලදි. තවත් අවස්ථාවකදී කෝපවූ පිරිස් ඔහුගේ නිවසටම පැමිණ තර්ජනය කරන ලදි. එවන් අවස්ථවලදී මගුල් කපුකමින් ඔහුගේ කොමිස් මුදල පවා ඔහුට නොලැබ හිස් අතින් ඒමට සිදුවිය. මෙවන් විටක දී මංගල ජය තම සුසුම් හා නොරිස්සුම් පිටකරනුයේ, “මගුලක් කතා කරනවා” යැයි තමාටම නොඉවසිල්ලෙන් කියා ගනිමිනි. එනමුත් ඔහු ආර්ථීක හිගතාවෙන් පෙලෙන්නෙක්ද නොවීය. එසේ නම් මෙතරම් දුක් මහන්සිවී ඔහු උපයනුයේ අනෙකක් නිසා නොව, තම එකම ආදරණීය දියණියගේ විවාහය සදහා දෑවැද්ද එකතු කිරීමටය. මෙය අහිංසක වෙර දැරීමක් නොවන්නේ ද?මංගල ජය සහ අපි . . .මංගල ජය මෙන් නොවූවත් ජීවිතය යන රගමඩලේදී අපද බොහෝවිට මංගල ජය චරිතය රග දක්වනවාට සැකයක් නැත. අපගේ ඉලක්කයන් හෝ දෙමව්පිය ආශාවන් හෝ සමාජ සම්මතයන් වටකරගෙන අපම දුවන අවස්ථාවන් එමටය. “අහිංසක”, “ ආදරණීය” චේතනාවන් ලෙස පෙනුණත් බෙහෝවිට ඒවා අපගේම ජීවිත වෙහෙස කරනවා නොවේද?අපගේ ජීවිත ඉලක්කය කුමක්ද? (විශ්ව විද්‍යාලය තුළ දී)තරගකාරී උසස් පෙළ විභාගයෙන් එතෙරවී විශ්ව විද්‍යාලයට ඇතුළු වන අප, නොදැනීම සමබර ජීවිත රටාවෙන් මිදී උපාධියට හෝ රැකියාවට වහල්ව හඹා යනවා නම්, ඉන් අත්වන්නේද මෙවන් ඉරණමකි. හඹා යව තරමට අපද හෙම්බත් වනු ඇත. කැමතිවූ වත් නොවූවත් දෙවියන්වහන්සේ පිරිනමන සත්‍ය මාර්ගය දෙසවන් නොගැටුනු බහුතරයක් ගැවසෙන විශ්ව විද්‍යාල භූමියෙහි ඔබත් එක් අයෙකු ෙලස දෙවියන් වහන්සේ ඔබව කැදවා ඇත්තේ උපරිම ලෙස අවුරුදු 3ක් හෝ 4ක් හෝ 5ක් සදහාය. දෙවියන් වහන්සේගේ සාක්ෂිකරුවන් වීමට අපි, අපේ කාලයෙන් කෙතරම් ප්‍රමාණයක් වැය කරන්නෙමු ද? අපගේ යහළු යෙහෙළියන්ගේ වන්දනාත්මක පක්ෂපාතී අදහස් ( උදා: ජාති භේද / පන්ති භේද / ගම-නගර භේදය/ දේශපාලන පක්ෂ භේදී අදහස් ) විමසීමට අප උනන්දු වෙනවාද? ඔවුන්ගේ ප්‍රතිචාර (ප්‍රතිඅභියෝග) හමුවේ අපේ මුල්බැසගත් (ගැඹුරු) අංකාරක අදහස් නිවැරදි කර ගන්නවාද?අපගේ ජීවිත ඉලක්කය කුමක්ද? (විශ්ව විද්‍යාලයෙන් පිටවූ පසු)උපාධිය නිමකරනවාත් සමගම නැවත අප වටකරගන්නේ කුමක්ද?බහුතර උපාධීධාරින්ගේ සිහිනය හා බහුතර ආචාර්යවරුන්ගේ මතය පරිදි සම්මතයැයි පිළිගනුයේ කෙසේ හෝ පිටරටකට ගොස් උසස් අධ්‍යාපනයක් ලබා එහිම රැදීසිටීමය. නොදැනීම කිතුණු අපගේ ඉලක්කයද අහිංසක සිහිනයද එයම වනු ඇත. අන්‍යයන් උදෙසා වැය වීම වෙනුවට තමන් උදෙසා පමණක් වැයවීමට අප ක්‍රියාත්මක වනු ඇත. සේවාවන් බොහෝ අගහිග මෙවන් රටක් අතහැර වෙනත් රටක් සොයා යෑම දේව කැමැත්ත ලෙස තවදුරටත් අප සිතනවාද ?අවුරුදු ගණනාවක් සෙවනැල්ලක් මෙන් අපට ඉගෙනගැනීමට අනුබල දුන් අපගේ ආදරණීය දෙමව්පියන්ගේ අහිංසක ආසාවද අපගේ අනාගත සුබ සිද්ධිය හා සැප පහසුවයි. පිළිගැනුණූ තත්ත්වයක් ඇති පිළිගැනුණු පුද්ගලයන් පුද්ගලයන් ගැවසෙන ආයතනයක රැකියාවක් කිරීම නොදැනීම අපගේද අහිංසක ආසාව වනු ඇත.සේවා කාර්ය්‍යක්ෂමතා ඇති බොහෝ පුද්ගල ආයතනවලට වඩා අකාර්ය්යක්ෂම රජයේ ආයතනයක කිතුණු සාක්ෂියක් වීමට දෙවියන් වහන්සේ අපව කැදවනු ඇතැයි මොහොතකට සිතුවාද?ලාංකීය සමාජය ඉදිරියේ . . . අපි කුමක් කරමුද?දැවෙන ආර්ථික ප්‍රශ්ණ අර්බුද පවතින වත්මන් ලාංකීය සමාජය ඉදිරියේ අප තවදුරටත් අපගේ ආශාවන් හා සමාජ රැල්ලට ඉඩදී ඒවා අහිංසක අවශ්‍යතාවයන් ලෙස සාධාරණිකරණය කරගනිමුද?අපි මංගල ජය නොවුනත් අප රගන රගමඩලේ කොමාවන් විය යුත්තේ නොරිස්සුම් සුසුමින් පිටකරන“මගුලක් කතාකරනවා” යන නොඉවසිලිමත් හඩද නොඑසේනම් මංගලම් ජය මංගලම් උත්සව ගී රාවයද?රචනය : අයොමා ප්‍රනාන්දු-------------------------------------------------------------------------------------යේසුස් වහන්සේ සහ සාර්ථකත්වය සාර්ථකත්වය ලෙස ඔබ විග්රහ කරන්නේ කුමක්ද? ඔබේ සාර්ථකත්වය ලෙස ඔබ දකින්නේ කුමක්ද? කෙනෙක් තමාගේ සාර්ථකත්වය ලෙස යමක් දිනාගැනීමට සිතයි. එය ලබා ගැනීමට උත්සාහා දරයි. අවසානයේ එය, එම පුද්ගලයා ලබාගත්තේ යැයි සිතමු. ඉතින් එම පුද්ගලයා ඒ ගැන තෘප්තිමත් වනු ඇත්ද? ඔහු සාර්ථක වූවා යැයි ඔබ සිතනවාද?මගේ සමීපතම මිතුරියගේ එකම අරමුණ වූයේ කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුල්වීමයි. ඇගේ අරමුණ ඇය ජය ගත්තාය. ඒ ගැන ඇය ඉතා ප්‍රීති වූවාය. නමුත් විශ්ව විද්‍යාලයට ඇතුල් වූවාට පසු ඒකත් ලැබුනාට වැඩක් නෑ යැයි මට කීවේ කළකිරුණු ස්වාභාවයකිනි.එසේ නම් බලාපොරොත්තු යමක් ලබා ගැනීම සාර්ථකත්වයද?සිතාබන්නසාර්ථකත්වය ලෙස ලෝකයා දකින්නේ කුමක්ද? ඊට කිතුණුවකගේ ව්ග්‍රහය කෙබදුද?සැබවින්ම සාර්ථකත්වය යනු යමක් ලබාගැනීමට වඩා, එය දෙස බලාපොරොත්තුවෙන් යතුව ගමන් කිරීමත්, ඒ උදෙසා ක්‍රියා කරීමත් වේ. සාර්ථකත්වය යනු අවසානයකට වඩා, අවසානයක් නොමැති ගමනකි. තවද යම් කාර්යයක් අංගසම්පූර්ණව හා අවසානය තෙක් කිරීම ගෝකයා දකින සාර්ථකත්වයයි. (මමද එසේ සිතු වෙමි.) නමුත යම් ක්‍රියාවක ආරම්භකයා ලෙස ඔබවත්, එහි දීර්ඝ ක්‍රියාකාරිත්වය සහ අවසානය සදහා වෙනත් අයත් දෙවිපියාණන් විසින් යොදා ගන්නවා ඇත. ඔබව ඊට වඩා කාර්යය භාරයක් හෝ වෙනත් ක්‍රියාවන් සදහා හෝ යොදා ගැනීමට ඉඩ ඇත. එහෙයින් වැඩක් හොදින් හෝ නරකින් අවසානය තෙක් කිරීම දෙවියන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු නොවනසේක. නමුත් බලාපොරොත්තුවෙන් ඔබ ගමන් කරන ගමනේදී සෑම ක්‍රියාවක්ම දෙවියන්වහන්සේට එකගව කිරීම, උන්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන සේක.මේ ලොකයේ ඔබ කරන්නේ කුමක්ද? අපි සොලමන් රජතුමා ගැන මදක් කලපනා කර බලමු. සොලමන් රජ්ට අවශ්‍යයි යමක් උන්වහන්සේගෙන් ඉල්ලන්න යැයි දෙවියන් වහන්සේ ඔහුට කී සේක.ඔබෙන් කෙනෙක් යමක් ඉල්ලන්න යැයි ඔබට කී විට, ඔබ එම පුද්ගලයා දෙස බලා, එබ වෙනුන් ඔහුට කුමක් සැපයිය හැකි දැයි පළමුවෙන් සිතනු ඇත. නමුත් දෙවියන් වහන්සේ සර්වබලධාරීය. උන්වහන්සේට සියල්ල සැපයිය හැක. මෙහිදී සොලමන් රජු නොපැකිලව, ඔහු යටතේ වූ රාජ්‍යය පාලනය කිරීම සදහා ඥානය ඉල්ලා සිටියේය.දැන් ඔබෙන් දෙවියන් වහන්සේ ඉල්ලන ඕනෑම දෙයක් දෙන බව පවසා, ඔබට උන්වහන්සේ ඉල්ලන්න යැයි පැවසුවහොත් ඔබ ඉල්ලන්නේ කුමක්ද? සිතා බලන්න.සොලමන් රජු එසැනින් ඔහුට අවශ්‍ය දෙය ඉල්ලීය. ( ඔබට එසේ සැණින් එසේ ඉල්ලිය හැකිද?) සැබවින්ම,එසැණින්ම, එම පිළිතුර දීමට රජුට හැකියාවක් ලැබුනේ, දෙවියන් වහන්සේ ඔහුගෙන් මෙලොව බලාපොරොත්තුවන දෙය පිළිබදව ඔහු දැන සිටි බැවිනි.ඔහුට රාජ්‍යයක් බාරදී, එය පාලනය කිරීමට බලය දී තිබුනේය. දෙවිපියාණන් ඔහුගෙන් බලාපොරොත්තු වූයේ එම කාර්යය සාර්ථක කිරීමය. සොලමන් රජුද ඔහුගේ කාර්යය හොදින් හදුනාගෙන, එය සාර්ථක කිරීමට අවශ්‍ය දේ උන්වහන්සේගෙන් ඉල්ලුවේය. ඔබට ඉහත පැනයයට පිළිතුරු දීමට අපහසු වූයේ නම්, ඒ ඇයි දැයි දැන් ඔබට වැටහෙනු ඇත. දෙවියන් වහන්සේ මෙලොවෙදී ඔබෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? උන්වහන්සේගේ රාජ්‍ය උදෙසා ඔබ ක්‍රියා කළ යුත්තේ කෙසේද? සැබවින්ම ඔබට දෙවියන් වහන්සේ බාරදී ඇති කාර්යය කුමක්ද? ඔබ හදුනාගෙ නැත.දැන්ම සිතන්න. ඔබෙන් දෙවි පියාණන් බලපොරොත්තු වන්නේ කුමක් ? ඔබ එය නිවැරදිව හදුනාගත්තා නම්, පහසුවෙන්ම ඔබට දෙවියන් වහන්සේගෙන් ඉල්ලීමට අවශ්‍ය දෙය හදුනාගත හැක.එය උන්වහන්සේගෙන් ඉල්ලීමට හැකියාවද ලැබෙනු ඇත.සොලමන් රජු ඥානය ඉල්ලීය.නමුත් අන් කිසිවක් නොඉල්ලා ඥානය ඉල්ලීම හේතුවෙන්, දෙවියන් වහන්සේ ඔහුට ඥානයද අන් සියල්ල ද දෙන්නට පොරොන්දු වූ සේක.සොලොමන් රජුට තරම් ඥානය ඇති කිසිවෙක් ඔහුට පෙර නොසිටියේය. ඉදිරියේද නොවේ යැයි ලියා තිබේ.ඔබගේ ජීවිතයේ ඔබ, විශ්ව විද්‍යාලීය සිසුවකු ලෙස ද,ලොව වෙසෙන පුද්ගලයකු ලෙස ද, දෙවියන් වහන්සේ විසින් ඔබ තුළින් බලාපොරොත්තු වන දෙය හදුනාගෙන, එය සාර්ථක කිරීමට අවශ්‍ය දෙය උන්වහන්සේගෙන් ඉල්ලූවිට, සියල්ල සපයන්නාවූ දෙවියන් වහන්නසේ විසින් ඔබේ ඉල්ලීමත්, ඔබට අවශ්‍ය අන් සියල්ලත් සපයනු ඇත.සාර්ථකත්වය යන මාතෘකාව හමුවේ අපගේ ජීවිතයට ආදර්ශය ලෙස ගත හැකි පුද්ගලයන් හතරදෙනකු පිළිබද අවධානය යොමු කරමු.ආබ්රහම්විශ්වාසයේ පියා ලෙස අප හදුන්වන මොහු දෙවියන්වහන්සේ ඉදිරියෙහි බොහෝ අවස්ථාවන්හි, බොහෝ ක්‍රියාවන්හි ආරම්භකයා නැතහොත් පුරෝගාමියා බවට පත්විය. ඔහුට ඔහු සතු වූ බොහෝ දේ අතහැර, පොරොන්දු වූ දේශය කරා ගමන් ආරම්භ කිරීමට සිදුවිය. මේ ගමනේදී ඔහු මිනිසෙකු ලෙස වැරදි ක්‍රියාවන්ද කළේය. නමුත් ඒවා තුළින් නිවැරදි දේ උගෙන, නිවැරදි මාර්ගයට පිවිසෙන්නට තරම් හේ නිහතමානී වූයේය.තවද ලොත් සමග භුමිය වෙන්කරගත් ඔහු, ලොත්ට කැමති භූමිය තොරාගන්නට ඔහුට ඉඩ හැරියේය. ලොත්, සාරවත් තණනිල්ල ජීවිතයේ සාර්ථකත්වය ලෙස දැක,සාර්ථකත්වයට කෙටි මං සොයනු වස්, ජීවිතය විනාශ කර ගත්තේය. මෙහිදී අධීක විශ්වාසයෙන් යුතුව දෙවියන් වහන්සේට කන් දීමට ද, උන්වහන්සේට ද, ඔහුගෙන් උන්වහන්සේ බලාපොරොත්තුවූ දෙය ඉටුකිරීමට ද ආබ්‍රහම් සමත්විය. එනම් යමක් දරාසිටීමේ ශක්තිය ඔහු තුළ තිබූ අතර, ඔහුෙග් ගමන කෙළවර දක්වා ගමන් කිරීමට හැකියාව ඔහු සතු විය. දෙවියන් වහන්සේ ඉදිරියෙහි සාර්ථක ජීවිතයක් ගතකළ මේ පුද්ගලයාගෙන් ඔබට උගත හැකි දේ සිතා බලන්න. ජීවිත ආදර්ශයක් ගන්නට උත්සාහ කරන්න.දානියෙල්දානියෙල් යනු. ඔහුගේ ජීවිතයේ කිසිම අවස්ථාවකදී දූෂිත දෙයක් හෝ නොසැලකිල්ලෙන් යමක් හෝ නොකල පුද්ගලයෙකි. ලෝකයා සැමවිටම බොහෝ කරුණු හමුවේ මධ්‍යස්ථව පැවතීමට බලාපොරොත්තුවේ. නැත්නම් එය සාර්ථකත්වය ලෙස දකිති. නමුත් දානියෙල් වනාහි, මධ්‍යස්ථව නොපැවත, විශිෂ්ඨත්වය කරා යෑම තම ජීවිතයෙන් විදහා දැක්වූ පුද්ගලයෙකි. සැමවිටම සත්‍යවාදී වෙමින්, නිවැරදිව ක්‍රියා කළේය. හරිදේ සහ වැරදි දේ මිශ්‍ර කර ගනිමින් වියවුල් තත්ත්වයට පත් නොවූෙය්ය. ලොව අකාර්යක්ෂමයා නිවැරදිව ක්‍රියා කරන අතර කාර්යක්ෂමයා අතින් වැරදි සිදුවීම දැකිය හැක. නමුත් දානියෙල් කාර්්යක්ෂමව,නිවැරදිව ක්‍රියාකරන්නෙක් විය.තම මුළු දිවියම දෙවියන්වහන්සේ කෙරෙහි අධික විශ්වාසයෙන් ද, උන්වහන්සේ උදෙසා ද, නොනැවතී ගමන් කරවීය.යමක විශිෂ්ඨත්වය දෙසම ගමන්කළ, හරිවැරැද්ද අතර වියවුල් නොවූ, දෙවිපියානන් කෙරෙහි විශ්වාසයෙන් යුතුව තම ජීවිතය ගෙවූ මේ පුද්ගලයාගෙන් ඔබට ගතහැකි ආදර්ශය කුමක් ද?බාර්ණබාස්මුල පටන් පාවුලුගේ සේවකයකු වූ මොහු, අන් අය යම් කාර්යයක් සදහා උනන්දු කරවීමේ පුත්‍රයෙකු ලෙස හැදින්විය හැක. එදා කිතුණුවන්ට අධික ලෙස හිරිහැර කළ පාවුල්ට යේසුස් වහන්සේ මුණ ගැසී, ඔහුගේ ඇස් අන්දවූ අවස්ථාවේදී, බාර්ණබාස් ඔහුට කරුණාව දැක්වීය. කිතුණුවන්ට කළ හිරිහැර නිසා, පාවුල් අත්හැර යාම ෙහා් ඔහු අසරණ වූ අවස්ථාවේ තනිකර යෑම බාර්ණබාස් නොකළේය. පාවුල් විසින් යේසුස් වහන්සේ ව පිළිගත්තද, කිතුණුවන් විසින් පාවුල්ව පිළිගැනීමක් නොවීය. නමුත් බාර්ණබාස් පාවුල්ගේ විපතේදී පිහිට වී ඔහු කිතුණුවාට හදුන්වාදුන්නේය. මග පෙන්නුවේය. පසුකාලීනව මාක්ට සම්බන්ධව බාර්ණබාස් හා පාවුල් අතර ඇතිවූ ගැටුමේදී, කිතුණුවන් අතර යෝධයකු මෙන් වූ පාවුල් හා විරුද්ධව බාර්ණබාස් තම මතයේ පිහිටියේය.බාර්ණබාස් කවරෙක්ද? ඔහුගේ ජීවිතයේ අභියෝග බාරගැනීමට බිය නොවූයේය. එසේම අධිමානයෙන් හෝ හීනමානයෙන් පෙළෙන්නෙකු ද නොවීය. පාවුල් අසරණවූ මොහොතේදී, ඔහු ඉදිරියේ අධිමානයෙන් හෝ පසුකාලීනව පාවුල් සමග ඇතිවූ ගැටුමේ දී හීනමානයෙන් හෝ ඔහු නොපෙලුනේය. ඔහු මිනිසා කෙරෙහි දයාවන්ත විය. මාන්නය මිනිසා පීඩනයට ලක්කරයි. මාන්නයත් මනස වියවුල් කරගැනීමත් තම ජීවිතයේ නොවූ බැවින් බාර්ණබාස් සාර්ථක ජීවිතයක් ගත කළ පුද්ගලයෙකි.ඔබට බාර්ණබාස්ගේ ජීවිතයෙන් ග. හැකි ආදර්ශය කුමක්ද? සිතා බලන්න. . . .යේසුස් වහන්සේදේව පුත්‍රයාණන් වූ යේසුස් වහන්සේ, මිනිසත් බව ගත්තේ ඇයි ? මෙය ඔබ සිතුවාද ?මිනිසා සදහා සේවය කිරීමට, ඔහුව පාපයෙන් මුදාලීමට, උන්වහන්නේ මිනිසා තුළටම පැමිණි සේක. මිනිසාට හදුනාගතහැකි අයුරින් කතා කිරීමට යේසුස් වහන්සේ මිනිසත් බව ගත්සේක. එසේ නම් ඔබටත් මටත් අනෙකාට සේවය කිරීමට, උපකාර කිරීමට, ඔහුගේ මට්ටමට. එම හැගීම් වලට ඇතුල්වීමට සිදුවේ.නැතිනම් අනෙකාට ඇති අවශ්‍යතාවය පරිදි ඔබට, උපකාර කළ නොහැක. සිතන්න අද ඔබ සුඛෝපභෝගී රථයක ගමන් ගනිද්දී, බසයක තෙරපී දහදිය හෙලාගෙන යන මගියෙකුගේ අපහසුතාවය තේරැම් ගත හැකිද? කවරදාකවත් ඔබ බසයක් තුළ ගමනේ අත්දැකීම විද නැත්නම්, ඔබට බස්රථ මගීන් ගැන කිසිදු හැගීමක් ඇති නොවනු ඇත.ඔබ කුසගින්න නොහදුනන්නේ නම්, කුසගිනි වූවෙකුට පිහිට වීමට ඔබට හැකිද ?අප දිවියේ ඇතැම් යුගයන් තුළ අප වල වැදුනාක් මෙන් අපට දැනෙනු ඇත.මෙය සූදානම් කිරීමේ කාලයයි. යේසුස් වහන්සේද මෙය අත්විදි සේක. මෙය ඔබට දෙවියන් වහන්සේ විසින් උදාකරදෙන අවස්ථාවකි. ඔබ අනෙකා නොහදුනන්නේ නම්, ඔබේ උගත්කමේ හෝ හැකියාවන්ගෙන් හෝ අනෙකාට කිසිදු පුයෝජනයක් අත් නොවනු ඇත. දෙවියන් වහන්සේද මිනිසත් බව ගෙන මිනිසාව මුදාගත්සේක.එසේනම් එබ මිනිසාව, ඔහුගේ හැගීම්, එම ජීවිතය හදුනාගත යුතුයි. විශ්ව විද්‍යාල සිසුවකු ලෙසින් විවිධ තරාතිරම් වලින් විවිධ ප්‍රදේශ හා රටවල්වලින් පැමිණි සහෝදර සහෝදරියන් ඔබට මුන ගැසෙනු ඇත. බ රැකියාවක් කිරීමට යන අවස්ථාවේදී මිනිසා හදුනාගැනීමට හැකිවන අන්දමින් ඔෙබ් රැකියා ක්ෂේත්රය තෝරා ගත හැක. මද කලකට හෝ දුෂ්කර පළාතක සේවය කිරීමෙන් මිනිසගේ අවශ්‍යතාවය ඔබහෙදුනා ගත හැක.හැකි සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජනයට ගෙනමිනිසා හදුනාගන්න. දෙවියන් වහන්සේ විසින් ඔබෙන් බලාපොරොත්තු වන කාර්යය උදෙසා පන්නරය ලබාගන්න.ඔබේ සාර්ථකත්වය විශ්ව විද්‍යාලයෙන් පිටවීමේදී උපාධිධරයෙක් හෝ උපාධිධාරියක් වීමම නොවේ.දෙවියන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා ඔබ මෙම කාලයේදී හදුනාගන්න. යේසුස් වහන්සේ තුළින් ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට මං සොයාගන්න.එම සාර්ථකත්වය උදෙසා සදවියන් වහන්සේට එකගව, උන්වහන්සේ උදෙසා ක්‍රියා කරන්න.රචනය : මහාචාර්ය අමල් කුමාරගේ මෙහෙයවූ කොළඹ පෝය දින සැසි වාරයක් ඇසුරෙන්තරංගා වික්‍රමසිංහ සිංහලට සකස්කරන ලදි.
හැදින්වීම - පෝයCLASSESමිනිසුන් එදිනෙදා ජීවිතයෙදී තීරණගන්නේ සමාජයේ එවකට පිළිගනු ලබන ප්රතිරූප අගයන් හා වටිනාකම් අනුවය. උදාහරණ වශයෙන් පවුල, අධ්‍යාපන ආයතන, මාධ්‍ය වෘත්තිකයන්(වෛද්‍යවරු ඉජිනේරුවෝ ක්‍රීඩකයෝ ගායකයෝ . . ) පිළිබද ලාංකීය සමාජ තුළ ඇති ආකල්ප දැක්විය හැක. (උදා වෛද්‍යවරයා දෙවි කෙනෙකි.)ලාංකීය සමාජය තුළ පවුල යනු පුද්ගලයනගේ ජිවතවල බොහෝදේ තීන්දු කරන අවසාන තීරණාත්මක සාධකය වේ. යුතුකම් හා වගකීම් ඉටුකිරිමේදී සියල්ල පවුල පමණක් කේන්ද්‍රකරගත් ලාංකීකයින් බාහිර සමාජය සම්බන්දයෙන් දක්වන්නේ ඉතා අඩු සැලකිල්ලකි. බාහිර සමාජය දෙස බලන්නේද පවුල කේන්ද්‍රකරගත් දෘෂ්ටියක් මත පිහිටාය. එබැවින් තමා, තම පවුල, තම නෑදෑයන්, තම වර්ගයා, තමන්ගේ සංස්කෘතිය ආගම යනාදි වශයෙන් සමාජය බෙදාගෙන ජීවත්වේ. තමාෙග් නොවන අනිත් සියල්ල පිළිබදව පමනක් විවේචනයක් ඇත.මෙවැනි සමාජයක ජීවත්වන සැම දෙනාම තමාට සිදුවන්නේ කුමක් ද කියා තෙරුම් ගැනීම ඉතා වැදගත්ය. තමා තුළ හැම අතින්ම පූර්ණවූ හැඩයක් ප්‍රත්පත්තියක් සැකසීමට නම් තමා විසින් පිළිගන්නා ප්රතිරූප අගයන් හා වටිනාකම් මිනුම්දඩු විවේචනයට භාජනය කළ යුතුය.පෝයCLASSES යනු තමා මෙතෙක් නිහඩව එකගවන, පහසුවෙන් පිළිගන්නා ප්රතිරූප වැනි බොහෝ දෑ නැවත ප්‍රශ්ණ කිරීමට ගන්නා උත්සාහයකි. එමෙන්ම ලාංකීය සමාජයක් වශයෙන් එහි අඩංගු වටිනාකම් ස්ථාපනය කිරීමේ සංවාදයක් ඇති කිරිමද අවශ්‍යවේ.
රජය මාධ්‍ය නිදහස අහිමි කරලා නෑලක්ෂ්මන් යාපා අබේවර්ධන ජනමාධ්‍ය අමාත්යමානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ආණ්ඩුවට තිබෙන චෝදනාව, ජාතික රූපවාහිනී මාධ්‍යවේදීන්ගේ ප්රශ්නය, පිල්ලයාන් පිල සමඟ ආණ්ඩුවේ තිබෙන සම්බන්ධය හා ආණ්ඩුව මහ මැතිවරණයකට යන කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබඳ, ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සමඟ කළ කතාබහකි මේ.බොහෝ අන්තර්ජාතික සංවිධාන ලංකාවේ මානව හිමිකම් පිළිබඳ දිගින් දිගටම ප්‍රශ්න කරනවා. මේ පිළිබඳ රජයට තවමත් පිළිතුරක් දෙන්න බැරි වෙලා තිබෙන බවද මින් කියවෙන්නේ ? පළමුවෙන්ම කියන්න ඕනේ ඔය සඳහන් කරන විදිහේ විශේෂ මානව හිමිකම් කඩවීමක් ලංකාවේ සිද්ධ වෙන්නේ නැහැ. විවිධ පුද්ගලයන්ට, සංවිධානවලට මානව හිමිකම් පිළිබඳ විවිධ අර්ථ කථන ඉදිරිපත් කරන්න පුළුවන්. ඔය වාර්තාවල හැටියට බැලුවොත් මානව හිමිකම් කඩවීම පිළිබඳ චෝදනාව අමෙරිකාවෙත් තියෙනවා. පේර්මදාස ජනාධිපතිතුමාගේ කාලයේ එතුමාටත් මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් චෝදනා තිබුණා. එතකොට අද දවස දිහා සාධාරණව බලන කොට මානව හිමිකම් කඩවීම ගැන අපට තිබෙන විශේෂ චෝදනාව මොකක්ද ?අපි පසුගිය අවස්ථා කිහිපයකදී දැක්කා රජයේ පාලන නොවන ප්‍රදේශවල පුද්ගලයන් පැහැරගෙන ගොස් ඝාතනය කරලා තියෙනවා. ඒ ප්‍රදේශවල විවිධ කණ්ඩායම් ගැවසෙනවා. ඒවා රජයට පාලනය කරන්න බැහැ. සාධාරණව බලද්දී මුලතිව්, කිලිනොච්චි වගේ යුදමය වාතාවරණයක් තිබෙන ප්‍රදේශවල මානව හිමිකම් කඩවීම් පාලනය කරන්න රජයට බැහැ. මානව හිමිකම් කතා කරන අය මේ සිදුවීම් මානව හිමිකම් කඩවීම් වලට දාලා. ඒවායේ වගකීම රජයට බාර ගන්න බැහැ.රජයේ පාලනය තියෙන දකුණු ප්‍රදේශවලත් ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වියුක්ත වෙලා නැහැ නේද ? මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් දකුණේ ඇති වුණු සිදුවීම් දිහා බැලුවහම ඒවා වෙනත් සම්බන්ධතා මත සිදුවුණ බව පේනවා. පසුගිය කාලයේ බුලත්කොහුපිටිය පැත්තේ තරුණයන් කිහිප දෙනෙක් මරලා දාලා තිබුණා. ඒ ගැනත් චෝදනා එල්ල වුණේ රජයටයි. ඒත් අවසානයේ හෙළිවුණේ ඒක ද්‍රවිඩ සංවිධානයක අභ්‍යන්තරයේ ඇතිවුණු ප්‍රශ්නයක ප්‍රතිඵලයක් බවයි.ඒ වාගේම සුදුපාට වෑන්වලින් පැහැරගෙන යනවා කියන එකත්, සංවිධානයකම වැඩක් කියලා හෙළි වුණා. ඒවාගේම මුස්ලිම් ජනතාවගෙන් දිගින් දිගටම කප්පම් ගැනීමක් තියෙනවා කියලා තවත් චෝදනාවක් තිබුණා. මේකත් හොයලා බලපුවාම මුස්ලිම් කණ්ඩායමකුත් සිංහල පිරිසකුත් පාතාල කණ්ඩායමකුත් සම්බන්ධ වෙලා කරන වැඩක් කියලා හෙළි වුණා.රජය මානව හිමිකම් කඩනවා කියා කිව්වත් මේ සිදුවීම් දිහා බලපුවාම මේවාට රජයේ කිසිම සම්බන්ධයක් නෑ කියලා පේනවා.මානව හිමිකම් කියන එක සරල අර්ථයකින් ගත්තොත් කියන්නේ මිනිසුන්ට නිදහසේ ජීවත්වීමේ අයිතිය කියන එකනේ. එතකොට ඒ නිදහසට රජය මොනවගේ බලපෑම් ද එල්ල කරලා තියෙන්නේ. මාධ්‍ය ක්ෂේත්රය ගත්තොත් නිදහසේ ලියන්න,කියන්න රජය ඇති කරලා තියෙන බාධාව මොකක්ද ?.මේ රටේ ජීවත් වෙන පොදු මහජනතාව දන්නවා මිනිහෙකුට පාරේ බැහැලා යන්න බැරි තරමේ විශාල ලෙස මානව හිමිකම් කඩවීමක් සිදු වෙන්නේ් නැහැ කියලා සුළු සුළු සිදුවීම් ඇති වෙන්න පුළුවන්. ඒක මම නැහැයි කියන්නේ නැහැ. ඒකටත් මම කලින් කිව්ව වගේ විවිධ හේතු තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ පසුගිය දශක දෙක තුන බලපුවාම විවිධාකාරයෙන් ආයුධ භාවිත කරන්න හුරු වුණු සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතිය තුළ විවිධ කණ්ඩායම් කි‍්‍රයාත්මක වෙන්න පුළුවන්. එත් රජය ඒවාට මැදිහත් වෙලා ඒවා පාලනය කරන්න හැම අවස්ථාවකම කි‍්‍රයා කරලා තියෙනවාඑතකොට මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් තියෙන විවිධ සංවිධානවල වාර්තා ඔබ ප්‍රතික්ෂේප කරනවාද ? මේවගේ වාර්තා ඉතිහාසය තුළ නිකුත් වුණා. ඒවායේ විවිධ රටවල් දැඩි ලෙස විවේචනය වෙලා තියෙනවා. සමහර විට මේවායේ සාධාරණ හා අසාධාරණ දේවල් තියෙනවා.මේ වාර්තා රජයක් විසින් නිකුත් කරන වාර්තා නොවෙයි. යම් යම් මතවාද දරන සංවිධානයක වාර්තායි. ඒ නිසා අපි ඒ ගැන සැලකිල්ලෙන් බලන්න ඕනේ. පසුගිය කාලයේ හියුමන් රයිට් වොච් එකෙන් නිකුත් කළ වාර්තා අරගෙන බැලුවහම ඒකෙ විවිධ රටවල් වලට වාර්තා ඉදිරිපත් වෙලා තියෙනවා. එ්වායේදී අමෙරිකාව දැඩි ලෙස විවේචනය වෙලා. ඒත් අමෙරිකාවට කරන විවේචන ඉස්මතු වෙලා එන්නේ නැහැ. හේතුව ඒක බලවත් රටක් වීමයි. ඒත් අපි වගේ රටක නම් මානව හිමිකම් කඩවීම ගැන තියෙන සුළු සිදුවීමක් පවා මහා විශාල දෙයක් ලෙස පෙන්වනවා.රජය තවමත් මාධ්‍ය නිදහස පිළිබඳ සැලකිල්ලක් දක්වලා නැති බවක් පෙනෙනවා. ඉතා කෙටි කාලයක් තුළ මාධ්‍යවේදීන්ට එල්ල වුණු ප්‍රහාරවලට රජය ගත් පියවර පිළිබඳ ක්ෂ්ත්රය තුළ එතරම් පැහැදීමක් නැහැ නේද ? මේ රටේ ඉතිහාසය තුළ මාධ්‍යවේදීන්ට විවිධ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒත් මේ පවතින වකවානුව තුළ බැලුවොත් රජය මාධ්‍ය පාලනයක් කරලා තියෙනවද ? මොකක්ද රජය කරලා තියෙන මාධ්‍ය පාලනය ? මාධ්‍යයට අපි දාලා තියෙන නීති මොනවද ? පෞද්ගලික වශයෙන් අපි කිසියම් මාධ්‍යයකට බලපෑමක් කරලා තියෙනවද ? එවැනි තත්ත්ව නැහැනේ. යම් යම් සිදුවීම් අති වෙලා තියෙනවා. ඒත් ඒවා ගැන රජයට ඇඟිල්ල දික් කරන්න බැහැ.මාධ්‍ය සම්බන්ධයෙන් සිදුවුණ ආසන්නතම සිදුවීම වුණේ ජාතික රූපවාහිනියෙයි. මේ සිදුවීම පිටුපස තවත් සිදුවීම් ගණනාවක් වෙලා තියෙනවා. පළමුවෙන්ම කියන්න ඕනේ මේ සිදුවීම මම අනුමත කරන්නේ නැහැ. ඇමැතිවරයෙක් ගිහිල්ලා මාධ්‍යයට ඇතුළු වීම වැරැදියි. ප්‍රශ්නයක් තිබුණා නම් ඒකට කටයුතු කරන්න වෙනම ක්‍රමයක් තිබුණා. ඒ ක්‍රියාදාමයෙන් පිට ගිය නිසා මේ තත්ත්වය ඇති වුණා. ඒ වගේම මෙතෙන්දි ඇමැතිවරයාගෙත් මානව හිමිකම් නැතිවෙලා තියෙනවා. පෑනෙන් ප්රකාශනයකින් කරන්න තියෙන දෙයක් වෙනත් ක්‍රම මඟින් කි‍්‍රයාත්මක කිරීම කොතරම් දුරට යුක්ති සහගතද බලන්න වෙනවා. ආවේගශීලීව යම් යම් දේ වෙන්න පුළුවන්. ඒත් ප්රකාශනයේ අයිතිය තියෙද්දී වෙනත් ක්‍රමයක් පාවිච්චි කිරීම අපි ප්‍රතික්ෂේප කරනවා. ඒවාගේම මේ සිදුවීමට මුල් වුණු පළමු කි‍්‍රයාදාමයත් අපි ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා තමයි මේ දෙවෙනි කි‍්‍රයාදාමයක් ඇති වුණේ කියලත් මම පිළිගන්නවා.මේ සිදුවීම් පිළිබඳ අපි විවිධ අවස්ථාවලදී පොලිසියට දන්වලා තියෙනවා. බැරිම අවස්ථාවේ අපි මේ ගැන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වූවා. අදාළ පාර්ශවයන් දෙක ඒ කියන්නේ රූපවාහිනී සංස්ථාවේ සියලුම වෘත්තිය සමිතිත්, ඒ අය අවිශ්වාස කරන ඇමැතිවරයාත් සමඟ මෙතෙන්දි සාකච්ඡා කළා. ඇමැතිවරයා පැහැදිලිවම පාර්ලිමේන්තුවේදීත් කියලා තියනවා මේකට තමන් සම්බන්ධ නැහැ. මේ ගැන අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වලා අදාළ පුද්ගලයන් අත් අඩංගුවට ගන්න කියලා. මේ වන විටත් පොලිස් කණ්ඩායම් තුනක් මේ ගැන කි‍්‍රයාත්මක වෙනවා. ඒ නිසා අපි අවශ්‍ය පියවර ඔය සිදුවීමේදී පමණක් නොවේ හැම අවස්ථාවකදීම අරගෙන තියෙනවා.ඔබ එසේ කීවාට පසුගිය දිනෙක අත්අඩංගුවට ගත් ජේ. එස්. තිස්සනායගම් මහතා පිළිබඳ නිසි තොරතුරු පවුලේ සාමාජිකයන්ට වත් ප්‍රකාශ නො කෙරුණු බව වාර්තා වෙනවා?මෙතෙන්දි පොලිසියේ රාජකාරියට රජය කිසිම බාධාවක් කරලා නැහැනේ. ජනාධිපතිතුමා පැහැදිලිව කියලා තියෙනවා මේ හා සම්බන්ධ වරදකරුවන් කවුද? ඒ පුද්ගලයන්ගේ තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්න කියලා. මර්වින් සිල්වා ඇමැතිතුමාගේ සිදුවීමේදීත්, ඇමැතිතුමා පසු සිදුවීම්වලට සම්බන්ධ නැහැ කියූ වේලාවේත් ජනාධිපතිතුමා කිව්වේ ඇමැතිතුමාගේ සහයෝගය පරීක්ෂණවලට තියෙනවා නම් ජනාධිපති වශයෙන් මමත් නියෝග දීලා තියෙනව නම් මොකක්ද පොලිසියට තියෙන ප්රශ්නය කියලයි. එතකොට මේ ප්‍රශ්නවලට කටයුතු කරන්න යැයි පොලිසියට ඉඩදීලා තියෙනවා ඔබ අහපු සිදුවීම සම්බන්ධයෙනුත් කටයුතු කරන්න පොලීසියට බාරදීලා තියෙනවා. මෙතෙන්දි පොලිසියට තියෙන එකම තර්කය තමයි අදාළ සාක්ෂ්යකාරයෝ මේ සම්බන්ධයෙන් සාක්ෂි දෙන්න ඉදිරිපත් නොවීම. අදාළ සාක්ෂි හොයාගන්න එක පොලිසියේ වැඩක්.මේ ආකාරයට රජය කිසිම බියක් සැකක් නැතිව අදාළ පරීක්ෂණ කරන්න පොලිසියට නිදහස ලබාදීල තියෙනවා. අප ඉදිරියට තියෙන්නේ පොලිසියේ රාජකාරියක්.මාධ්‍යවේදීන් කියන්නේ එක්තරා මට්ටමකින් සංවිධානාත්මකත් ආරක්ෂාවත් තියෙන පිරිසක් විදියට සලකන්න පු‍්‍රළුවන්. එවැනි මාධ්‍යවේදීනුත් මහමඟදී දැලිපිහිවලින් කපනවා නම් රටේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් තියෙනවා නේද?ජනතාවගේ ආරක්ෂාවට රජය ඉන්නවා. ඒකෙ වගකීමෙන් රජයට ඉවත් වෙන්න බැහැ. ඒකට විවිධ හේතු කාරණා කියන්න බැහැ. ඒත් ඔය සිද්ධියේදී ගනුදෙනුව වෙලා තියෙන්නේ පාතාලයත් එක්කයි. ඒක අපි මතක තියාගන්න ඕනේ. අපිට ඒක හංගලා කතා කරන්න බැහැනේ. එතකොට පාතාලයේ අයත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්කමක් නැහැ. ඒකට තියෙන්නේ නීතිය කි‍්‍රයාත්මක කිරීමනේ. මේ වන විට පොලිසියට නීතිය කි‍්‍රයාත්මක කරන්න උපදෙස් දීලයි තියෙන්නෙ.රූපවාහිනී සංස්ථාවේ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ තිබුණ සාකච්ඡාවට සමහර වෘත්තීය සමිතිවලට ආරාධනා කළේ නැහැ කියලත් කියනවා?වෘත්තීය සමිතිවලට සහභාගි වෙන්න අපි ඉඩදුන්නා. ඒත් මෙතෙන්දි මෙහෙම දෙයක් වුණා. ඒ රජයේ මාධ්‍ය තුළ තියෙන වෘත්තීය සමිතිවලට පමණක් සාකච්ඡාව සීමා වුණා කියලා මතයක් තිබුණු නිසා වෘත්තීය පුවත්පත් කලාවේදීන්ගේ සංගමයේ නියෝජිතයන් දෙදෙනාට සහභාගි වෙන්න ආරාධනාව ගිහිල්ලා නැහැ. හැබැයි ජනාධිපතිතුමා මේ අයට සහභාගි වෙන්න කියලා තිබුණා. ඒත් ඒ ගැන සන්නිවේදනයේදී ගැටලුවක් වෙලා තියෙනවා.ආයුධ සන්නද්ධ කණ්ඩායමක් සමඟ එකතුවෙලා කටයුතු කරලා මඩකළපු පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව ජයගත් බවට ප්‍රබල චෝදනාවක් විපක්ෂයේ කණ්ඩායම් තුළින් නැගෙනවා?ඒ චෝදනාව මම සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරනවා. ආයුධ භාවිත කළ සන්නද්ධ කණ්ඩායම් ඡන්දවලට එන්න පුළුවන්. ඒක ඉතිහාසයේ සිද්ධ වෙලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ මුලදී හිටපු ස්ථාවරයෙන් වෙනස් වෙලා ප්රජාතන්ත්රවාදයට ආවා. ඩග්ලස් දේවානන්ද ඊලමක් ඉල්ලලා රට බෙදන්න ඕනේ කියපු අයෙක්. ඔහු අද ඡන්දයට ඉදිරිපත් වෙලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්නවා.ජේ. වී. පී., ඊ. පී. ඩී. පී., ප්ලොට් වගේ සංවිධාන ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දය ඉල්ලලා පාර්ලිමේන්තු ඇවිල්ලා තියෙනවා නම්, පිල්ලයාන්ට විතරක් ඒ අයිතිය අහිමි වෙන්න හේතුවක් නැහැ. මේ රටේ වැඩියෙන් ම ත්‍රස්තවාදී කි‍්‍රයා කරන ප්රභාකරන් පක්ෂයක් ලෙස ලියාපදිංචි වෙලා ඡන්දයට ඉදිරිපත් වුණොත් අපිට ඒකට විරුද්ධ වෙන්න බැහැ. පිල්ලෙයාන් කණ්ඩායම පක්ෂයක් විදිහට ඇවිල්ලා තියෙන්නේ එතැන තියෙන වැරැද්ද මොකක්ද? මෙතෙන්දි ඔය විවිධ පිරිස් චෝදනා කරන්නේ් මේ ඡන්දයට එන්න බැරිවුණු නිසයි. ඔවුන් ඡන්දයට කලින් පූර්ව නිගමනයකට ආවා මේ ප්‍රදේශයේ මැතිවරණයක් තියන්න බැරිවෙයි කියලා. ප්රචණ්ඩත්වයක් නැතිව ඡන්දය ඉවර වුණු නිසා දැන් ඒ අය බොරු සාධක පෙන්වන්න හදනවා.සන්නද්ධ කණ්ඩායම් නායකයෝ බලයට ගෙනැල්ලා ආණ්ඩුව තවත් වර්ධරාජා පෙරුමාල් කෙනෙක්ව බිහිකරන්න ද මේ හදන්නේ?එහෙම පූර්ව නිගමන කරන්න ඕනෑම අයෙකුට පුළුවන්කම තියෙනවා. ඒත් මම ඔබෙන් අහන්නේ එදා වර්ධරාජා පෙරුමාල්ට පුළුවන් වුණාද නිජබිමක් පිහිටුවා ගන්න. නැහැ එහෙම ආයුධ සන්නද්ධ කණ්ඩායමක් වෙනම භූමියක් වෙන් කරගන්න හදනවා නම් ඒකට විරුද්ධව මධ්‍යම රජය හැටියට ආණ්ඩුවට වගකීමක් තියෙනවා කි‍්‍රයාත්මක වෙන්න.එදා වර්ධරාජා පෙරුමාල් කටයුතු කළේ ඉන්දු – ලංකා ගිවිසුමෙන් ඇති කළ තත්ත්වය මතයි. නැතිව සාධාරණ සම්පූර්ණ ඡන්දපොළට ගිහින් ඡන්දය ප්‍රකාශ කරන මැතිවරණයකින් නොවේ. ඒත් අද තිබෙන තත්ත්වය වෙනස් අද නැගෙනහිර සම්පූර්ණයෙන් ම නිදහස් කරලා තියෙනවා. නිදහස් තැනක බලය ප්‍රජාතන්ත්‍රවාදීව ලබාගන්න ඔවුන් කටයුතු කරලා තියෙන්නේ.ඔබ 17 දෙනෙකු නියෝජනය කරන ප්රජාතන්ත්රවාදී පිල එක්සත් ජාතික පක්ෂයට එකතු කර ගැනීමට කටයුතු කෙරෙන බව සමහර මාධ්‍ය වාර්තා කරලා තියෙනවා?ඒක අමූලික බොරුවක් අපි එහෙම සම්බන්ධ වෙනවා නම් අපි මේ තැන්වල ඉන්නෙත් නැහැ. අපි වැඩ කරන්නේ ජනාධිපතිතුමත් සමඟයි.ආණ්ඩුව මහ මැතිවරණයට යාමේ අදහසක් තිබෙන බවක් කියවෙනවා නේද?ආණ්ඩුවට මැතිවරණයට යන්න බැරිකමක් නැහැ. නැෙඟනහිර පළාත් සභා ඡන්දයත් තියලා උතුරත් නිදහස් කරගෙන සාමාන්‍ය ජනතාවට එහි අයිතිය ලබාදුන්නාට පස්සේ හොඳම අවස්ථාවක් බලලා ආණ්ඩුවට මැතිවරණයකට යන්න පුළුවන්. මැතිවරණයකට ආණ්ඩුව බයවෙන්න කිසිම හේතුවක් නැහැ. ආණ්ඩුව මැතිවරණයකට ගියොත් ඔබ කණ්ඩායමේ සහාය ලැබෙන්නේ කාටද?කිසි ගැටලුවක් නැහැ. අපි ආණ්ඩුවත් එක්ක ඉන්නවා.
යේසුස් වහන්සේ සහ සාර්ථකත්වයසාර්ථකත්වය ලෙස ඔබ විග්රහ කරන්නේ කුමක්ද?ඔබේ සාර්ථකත්වය ලෙස ඔබ දකින්නේ කුමක්ද?කෙනෙක් තමාගේ සාර්ථකත්වය ලෙස යමක් දිනාගැනීමට සිතයි. එය ලබා ගැනීමට උත්සාහා දරයි. අවසානයේ එය, එම පුද්ගලයා ලබාගත්තේ යැයි සිතමු.ඉතින් එම පුද්ගලයා ඒ ගැන තෘප්තිමත් වනු ඇත්ද?ඔහු සාර්ථක වූවා යැයි ඔබ සිතනවාද?මගේ සමීපතම මිතුරියගේ එකම අරමුණ වූයේ කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුල්වීමයි. ඇගේ අරමුණ ඇය ජය ගත්තාය. ඒ ගැන ඇය ඉතා ප්‍රීති වූවාය. නමුත් විශ්ව විද්‍යාලයට ඇතුල් වූවාට පසු ඒකත් ලැබුනාට වැඩක් නෑ යැයි මට කීවේ කළකිරුණු ස්වාභාවයකිනි.එසේ නම් බලාපොරොත්තු යමක් ලබා ගැනීම සාර්ථකත්වයද?සිතාබලන්න( වැඩිවිස්තර-more)පදවිය හා තන්තිරිමලය මායිම ගම්මානවල විවිධ පුද්ගලයින්ගේ ජීව්ත අත්දැකීම් පිළිබද කෙටි පිළිසඳරක්මායිම ගම්මාන ආශ්රිත වෙසෙන පුද්ගලයින් හා නගර ආශ්රිත පුද්ගලයින් අතර ජීවිත වල තිබෙන්නේ සුළුපටු වෙනසක් නොවේ. දවස පුරාම ඇසෙන දකින වෙඩි හුමාරුව සමඟ ජීවත්වෙන්නේ වෙනදෙයක් උනාවේ යන සැහැල්ලුවකින්. නමුත් එක් බෝම්බ පිපිරීමකින් නගර ආශ්රිත ජනයා බියපත්වේ. තව ටික කලක් යනවිට ඔවුනටත් වෙන දෙයක් උනාවේ යන හැඟීම ඇතිවනු ඇත්ද?(වැඩිවිස්තර-more)විද්‍යාවට හා තාක්ෂණයට හසුනොවන දේවල් මිත්‍යාවන් ලෙස ඉවත දැමිය හැකිද?යම් දෙයක් විද්‍යාත්මක යැයි කී පමණින් එය කිසිදු ප්‍රශ්ණ කිරීමකින් තොරව බාරගැනීමට සමාජය අද හුරු පුරුදු වී සිටිනවා. විද්‍යාව හා තාක්ෂණය මගින් හැමදේම ඔප්පු කර පෙන්වීමට යාම මෙයට හේතුවයි. මේ නිසා විද්‍යාවට හා තාක්ෂණයට හසුනොවන දේවල් හෝ ඔප්පුකර පෙන්වීමට නොහැකි දේවල් මිත්‍යාවන් ලෙස ඉවතදමනවා.විද්‍යාවට හා තාක්ෂණයට හසුනොවන සියල්ල මෙලෙස ඉවතදැමීමෙන් බොහෝ දෙනා සිතන්නේ විද්‍යාවට හා තාක්ෂණයට ප්රමුඛ තැනක් දියයුතු බවයි. මෙහි අන්තය වන්නේ සියළුදේට විසදුම් සෙවීමේදී ගණිත කර්ම හා ගිණුම්වලින් කෙරෙන විග්රහයන් පමණක් පිළිගෙන මේ සමාජය වඩා යහපත් කිරීමේ කාර්ය්යද ඒවාට බාරදීමයි.නමුත් ඉතිහාසය පුරාම පෙනෙන පොදු ලක්ෂනය නම් මිනිසාගේ ක්රියාකාරිත්වයන් ප්‍රධාන තැනක් ගෙන ඇතිබවයි. සමාජය යහපත් බවට පත්කිරීමේදී මිනිසාගේ විඥානය හා මිනිසාගේ කතාව හෙවත් ක්‍රියාකාරිත්වය මිථ්‍යාවන් ලෙස ඉවත දැමිය නොහැකි ක්‍රියාවන් බවයි.(වැඩිවිස්තර-more)ලාංකීකයින්ගේ පවුල් කේන්ද්‍රීය දෘෂ්ටිය ලාංකීය සමාජය තුළ පවුල යනු පුද්ගලයනගේ ජිවතවල බොහෝදේ තීන්දු කරන අවසාන තීරණාත්මක සාධකය වේ. යුතුකම් හා වගකීම් ඉටුකිරිමේදී සියල්ල පවුල පමණක් කේන්ද්‍රකරගත් ලාංකීකයින් බාහිර සමාජය සම්බන්දයෙන් දක්වන්නේ ඉතා අඩු සැලකිල්ලකි. බාහිර සමාජය දෙස බලන්නේද පවුල කේන්ද්‍රකරගත් දෘෂ්ටියක් මත පිහිටාය. එබැවින් තමා, තම පවුල, තම නෑදෑයන්, තම වර්ගයා, තමන්ගේ සංස්කෘතිය ආගම යනාදි වශයෙන් සමාජය බෙදාගෙන ජීවත්වේ. තමාෙග් නොවන අනිත් සියල්ල පිළිබදව පමනක් විවේචනයක් ඇත.(වැඩිවිස්තර-more)නව කතාව හා කිතුණුවාඅපි හැමෝම කතන්දර අහන්න ආසයි. නව කතාවක තියෙන විශේෂත්වය තමයි නවතාවය. මේි නව කතා ලාංකිය සාහිත්‍යයට ආවේ දිග ඉතිහාස ගමනක් පහු කරලයි. එහෙම ආව නව කතා කලාවෙ වත්මන් තත්වය හරිම වෙනස්. ඉතිං කිතුණු අපි නව කතාවක් කියවද්දි සැලකිලිමත් වෙන්න ඕනෙ කාරණා ගොඩයි. ඒ විතරක්ද ? කිතුණු අපිටම අනන්‍ය කතා පුවත ? ඒක නව කතාවට හඳුන්වන එකත් අපේ පේ‍්‍රමනිය වගකීමක්
කිතුණු සිංහල සාහිත්‍ය කණ්ඩායමක අතීතයශ්රී ලංකාවේ විශ්ව විද්‍යාල කීපයක් තුළ විශ්ව විද්‍යාලීය කිතුණු ශිෂ්‍ය සහොදරත්වය නමින් කිතුණු ශිෂ්‍ය ව්‍යාපාරයක් පසුගිය වසර 24 ක කාලයක් තුළ අඛණ්ඩවක්රියාත්මක වනවා. මෙහි බොහෝ කාර්යන් ඉංග්‍රීසි බසින් සිදු කිරීම ආරම්භයේ සිටම පැවති සමාන්‍ය ක්‍රමයයි.නමුත් කාලයක් ගතවන විට සිංහල හා දමිල බසින් කටයුතු කිරීමේ වැදගත්කම මතුවීම නිසා, වසර 1993 දී විශ්ව විද්‍යාලීය කිතුණු ශිෂ්‍ය සහොදරත්වයට සිංහල සාහිත්‍යයක් එක් කිරීම සිදුවී තිබෙනවා. සිංහල සාහිත්‍ය කාරක සභාවක්ද පිහිටුවා වගකීම් පවරාගෙන ක්‍රියා කර තිබෙන බව ඉතිහාසය විමසනවිට පෙණෙන කරුණක්.එතැන් සිට සිංහල බසින් පොත් හා ලිපි ලිවීම ට විශාල උනන්දුවක් ඇතිව පුද්ගලයින් ක්‍රියා කර තිබෙන අන්දම පැහැදිලිය. විශේෂයෙන් මෙම කමිටුවේ සාමාජකත්වය දැරූ 9 දෙනෙකුගෙන් 6 දෙනෙක්ම සිංහල සාහිත්‍ය කෘති ප්‍රකාශයට පත්කර තිබෙනවා. අනෙක් අයත් සිංහලෙන් හා දමිල බසින් කටයුතු කිරීමට පුරෝගාමී මෙහෙයක් ඉටුකල අයයි.
Post a Comment
වනය තුල තිබෙන මල් වනය තුලම පරවී යාමට ඉඩ දිය යුතුද?
නැත. එම මල් තව තවත් පෝෂණය කර ආනාගතයේ රටට ප්‍රයෝජන
යක් කරන සුන්දර මලක් බවට පත් කිරීම ඔබ සැමගේ යුතුකමකි.
9 comments:
oyage web aka harima lassanai
oyage web aka hrima lassanai
@ !සිහින එලි දකිමු! @
සිතුවෙමි… සමුදෙන්නට සිහිනයට
අසනි වැසි ඇද වැටෙද්දී
සිත දරාගත නොහැකි තරමට
වදන් එකිනෙක පෙළගැසෙද්දී..
විටෙක සිට කලු වළාවක මහ
හඬින් ගිගිරුම් දී වැටෙද්දී
පොළව සෝදා ගැලූ දහරින්
හැඟුනි සිත ගිය දුරක් නික්මී..
‘‘ සීයෙ කතන්දරයක් කියන්නකො ’’
රස කරපු කතන්දරයක් සීයාගෙන් අහන්න පුංචි කාලෙ අපි හැමෝම කැමතියි. එක බත් කටක් කවා ගන්න අම්මා කතන්දර කීයක් කියන්න ඇත්ද ? එකම කතන්දරේ දෙතුන් වතාවක් ඇහුවත් කතන්දර අහන්න තිබුණ ආසාව නං අඩු වුණේ නෑ කවදත්. පුංචි වුනත්, ලොකු වුණත් අපි හැමෝම කතන්දර අහන්න තවමත් ආසයි. ඒ හැම කතන්දරයකටම වැඩිය අපි හැමෝටම විශේෂ වුණු ජීවිත කතාවක් තියෙනවා. ඒකෙ තියෙන විශේෂත්වය වෙන්නෙ එකින් එකට වෙනස් වුණු අලූත් කතන්දර හැමෝටම තිබීමයි. ඒ අලූත් බව රසවත් වෙන්නෙ ඒකෙ තියෙන ස්වාධීන බව නිසායි. මිනිස්සුන්ගෙම ජීවිත, මිනිස්සුන්ගෙම අරගල, මිනිස්සුන්ගෙම ගති-පැවතුම් කලවම් වුණු මෙවන් කතන්දර වලින් තමයි නව කථාව බිහි වුණේ ෟ
නව කතාවක තියෙන විශේෂත්වය තමයි එහි තියෙන නවතාවය
එක් ප්‍රධාන චරිතයක් වට කර ගෙන, සමාජයේ විවිධ තැන් සමඟ යා කරමින් නිදහසේ ගොඩ නගන කතාවකි නව කථාව. නව කතාවට නව තාවය ලැබෙන්නේ මේ ස්වාධින බව නිසායි. සාමාන්‍ය ජිවිතයේම කතාවක් නාට්‍යයක් හා කාව්‍යක් ලෙසින් ඉදිරිපත් කරන විටයි නව කතාවක රසය වැඩි වෙන්නෙ. මේ රසය ලැබෙන්නෙ මතුපිටින් පෙනෙන දේ අභිබවා ගොස් ජීවිතයේ ගැඹුරු අදහස් හා ගැඹූරු ආශාවන් එළියට මතු කරන විටයි. මෙහෙම නව කතාවකට පාඨකයා ඉබේම බැඳී යනවා.
කිතුණු අප බැඳි යන ‘‘නව කතාව’’ දන්නවාද
මේ කතාවෙ ප්‍රධාන චරිතය තමයි යේසුස් වහන්සේ. ඒ කතාවෙ තියෙන පෙරළිකාර අවස්ථාව වන්නේ උන් වහන්සේව කුරුසිපත් කිරීමයි. එහි පාඨකයාව බැඳ තබන අමතක නොවන මොහොත තමයි මරණින් නැගිටීම. ඒත් මෙහි තියෙන චමත්කාරය වන්නේ කිසිම වැදගැම්මක් නැති බයාදු, නුගත් පිරිසක් සමාජ අයුක්තිය, අසාධාරණය හා භේදයන්ට එරෙහිව අභීතව, පේ‍්‍රමයන් නැගී සිටිමයි. එම කතාවෙ අවසානය තමයි දවසින් අලූත් වෙන බලාපොරොත්තුවයි.
මේ ‘‘නව කතාව’’ නව කතාවට හඳුන්වා දෙන්නෙ කව්රුන්ද ?
කිතුණු අපිටම අනන්‍ය වන ඉහත ‘‘ නව කතා පුවත’’ හරහා ජීවිතය, මරණය ගැන අපි දකින ලෝක ද්‍රෘෂ්ටියක් (world – view) තියෙනවා ඒ ලෝක ද්‍රෘෂ්ටිය නොකිතුණුවන් දකින ලෝක ද්රෘෂ්ටියට වඩා වෙනස් වෙනවා. වෙනත් වචන වලින් කිවහොත්, මිනිස් ශරිර කියන්නෙ දිරා යන ඇට, මස්, නහර වල එකතුවක්: පමණක් නෙවෙයිත ඒවා දෙවියන් වහන්සේගේ ප්‍රතිරූපය :සප්ටැි* දරන වටිනා මැවිල්ලක් වෙනවා. ජීවත් වීම කියන්නෙ කර්මයට විපාක ගෙවීමක් නොවෙයිත එනම් දෙවියන් වහන්සේ මහිමයට පත් කරන නමස්කාරයක් වෙනවා. පේ‍්‍රමය කියන්නෙ සංසාර ගමන දික් කරන ලෞකික බැඳිමක් නොවෙයිත එනම් පාපයන්ට දෙවියන් වහන්සේ දානය කරන කමාව පෙන්වීමේ අවස්ථාවක් වෙනවා. උපත කියන්නෙ අහඹු සිදුවීමක් නොවෙයිත එනම් දෙවියන් වහන්සේගේ මැවිල්ලලේ ක්‍රියාකාරිත්වය සමරන අවස්ථාවක් වෙනවා. අයුක්තිය, ආසාධාරණය කියන්නෙ ලොව සමබරතාවය පවත්වා ගන්නා බලවේග නොවෙයිත එනම් පාපය නිසා දෙවියන් වහන්සේට අකීකරු වීමේන් ඇති වන තත්වයක් වෙනවා. සතුට, සමාදානය කියන්නෙ යහපත් ක්‍රියා කිරීමෙන් තමන් උපයා ගන්නා ලාභ ප්‍රයෝජන නොවෙයිත එනම් දෙවියන් වහන්සේට යටහත්ව, කීකරු වීමේන් වැගිරෙන ආසිරි වෙනවා . . . . . . . .
එහෙනම් අපේ කථා පුවත නව කතාවට හඳුන්වා දිය යුත්තේ කිතුණු අපිමයි. ඒක අපේ පේ‍්‍රමනීය වගකීමක් ෟ ඒ වගේම තව කතා පොතක් කියවන විට කතෘ දකින ලෝක දුෘෂ්ටියට වහල් නොවී, කිතුණු ලෝක ද්‍රෘෂ්ටිය වෙන් කර හඳුනා ගැනීමට අපි උත්සාහ කරමු.
එත් අද නව කතා කලාව පහත් තත්වයකට වැටී තියෙනවා
මුදල් උපයන බලාපොරොත්තුවෙන් නව කතා නිර්මාණය කිරිම මෙයට හේතුවයි. එකම පොතකින් ඉදිරිපත් කරන්ට පුළුවන් කතා පුවත දික් කර, කොටස් වශයෙන් විකිණීම නිසා පාඨකයා අසහනකාරි තත්වයකට පත් කරනවා. එක් චරිතයක් වට කර කතාව ගොඩ නගනවා වෙනුවට චරිත කීපයක් එකිනෙක පටලවා නව කතාවෙ රසය නැති කරනවා. එපමණක් නොවෙයි, ස්ත්‍රි කය විකුණනවා. අනවශ්‍ය ලෙස ලිංගික ක්‍රියා විස්තර කර කාම රාග අවුස්සනවා. නව කතාවකින් සමාජයට යහපත් ආදර්ශයක් දෙනවා වෙනුවට ලිංගික ආශා, මුදල් තන්හා, බල ලෝභකම් අවුස්සා පාඨකයා නොසන්සුන් කරනවා . . . . .
කිතුණු අපි මෙවන් නව කතා පොත් ප්‍රතික්ෂේප කල යුතුය. මිනිස් ජිවිත ගොඩ නගන, සමාජය සුව කරන නව කතා පොත් නිර්මාණය කල යුතුය. එය අපට ඇති පේ‍්‍රමනිය වගකීමකි ෟ
කරුණු මෙසේ නම්, නව කතා පොත් බිහි වුණේ කොහොමදැයි දන්නවාද ?
මීට අවුරුදු ගණනාවකට පෙර ඉතිහාසට ගොස් විපරම් කරලා බලමුද ? මෙන්න මෙහෙයි නව කතා කලාව අපේ සාහිත්‍යයට ඇතුල් වුණේ ෟ
ඉතිහාසයෙන් බිඳක් . . . . .
එකමත් එක කාලෙක, බොහෝම ඉස්සර, ලංකාවේ සාහිත්‍යය පරම්පරාවට රැුගෙන ගියේ කටින් කටට කීමෙනුයි. පහු කාලෙකදී පුස් කොල පොාත් ඇති වුණා. කටින් කටට ගිය එදා සාහිත්‍යය පුස් කොල පොත් වල ලියන්නට පටන් ගත්තා.
ඉතින් මෙහෙම දියුණු වුණු සාහිත්‍යය එදා ලියැවුණේ කව්රුන්ටද ?
අද වගේ ඕනෑම වයස් කාණ්ඩයකට ඕනෑම සමාජ පංතියක ඉන්න කෙනෙකුට ඕනෑම මාතෘකාවකින් රස විඳින්ට පුළුවන් කමක් එදා සාහිත්‍යයේ තිබුණේ නෑ ෟ එදා සාහිත්‍යය ලියැවුණේ රටේ රජ්ජුරුවන්, ඇමතියන් හා සමාජයේ ඉහල පංතියේ සිටි රදළ වරුන්ගේ රස වින්දනයටයි. ඒ විතරක් නෙවෙයි, බොහෝ සාහිත්‍යය ලියැවුණේ බෞද්ධාගමට සම්බන්ධවයි.
ඇයි මෙහෙම වෙනස් තත්වයක් ?
මේකට හේතුව ඒ දවස්වල ලංකාවෙ තිබුණු සමාජ ක්‍රමයයි. අද වගේ විවෘත ආර්ථිකයක් එදා තිබුණෙ නෑ. තිබුණෙ කෘෂිකර්මය පදනම් වුණු ආර්ථිකයක්. අද වගේ කාන්තා විමුක්තියක් ගැන එදා කථා කලේ නෑ. අද සමාජයේ කාන්තාවනුත් පුරුෂයන් මෙන් අධ්‍යාපන සුදුසුකම් හා දක්ෂතා අනුව රැුකියා කරනවා. එම වැටුපෙන් පුංචි පවුල රැුක ගන්නවා. ඒත් එදා තිබුණෙ වැඩ වසම් සමාජ ක්‍රමයක්. ඉතිං ඉඩම් අයිතිව තිබුණෙ සමාජයේ ඉහළ පංතියේ සිටි රදළ වරුන්ටයි. මේ අය සුඛෝපභෝගි ජීවිත ගත කලා. සාමාන්‍ය ජනයා බොහෝ දෙනෙක් කලේ මෙම ඉඩම්වල කෘෂිකර්මය කිරිමයි. ඒ අයගේ ජිවිත බොහොම සරලව ගත කලා. රට පාලනය කල රජ්ජුරුවන්ද කෘෂිකර්මයට බොහෝ අත හිත දුන්නා. මෙහෙම තත්වයකදී රට පාලනයට රදළ වරුන්ගෙ සහාය රජ්ජුරුවන්ට අවශ්‍ය වුණා. ඒ නිසා එදා ලියැවුණු සාහිත්‍යය පෝෂණයට රජ්ජුරුවන් අනුග්‍රහය දුන්නේ ඔහුට රට පාලනයට සහාය අවශ්‍ය එනම් රාජ මඩුල්ල, ඇමතිගොල්ලො හා රදළ ජනයා ඇතුළු පිරිසගේ රස වින්දනයටයි. ඉතිං බහුතර සාමාන්‍ය ජනයාගේ රස වින්දනයට එදා සාහිත්‍යය තිබුණෙ නෑ ෟ
කෝ අද්භූත කථා ? පේ‍්‍රම කථා ? රහස් පරික්ෂක කථා ?
මේවා එදා සාහිත්‍යයේ තිබුණෙ නෑ. අද වගේ කාර්ය්ය බහුල තත්වයක් එදා සමාජයේ තිබුණෙ නෑ. අද බොහෝ දෙනෙක් අධ්‍යාත්මික වර්ධනය සොයන්නේ විවෙක කාලයක් ලැබුණු විට පමණයි. ඒත් එදා සමාජයේ පන්සලට විශේෂ තැනක් හිමි වුණා. ගමේ උස් භූමියකයි. පන්සල පිහිටා තිබුණෙ සෑම රට වැසියෙකුගේම අධ්‍යාත්මික හා අධ්‍යාපනික පිපාසය නිවා දැම්මේ පන්සලයි. මෙහෙම තත්වයකදී බෞද්ධ ආගම පෝෂණය කිරිම හා රැුක ගැනීම රජ්ජුරුවන්ගේ කටයුත්තක් වුණා. ඒ නිසායි එදා ලියැවුණු බොහෝ සාහිත්‍යය බෞද්ධාගම හා සම්බන්ධ වුණේ. බෞද්ධාගමට සම්බන්දැයි කීවාට සමහරක් සාහිත්‍ය නිර්මාණ වල බෞද්ධ සලකුණක් පමණක් තබමින් කළේ රජ්ජුරුවන්, බිසෝවරුන්, ඇමතියන් හා රදළ වරුන්ගේ ගුණ වර්ණනාවකි ෟ මෙයට හේතුව කලා කරුවාට ස්වාධීන නිර්මාණ කිරීමට තිබුණු නොහැකියාවයි.
ඇයි එදා ස්වාධින කලා කරුවො හිටියෙ නැත්තෙ ?
එදා විතරක් නොවෙයි, අදත් ස්වාධින කලාකරුවෝ දුබලයි. ඒත් අද තත්වය එදා සමාජ තත්වයට වඩා ලිහිල්ය. අද කලා කරුවෝ තමන්ගේ ස්වාධිනත්වය සීමා කරන්නේ තමන්ගේ නිෂ්පාදනයට ලාභ ලැබෙන ප්‍රකාශකයෙක් අල්ලා ගැනීමටයි. අද බොහෝ කලා කරුවන් සාහිත්‍යය නිර්මාණ කරන්නේ හුදෙක් රැුකියාවක් නිසාම නොවෙයි. බොහෝ අයගෙ එකම ආදායම් මාර්ගය සාහිත්‍යය නිර්මාණය නොවෙයි. ඒ නිසාම තමන්ගේ ස්වාධිනත්වය සාහිත්‍ය නිර්මාණයේදී තීරණය කරන්නෙ ඔවුන්මයි. ඒ නිසා සමාජයේ ඕනෑම දෙයක් නොබියව ප්‍රකාශ කිරිමට අද කලා කරුවාට හැකියාවක් තියෙනවා. අද මුද්‍රණ යන්ත්රද නවීන තාක්ෂණද තියෙන නිසා සාහිත්‍යය නිර්මාණයට විශාල වියදමක්ද යන්නේ නෑ. ඒ නිසා කලා කරුවාට තමන්ගෙ නිර්මාණ කිරිමට බාහිරින් අනුග්‍රහයක් අවශ්‍ය නෑ. අවශ්‍ය වන්නේ ගිය වියදමට ලාභ උපයා දෙන හොඳ ප්රකාශයෙක් අල්ලා ගැනිමයි.
ඒත් එදා සමාජයේ මුද්‍රණ යන්ත්‍ර තිබුණෙ නෑ. ප්‍රකාශකයෝ හිටියෙ නෑ. ලාභ ලබන්ට පොත් ලිව්වෙ නෑ. තමන්ගේ නිර්මාණ කලේ රජ්ජුරුවන්ගේ අනුග්‍රහය ඇතිවයි. මේ නිසාම එදා කලා කරුවෝ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අනුග්‍රාහකයාගේ රුචි අරුචිකම් වලට තමන්ගෙ ස්වාධිනත්වය කැප කලා. මේ නිසාම එම නිර්මාණවල ප්‍රධාන අන්තර්ගතය වුණේ අනුග්‍රහය සැපයුවන්ගේ, එනම් රජ්ජුරුවන්, බිසෝවරුන්, ඇමතියන්, රදළයන්ගේ ගුණ වර්ණතාවකි. සමහරක් විට නැති ගුණ පවා වර්ණතා කරන්ට ඔවුන්ට සිදු වුණා ෟ මේ තත්වය නොඉවසමින් නැගී සිටිය කලා කරුවෝද සිටියා. නැති මිනිස් ගුණ වර්ණතාවට වසා බුදුන්ගෙ ගුණ වර්ණනා කරමින් ‘‘ බුදුගුණ අලංකාරය’’ ලියු විදාගම හිමියෝ මෙයට උදාහරණයකි.
අද වගේ සමාජ විවරණය කරන සාහිත්‍ය නිර්මාණ එදා තිබුණෙ නෑ
අද සාහිත්‍ය නිර්මාණයක් කියවන විට ඇහෙන්නෙ මිනිසුන්ගේ සුසුම් ලෑම්යත සිතුම් පැතුම්යත ජිවන රටායත ජිවන අරගලය. ඒත් එදා නිර්මාණවලින් මේවා ඇසුණෙ නෑ ෟ දැනුණෙ නෑ ෟ කථා කෙරුණෙ නෑ ෟ එදා පැවති වැඩවසම් සමාජ ක්රමයේ හෝ රාජාණ්ඩු ක්රමයේ ඌනතා සාකච්ඡුා කෙරෙන සාහිත්‍ය නිර්මාණ එදා කලා කරුවෝ බිහි කලේ නෑ. එයට හේතු වුණේ එදා කලාකරුවො සාහිත්‍ය නිර්මාණ කලේ රජ්ජුරුවන්ගෙ අනුග්‍රහය ඇතිව වීමයි. ඒත් මේ තත්වයට භය නැතිව මුහුණ දුන් කලාකරුවොද එදා හිටියා. එදා රාජාණ්ඩු පාලනය හා වැඩවසම් සමාජ ක්‍රමය ගෙන ගිය රජජුරුවන් හා ඔහුට උපදෙස් දෙන බමුණත් උපහාසයට ලක් කරමින් නිර්මාණය කල ‘‘උමන්දාව’’ මෙයට උදාහරණයකි.
එතකොට ‘‘ස්ත්‍රිය’’ හා ‘‘පේ‍්‍රම කථා’’ හඳුන්වා තිබුණෙ කොහොමද ?
අද මෙන් නොව එදා සාහිත්‍ය නිර්මාණ වල ‘‘ ස්ති‍්‍රය’’ හඳුන්වා තිබුණෙ පුරුෂයන් වංචා කරන්ට පැමිණි මායා රූපයක් ලෙසයි. අද සාහිත්‍ය නිර්මාණවල ‘‘ස්ත්‍රිය’’ හඳුන්වන්නේ එදාට වඩා හාත්පසින් වෙනස් ලෙසයි. ඇගෙන් සමාජයට වෙන යහපත හා ඇගෙ චරිතයෙන් පුරුෂ චරිතය හැඩ ගස්වා ගැනීමට දෙන රුකුල ගැන වර්තමාන සාහිත්‍ය නිර්මාණ කථා කරනවා. එතකොට පේ‍්‍රම කථා එදා විස්තර කලේ මනුෂ්‍යත්වයේ දුර්වලකම් ලෙසයි. නැත්නම් ස්ත්‍රියගේ වසඟයට ආ කාම පුරුෂයන්ට වන දුක් ගැහැට ලෙසයි. ඒත් අද පේ‍්‍රම කථා විස්තර කරන්නෙ කාම ආශාවන් නිසා ජිවිත වලට සිදු වෙන අවුල් වියවුල් ගැනයි.
එදා බොහොමයක් කාව්‍ය නිර්මාණ කලේ සංස්කෘත භාෂාවෙන් ? ?
එදා සංස්කෘත භාෂාව ව්‍යවහාර කලේ සමාජයේ ඉහල පංතියේ සිටි රදළ වරුන්, බමුණන් හා ප්රජක පිරිස්ය. බහුතර සාමාන්‍ය ජනයා සංස්කෘත භාෂාව ව්‍යවහාර කලේ නෑ. එත් රජ්ජුරුවන්ට රට පාලනයට අවශ්‍ය ඉහල පෙලේ අයට මහේශාක්‍ය තත්වයක් දුන්නේ සාමාන්‍ය ජනයාට තේරුම් ගන්න බැරි සංස්කෘත භාෂාවෙන් සාහිත්‍ය නිර්මාණ කිරිමෙනුයි.
එහෙනම් සාහිත්‍ය හා සාමාන්‍ය ජනයා අතර පරතරයක් තිබුණා
අන්දරේ වගේ ජන කවියෙකු රාජ සභාවට කැඳවු ශී‍්‍ර නරේන්ද්‍රසිංහ රජු දවස වැනි අවස්ථා හැරුණු කොට, එදා සාහිත්‍යය හා සාමාන්‍ය ජනයා අතර විශාල පරතරයක් තිබුණා. මේ තත්වය සුව වුණේ යටත් විජිතයක් සමඟ 19 වැනි සියවසේ ඇති වුණු සමාජිය - ආර්ථික - දේශපාලන පෙරළියක් සමඟයි.
මොකක්ද අප්පේ මේ පෙරළිය ?
ඉංග්රිසින් එදා පැවති රාජකාරි ක්‍රමය අහෝසි කලා. ඉතිං කුල භේදය පදනම් වුණු වැඩවසම් සමාජ ක්‍රමයත් බිඳ වැටුණා. ඒ වෙනුවට රට පුරා තනි පාලනයක් ඇති කරන කෝල්බෲක් -කැමරන් පාලන ක්‍රමය හඳුන්වා දුන්නා. මේ නිසා රටේ හැම පුරවැසියෙක්ටම සමාන අයිතිවාසිකම් ලැබුණා. සාහිත්‍ය නිර්මාණයට රජ්ජුරුවන්ගෙන් ලැබුණු අනුග්රහයද නැවතුණා. හව්හතරක් නැති වුණු කලාකරුවෝ රාජ අනුග්‍රහය නැති වුණු නිසා රදළ වරුන් වැනි බලධාරින් සොයා ගියා. ජෝන් ඩොයිලි නම් ඉංග්‍රිසි පාලකයාගේ අනුග්‍රහය ඉල්ලූ ගජමන් නෝනා ප්‍රසිද්ධ කිවිඳිය මෙයට උදාහරණයකි. පහු කාලෙකදි මුද්‍රණ යන්ත්‍ර බිහි වුණා. ප්‍රකාශකයො ඇති වුණා. ඒත් අච්චු කන්තෝරු අයිතිකරුවන් හා ප්‍රකාශකයන් ධනවත් අය වුණේ නෑ. මේ නිසා සාහිත්‍ය නිර්මාණය හැරෙන්න වෙනත් ජීවනෝපායක් කළ නොහැකි වුණු කලාකරුවෝ තමන්ගෙ නිර්මාණ වලට අනුග්‍රහය ලබා ගන්ට ධනවත් රදළ වරුන්ටම ඇදී ගියා. සමහරක් ප්රකාශකයන්ගෙ ඇඟිලි ගැසිම් හා හිරිහැර නිසා කලාකරුවො බොහෝ අසරණ වුණා. සාහිත්‍ය නිර්මාණය කිරිමද විඩාබර වුණා. ඒත් රාජ අනුග්‍රහයෙන් නම් මිදුණා ෟ
කෘෂිකර්මය මත පදනම් වුණු රටේ ආර්ථිකය වෙනුවට ඉංග්රිසින් කෝපි හා තේ වැනි වතු වගාවන් පටන් ගත්තා. අක්කර දහස් ගණනකින් ඉඩම් ඉංග්‍රිසින්ට අයිති වෙන්න පටන් ගත්තා. මේ අතර වැඩවසම් ක්‍රමය යටතේ ඉඩම් වල කෘෂිකර්මය කරනවා වෙනුවට රජයේ රැුකියා ලබා ගැනිමට රට වැසියෝ උනන්දු වුණා. හොඳ රැුකියා ලැබුණේ ඉංග්‍රිසි දන්නා, කිතු දහම වැළඳ ගත්තවුන්ට නිසා බලපුළුවන්කම් ඇති උඩරැුටියන් ඉංග්‍රිසිය පසු පස්සේ දුවන්නට පටන් ගත්තා. මේ නිසා ක්‍රිස්තියානි පුරකයන්ටද සිංහල භාෂාව ඉගෙනීම පැත්තකින් තබා ඉංග්‍රිසි භාෂාව ඉගැන්විමට සිදු වුණා. එත් එසේ කරන්න නොහැකි වු සිංහල දරුවෝ පන්සලටයි ගුරු ගෙදරටයි වෙලා සිංහල භාෂාවන් පාලි, සංස්කෘත භාෂාවනුත්, බෞද්ධාගමත් ඉගෙන ගත්තා. කැළණියේ විද්‍යාලංකාරය (දැන් කැළණියෙ විශ්ව විද්‍යාලය* වගේ පිරිවෙන් කොළඹ අවට බෞද්ධ අධ්‍යාපනය සඳහා පිහිටුවීම මේ කාලයේ විශේෂ දෙයක් වුණා. ඒත් සිද්ධ වුණේ කිතු දහම වැළඳ ගත්, ඉංග්‍රිසි උගත් වරප්‍රසාද හිමි කර ගත්තු අයත් ජාතික හා දේශිය ව්‍යාපාර මෙහෙය වු බෞද්ධයනුත් අතර නිතර ගැටුම් ඇති විමයි. මේ ආගම් වාද කුල වාද කෙරුණේ පුවත් පත් හා සඟරා වලිනුයි. මේවා අපහාසයකින් ලියැවුණු වාද වුණා. නිසරු ප්‍රශ්න වලින් හට ගැනුණු වාද වුණා. මෙහි අවසන් ප්රථිඵලය වුණේ සිංහල භාෂාව ලිහිල් වු භාෂාවක් බවට පරිවර්තනය විමයි. එදා පැවති සම්භාව්‍ය බව භාෂාවෙන් තුරන් වුණා. සිතුවිලි හා හැඟිම් ප්‍රකාශ කිරිමේ ශක්තිය ඇති සරල භාෂාවන් බවට පත් වුණා. ඉතිං එදා සමාජයේ ඉහල පංතියට සීමා වුණු සාහිත්‍යය දැන් බොහෝ පාඨක පිරිසකට රස විඳින්ට පුළුවන් භාෂාවකින් පිවිසෙන්න පටන් ගත්තා.
මෙසේ සිදු වුණු ආර්ථික - සමාජිය - දේශපාලන පෙරලියත් සමඟ එදා පැවදි කතුවරයන් අතේ තිබුණු සාහිත්‍යය දැන් ගිහි කතුවරයන් අතට පත් වුණා ෟ දැන් එය මධ්‍යම පංතියට ප්‍රධාන ලෙස විෂය වුණු මාධ්‍යයක් බවට පත් වුණා ෟ
ඒ විතරක්ද ? නව කථාවේ උත්පත්තියද ඇති වුණා
කථා කියවන්න ආසාවක් පාඨකයා තුළ ඇති වුණේ ඉහත වාද විවාද කෙරුණු සඟරාවල පළ වුණු පෙරදිග හා යුරෝපිය කථා නිසායි. ඒ වගේම ස්වනිර්මාණ බොහෝ අඩු වු මාතර අවධිය හා වර්තමාන අවධිය අතර කාලයේ බිහි වු පරිවර්තනව නිසාද කථා කියවිමේ ආසාව වැඩි වුණා. මේ අතර කිතුණු පුජකයන් පළ කල බයිබල් පරිවර්තනද බයිබල් කථාද කිතුණු සාත්තුවරයන්ගේ ජිවිත කථාද නව කථා බිහි වීමට ආදර්ශ වුණා. කෘති ආකාරයක් ගන්නා නාඩගම් නාටක සාහිත්‍යද නව කථා බිහි වීමට රුකුල් වුණා. මේ නාටක සාහිත්‍ය වල පොදු ජන ජිවිතයෙ අත්දැකිම් හා පොදු ජන භාෂාව භාවිතා වුණා. ඉතිං ආගමික මුහුණුවරක් ගත් එදා සාහිත්‍ය වෙනස් වුණා. එය දැන් පොදු ජන ජිවිතයේ අත්දැකිම්, අරගල හා සිතුම් පැතුම් විස්තර කරන සාහිත්‍යක් බවට පත් වුණා.
ඉතිං බහුතර සාමාන්‍ය ජනයා ව්‍යවහාර කරන භාෂාවකින් ඔවුන්ට වඩාත් සමීප බවකින් නව කථාව සාහිත්‍යයට ඇතුල් වුණා. ඔවුන්ගේම ජිවිත කථා කරන ඔවුන්ගේම සාහිත්‍යයක් බවට නව කථාව පත් වුණා. එදා සාහිත්‍යත් සාමාන්‍ය ජනයත් අතර තිබුණු පරතරය දැන් සුව වුණා.
---------- රචනය- අයෝමා ප්‍රනාන්දු -------------
අපිට වෙන මොන “නව” කතා ද ?
ප්‍රසිද්ධ “අයොමා” නවකතාව ඔබ කියවා හෝ අවම වශයෙන් එය අසා හෝ ඇතියි සිතමි. ඒ වනාහි එක් ස්ත්‍රී චරිතයක් වට කොට සමාජයේ පැතිකඩක් ගැඹුරින් විගහ කරන කිර්මාණයකි. එපමණක්ද ? ප්‍රේම කථා, අද්භූත කතා, රහස් පරීක්ෂක කතා. . . අනිවාර්යයෙන්ම මින් එකක් හෝ ඔබ කියවා ඇත. සැබවින්ම නවකතාවේ සම්භවය කුමක්ද?
එකමත් එක කාලෙක බොහෝම ඉස්සර, අපේ රටේ සාහිත්‍ය මුඛපරම්පරා ගතව පැවතුණි. . . .
පසු කලෙක ඒවා පුස්කොළ පොත්වල ලියවුණි. එකල ලංකාවේ පැවතුනේ වැඩවසම් සමාජ ක්‍රමයයි. මේ අනුව රජුන්ට රට පාලනය කිරීමට ප්‍රභූ පක්ෂයේ හා පූජක පක්ෂයේ සහය අවශ්‍ය වුණි. මේ නිසා සාහිත්‍යාංග සම්පාදනයට රජු අනුග්‍රහය සැපයුයේ රජු, ඇමති, ප්‍රභූ ඇතුළු උගත් පිරිසගේ විනෝදාශ්වාදයට හා බෞද්ධ ජනයාගේ අපේක්ෂා සපුරාලීමටය. එසේ ලියවුණු බොහෝ සාහිත්යාංගවල අන්තර්ගතය වූයේ රජු, බිසෝ ඇතුළු ඇමති මණ්ඩලයේ ගුණ වර්ණනාවකි. මේ හැරුණු කොට ඇතැම් ඒවා ලියවී තිබුනේද සාමාන්‍ය ජනයා භාවිතා නොකරන සංස්කෘත භාෂාවෙනි. එහෙයින් සාමාන්‍ය ජනයා උදෙසා ලියවුණු සාහිත්‍යාංග ඉතා දුර්ලභ විය. සාමාන්‍ය ජනයා ජීවත්වීමට කරන අරගලය ගැන කතා කෙරෙන සාහිත්‍යාංග නොවීය. ඔවුන්ගේ භාෂා දැනුමද පහළ මට්ටමක පැවතුණි. මේ නිසා පැරණි ලාංකීය සාහිත්‍ය හා සාමාන්‍ය ජනයා අතර දුරස්බවක් ( පරතරයක් ) ඇති විය.
මේ තත්ත්වය කණපිට පෙරලුනේ යටත් විජිතයන් සමග ඇතිවූ විශාල සමාජ, ආර්ථික හා දේශපාලන පෙරළියත් සමගය. මෙකල රජයේ රැකියා ලබාගැනීමට බලපුලුවන්කාරකම් ඇත්තාවුන් විශේෂයෙන් උඩරැටියන් සිංහලය පසෙක ලා ඉංග්‍රීසිය පසුපස දිවූහ. කිතුදහම වැළදගත්, ඉංග්‍රීසි උගත් වරප්රසාදලත් පක්ෂය හා ජාතික-දේශප්‍රේමී ව්‍යපාර මෙහෙයවූ බෞද්ධ පක්ෂ්ය අතර මේ අවධියේ නිරන්තර ගැටුම් ඇතිවන්නට විය. මෙම ආගම්වාදී, කුලවාදී (උඩරට-පහතරට) ජාතිවාදී (ආරම්භයේදී ස්වදේශීය නමුත් සිංහල භාෂාව ඇතුළු ජාතික අදහස් ඉස්මතුවීම) විවාද කෙරුණේ පුවත්පත් සගරා මාර්ගයෙනි. මේවා ලියවුනේ සාමාන්‍ය ජනයාට වුවද තේරුම් ගතහැකි පණ්ඩිත නොවන සරල බසකිනි.
මෙසේ ලියන භාෂාව සම්බන්දයෙන් විශාල පරිවර්තනයක් ඇති විය. මෙහි ප්‍රතිඵලය වූයේ, ලංකාවේ ජනයා භාවිතා කළ භාෂාවන් 20වැනි ශතවර්ෂයේ ලේඛකයන්ට නවකතා ප්‍රභන්ධයට සුදුසු සුනම්‍ය උපකරණයක් වීමය. මෙම පුවත්පත්වල හා සගරාවල පළවුණු යුරෝපීය හා පෙරදිග කථා නිසා ලාංකීය පාඨකයා තුළ නවකතා කියවීමේ රුචියක් ඇති විය. මීට අමතරව පොදු ජන ජීවිතය හා ප්‍රේම කථා ඇසුරුකොට ලියවුණු ගීත-නාටක සාහිත්‍ය ද ( නාඩගම් හා නූර්ති ) මේ කාලය වනවිට ලාංකීය පාඨකයා තුළ කතාකියවීමේ රුචිය වැඩිකරවන්නට හේතුවිය. ආගමික හා සම්භව්‍ය මුහුණුවරක් ගත් පැරණි සාහිත්‍ය ක්‍රමයෙන් වෙනස්වෙමින් දැන් පොදු ජනයා මුහුණපාන ප්‍රශ්ණ ගැටළු හා අත්දැකීම් විවරණය කරන පොදුජන සාහිත්‍යයක් බවට පත්විය. මෙලෙස සැකසුන පොෙළාව මත නවකතාව අප ලාංකීය සාහිත්‍යට පහසුවෙන් මුල්බැසගැනීමට හැකි විය.
. . . . ඉතිං ඔන්න ඔහොමයි ලාංකීය නවකතාවේ සම්භවය ඇතිවුනේ. . . .
අද බොහෝ නවකතාවලට පසුබිම වී ඇත්තේ පොදුජන ජීවිතයයි. ඒ නිසා ඒවා ජන සමාජය පිළිබිඹු කරන කැඩපතක් මෙන් තාත්වික බවක් ගනි. කරුණු මෙසේ වුවද අද ඇතැම් නවකතා වල ඇත්තේ තාත්විකබව ඉක්මවා යන අතිශයෝක්තියෙන් ගොතනලද ප්‍රභන්ධයන්ය. ප්‍රේම කතාන්දර ඔබ කියවා ඇත්ද ? ඇතැම්විට ඒවායේ ඇත්තේ බිදුණු විශ්වාසය හා ආත්මාර්ථකාමී ප්‍රේමය අළලා සැකසුන කාමරාගික හැගීම් අවුස්සන අන්දමේ කතා වස්තුන්ය. ත්‍රාසජනක හා අත්භූත කතා ඔබ කියවා ඇත්ද? බොහෝවිට ඒවායේ තිබෙන්නේ මනඃකල්පිත බලවේගයන්ට අසමබර ලෙස කුතුහලය දනවන කතාන්දරය.
එසේ නම් නවකතාවක් කියවන කිතුණුවකු ලෙස ඔබ එය වින්දනය කළයුත්තේ කෙසේද?
නවකතාව යනු තවත් සන්නිවේදන මාධ්‍යකි. නවකතාවෙන් සිදුවන්නේ, කතුවරයා දකින ලෝක දෘෂ්ඨිය (World View) පාඨකයා වෙත සන්නිවේදනය කිරීමයි.
කිතුණු ඔබ දකින ලෝක දෘෂ්ඨිය කුමක්ද ?
සියල්ලක්ම අනිත්‍ය බවක්ද? . . . .මරණින් පසු මතු බලාපොරොත්තුවක් ද?
මනුෂ්‍ය ශරීරය යනු මේසා විශාල විශ්වයේ දිරායන අමතකවී යන තවත් එක් ඇටසැකිල්ලක් ද? . . .
. . .දේව ප්‍රතිරූපය දරන උතුම් මැවිල්ලක් ද?
ජීවත්වීම යනු භෞතික ජීවිතයට-ලෝකයට ඇලීමක් ද? . . .දෙවිදුන් මහිමයට පත්කරන නමස්කාරයක් ද?
දුක්ගැහැට යනු කර්මවල අනිවාර්ය විපාකයක් ද? . . . දෙවිදුන්ට අකීකරුවීම නිසා ඇතිකර ගන්නාවූ ප්‍රතිඵලයක් ද?
ප්‍රේමය යනු තාවකාලික ලෞකික බැදීමක් ද? . . . සදාකාලික දිව්‍යමය බැදීමක් ද?
යනාදි කරැණු විමසා බැලීම අගනේය.
නවකතා කතුවරයෙකු දකින ලෝක දෘෂ්ඨීය හා කිතුණුවන් ලෙස අප දකින ලෝක දෘෂ්ඨිය වෙනකර හදුනාගැනීම වටින්නේය. එපමණක් ද නොවේ, දේවරාජ්‍යයේ අංගයක් වන මිනිසාගේ සැබෑ කතාව ඇතුලත් වන නවකතාව දේව රාජ්‍යයේ වර්ධනයට ඉවහල් වන ලෙස හසුරුවාලීම ද කිතුණු අපගේ ප්‍රේමණිය වගකීමකි. පොදු ජන ජීවිතයට හා මනස විකෘති කරන අතිශයෝක්තියක් ඇති නවකතා පොත් අප විචාරයට ( විවේචනයට ) ලක් කළ යුතුය. කිතුණු අප සාහිත්‍යාංග සම්පාදනයෙදී කිතුණු නොවන ලෝක දෘෂ්ඨීන් ආමන්ත්‍රණය කිරීමෙන් වැලකිය යුතුය. නමුත් කිතුණු ලෝක දෘෂ්ඨිය මත පිහිටා අපගේ පාඨකයා වෙත ආමන්ත්‍රණය කිරීම කළයුතුය. මෙය කිතුණු අපට ඇති අභියෝගයකි. ප්‍රේමණීය වගකීමකි. ආර්ථික සමාජ හා දේශපාලනික ආතතීන්ගෙන් පීඩාවිදින ලාංකීය පාඨකයන්ට ඇමතීමට කිතුණු අප අදහන කතාපුවත කුමක්ද? දුකට හේතුවුන කර්මවලට සමාව උදාකරන කතාපුවත දුන්නේ කව්රුන්ද? මරණින් මතු බලාපොරොත්තුව උදාකරන කතාපුවත දුන්නේ කව්රුන්ද? සදාකාලික ප්‍රේමයේ උල්පත දන්නේ කව්රුන්ද?
නවකතා පාඨකයාගේ දෙනෙතට නොගැටුණු මෙම “නව ” කතා පුවත, ලාංකීය නවකතාවට හදුන්වාදෙන්නේ කව්ද? මෙම “නව ” කතාව හැරුණුකොට කිතුණු අපට වෙන මොන නවකතා ද?
රචනය : අයෝමා ප්‍රනාන්දු
----------------------------------------------------------------------------
මගුලක් කතා කරනවා
ප්‍රවීන නළු විජය නන්දසිරි මහතා ලෙස රගපෑ සිකුරු හතේ චිත්‍රපටය පුසගිය දිනවල කා අතරත් බහුල ලෙස කතාබහට ලක්වුණු නිෂ්පාදනයක් විය. එහි වූ මගුල් කපුවකුවාගේ චරිතය රගපෑවේ විජය නන්දසිරි මහතාය. ඔහු මගුල් කපුකම ගරු කටයුතු කාර්යයක් ලෙස ආඩම්බරයෙන් සැලකුවේය. මංගල ජය ඔහුගේ නම විය. ජය මංගල ගීත ගැයෙනා යුග දිවි සහකාර/සහකාරියන් කෙසේ හෝ ගැළපීම ඔහුගේ රාජකාරිය වූයෙන් ඒ සදහා ඔහු දිවා රෑ නොබලා වෙහෙසුනේය. මෙම මගුල් කපුකමේදී මංගල ජය විවිධ අකරතැබ්බයන්ට ගොදුරැවිය. එක් අවස්ථාවකදී පොරොන්දුවුන දෑවැද්ද නොලැබීම නිසා රකුසු වුණු එක් පාර්ශවයක් විසින් මංගල ජයට අපමණ ගුටිබැට දී නින්දා අවමානයට පත්කරන ලදි. තවත් අවස්ථාවකදී කෝපවූ පිරිස් ඔහුගේ නිවසටම පැමිණ තර්ජනය කරන ලදි. එවන් අවස්ථවලදී මගුල් කපුකමින් ඔහුගේ කොමිස් මුදල පවා ඔහුට නොලැබ හිස් අතින් ඒමට සිදුවිය. මෙවන් විටක දී මංගල ජය තම සුසුම් හා නොරිස්සුම් පිටකරනුයේ, “මගුලක් කතා කරනවා” යැයි තමාටම නොඉවසිල්ලෙන් කියා ගනිමිනි. එනමුත් ඔහු ආර්ථීක හිගතාවෙන් පෙලෙන්නෙක්ද නොවීය. එසේ නම් මෙතරම් දුක් මහන්සිවී ඔහු උපයනුයේ අනෙකක් නිසා නොව, තම එකම ආදරණීය දියණියගේ විවාහය සදහා දෑවැද්ද එකතු කිරීමටය. මෙය අහිංසක වෙර දැරීමක් නොවන්නේ ද?
මංගල ජය සහ අපි . . .
මංගල ජය මෙන් නොවූවත් ජීවිතය යන රගමඩලේදී අපද බොහෝවිට මංගල ජය චරිතය රග දක්වනවාට සැකයක් නැත. අපගේ ඉලක්කයන් හෝ දෙමව්පිය ආශාවන් හෝ සමාජ සම්මතයන් වටකරගෙන අපම දුවන අවස්ථාවන් එමටය. “අහිංසක”, “ ආදරණීය” චේතනාවන් ලෙස පෙනුණත් බෙහෝවිට ඒවා අපගේම ජීවිත වෙහෙස කරනවා නොවේද?
අපගේ ජීවිත ඉලක්කය කුමක්ද? (විශ්ව විද්‍යාලය තුළ දී)
තරගකාරී උසස් පෙළ විභාගයෙන් එතෙරවී විශ්ව විද්‍යාලයට ඇතුළු වන අප, නොදැනීම සමබර ජීවිත රටාවෙන් මිදී උපාධියට හෝ රැකියාවට වහල්ව හඹා යනවා නම්, ඉන් අත්වන්නේද මෙවන් ඉරණමකි. හඹා යව තරමට අපද හෙම්බත් වනු ඇත. කැමතිවූ වත් නොවූවත් දෙවියන්වහන්සේ පිරිනමන සත්‍ය මාර්ගය දෙසවන් නොගැටුනු බහුතරයක් ගැවසෙන විශ්ව විද්‍යාල භූමියෙහි ඔබත් එක් අයෙකු ෙලස දෙවියන් වහන්සේ ඔබව කැදවා ඇත්තේ උපරිම ලෙස අවුරුදු 3ක් හෝ 4ක් හෝ 5ක් සදහාය. දෙවියන් වහන්සේගේ සාක්ෂිකරුවන් වීමට අපි, අපේ කාලයෙන් කෙතරම් ප්‍රමාණයක් වැය කරන්නෙමු ද? අපගේ යහළු යෙහෙළියන්ගේ වන්දනාත්මක පක්ෂපාතී අදහස් ( උදා: ජාති භේද / පන්ති භේද / ගම-නගර භේදය/ දේශපාලන පක්ෂ භේදී අදහස් ) විමසීමට අප උනන්දු වෙනවාද? ඔවුන්ගේ ප්‍රතිචාර (ප්‍රතිඅභියෝග) හමුවේ අපේ මුල්බැසගත් (ගැඹුරු) අංකාරක අදහස් නිවැරදි කර ගන්නවාද?
අපගේ ජීවිත ඉලක්කය කුමක්ද? (විශ්ව විද්‍යාලයෙන් පිටවූ පසු)
උපාධිය නිමකරනවාත් සමගම නැවත අප වටකරගන්නේ කුමක්ද?
බහුතර උපාධීධාරින්ගේ සිහිනය හා බහුතර ආචාර්යවරුන්ගේ මතය පරිදි සම්මතයැයි පිළිගනුයේ කෙසේ හෝ පිටරටකට ගොස් උසස් අධ්‍යාපනයක් ලබා එහිම රැදීසිටීමය. නොදැනීම කිතුණු අපගේ ඉලක්කයද අහිංසක සිහිනයද එයම වනු ඇත. අන්‍යයන් උදෙසා වැය වීම වෙනුවට තමන් උදෙසා පමණක් වැයවීමට අප ක්‍රියාත්මක වනු ඇත. සේවාවන් බොහෝ අගහිග මෙවන් රටක් අතහැර වෙනත් රටක් සොයා යෑම දේව කැමැත්ත ලෙස තවදුරටත් අප සිතනවාද ?
අවුරුදු ගණනාවක් සෙවනැල්ලක් මෙන් අපට ඉගෙනගැනීමට අනුබල දුන් අපගේ ආදරණීය දෙමව්පියන්ගේ අහිංසක ආසාවද අපගේ අනාගත සුබ සිද්ධිය හා සැප පහසුවයි. පිළිගැනුණූ තත්ත්වයක් ඇති පිළිගැනුණු පුද්ගලයන් පුද්ගලයන් ගැවසෙන ආයතනයක රැකියාවක් කිරීම නොදැනීම අපගේද අහිංසක ආසාව වනු ඇත.සේවා කාර්ය්‍යක්ෂමතා ඇති බොහෝ පුද්ගල ආයතනවලට වඩා අකාර්ය්යක්ෂම රජයේ ආයතනයක කිතුණු සාක්ෂියක් වීමට දෙවියන් වහන්සේ අපව කැදවනු ඇතැයි මොහොතකට සිතුවාද?
ලාංකීය සමාජය ඉදිරියේ . . . අපි කුමක් කරමුද?
දැවෙන ආර්ථික ප්‍රශ්ණ අර්බුද පවතින වත්මන් ලාංකීය සමාජය ඉදිරියේ අප තවදුරටත් අපගේ ආශාවන් හා සමාජ රැල්ලට ඉඩදී ඒවා අහිංසක අවශ්‍යතාවයන් ලෙස සාධාරණිකරණය කරගනිමුද?
අපි මංගල ජය නොවුනත් අප රගන රගමඩලේ කොමාවන් විය යුත්තේ නොරිස්සුම් සුසුමින් පිටකරන
“මගුලක් කතාකරනවා” යන නොඉවසිලිමත් හඩද නොඑසේනම් මංගලම් ජය මංගලම් උත්සව ගී රාවයද?
රචනය : අයොමා ප්‍රනාන්දු
-------------------------------------------------------------------------------------
යේසුස් වහන්සේ සහ සාර්ථකත්වය
සාර්ථකත්වය ලෙස ඔබ විග්රහ කරන්නේ කුමක්ද? ඔබේ සාර්ථකත්වය ලෙස ඔබ දකින්නේ කුමක්ද? කෙනෙක් තමාගේ සාර්ථකත්වය ලෙස යමක් දිනාගැනීමට සිතයි. එය ලබා ගැනීමට උත්සාහා දරයි. අවසානයේ එය, එම පුද්ගලයා ලබාගත්තේ යැයි සිතමු. ඉතින් එම පුද්ගලයා ඒ ගැන තෘප්තිමත් වනු ඇත්ද? ඔහු සාර්ථක වූවා යැයි ඔබ සිතනවාද?
මගේ සමීපතම මිතුරියගේ එකම අරමුණ වූයේ කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුල්වීමයි. ඇගේ අරමුණ ඇය ජය ගත්තාය. ඒ ගැන ඇය ඉතා ප්‍රීති වූවාය. නමුත් විශ්ව විද්‍යාලයට ඇතුල් වූවාට පසු ඒකත් ලැබුනාට වැඩක් නෑ යැයි මට කීවේ කළකිරුණු ස්වාභාවයකිනි.
එසේ නම් බලාපොරොත්තු යමක් ලබා ගැනීම සාර්ථකත්වයද?
සිතාබන්න
සාර්ථකත්වය ලෙස ලෝකයා දකින්නේ කුමක්ද? ඊට කිතුණුවකගේ ව්ග්‍රහය කෙබදුද?
සැබවින්ම සාර්ථකත්වය යනු යමක් ලබාගැනීමට වඩා, එය දෙස බලාපොරොත්තුවෙන් යතුව ගමන් කිරීමත්, ඒ උදෙසා ක්‍රියා කරීමත් වේ. සාර්ථකත්වය යනු අවසානයකට වඩා, අවසානයක් නොමැති ගමනකි. තවද යම් කාර්යයක් අංගසම්පූර්ණව හා අවසානය තෙක් කිරීම ගෝකයා දකින සාර්ථකත්වයයි. (මමද එසේ සිතු වෙමි.) නමුත යම් ක්‍රියාවක ආරම්භකයා ලෙස ඔබවත්, එහි දීර්ඝ ක්‍රියාකාරිත්වය සහ අවසානය සදහා වෙනත් අයත් දෙවිපියාණන් විසින් යොදා ගන්නවා ඇත. ඔබව ඊට වඩා කාර්යය භාරයක් හෝ වෙනත් ක්‍රියාවන් සදහා හෝ යොදා ගැනීමට ඉඩ ඇත. එහෙයින් වැඩක් හොදින් හෝ නරකින් අවසානය තෙක් කිරීම දෙවියන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු නොවනසේක. නමුත් බලාපොරොත්තුවෙන් ඔබ ගමන් කරන ගමනේදී සෑම ක්‍රියාවක්ම දෙවියන්වහන්සේට එකගව කිරීම, උන්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන සේක.
මේ ලොකයේ ඔබ කරන්නේ කුමක්ද? අපි සොලමන් රජතුමා ගැන මදක් කලපනා කර බලමු. සොලමන් රජ්ට අවශ්‍යයි යමක් උන්වහන්සේගෙන් ඉල්ලන්න යැයි දෙවියන් වහන්සේ ඔහුට කී සේක.ඔබෙන් කෙනෙක් යමක් ඉල්ලන්න යැයි ඔබට කී විට, ඔබ එම පුද්ගලයා දෙස බලා, එබ වෙනුන් ඔහුට කුමක් සැපයිය හැකි දැයි පළමුවෙන් සිතනු ඇත. නමුත් දෙවියන් වහන්සේ සර්වබලධාරීය. උන්වහන්සේට සියල්ල සැපයිය හැක. මෙහිදී සොලමන් රජු නොපැකිලව, ඔහු යටතේ වූ රාජ්‍යය පාලනය කිරීම සදහා ඥානය ඉල්ලා සිටියේය.
දැන් ඔබෙන් දෙවියන් වහන්සේ ඉල්ලන ඕනෑම දෙයක් දෙන බව පවසා, ඔබට උන්වහන්සේ ඉල්ලන්න යැයි පැවසුවහොත් ඔබ ඉල්ලන්නේ කුමක්ද? සිතා බලන්න.
සොලමන් රජු එසැනින් ඔහුට අවශ්‍ය දෙය ඉල්ලීය. ( ඔබට එසේ සැණින් එසේ ඉල්ලිය හැකිද?) සැබවින්ම,එසැණින්ම, එම පිළිතුර දීමට රජුට හැකියාවක් ලැබුනේ, දෙවියන් වහන්සේ ඔහුගෙන් මෙලොව බලාපොරොත්තුවන දෙය පිළිබදව ඔහු දැන සිටි බැවිනි.
ඔහුට රාජ්‍යයක් බාරදී, එය පාලනය කිරීමට බලය දී තිබුනේය. දෙවිපියාණන් ඔහුගෙන් බලාපොරොත්තු වූයේ එම කාර්යය සාර්ථක කිරීමය. සොලමන් රජුද ඔහුගේ කාර්යය හොදින් හදුනාගෙන, එය සාර්ථක කිරීමට අවශ්‍ය දේ උන්වහන්සේගෙන් ඉල්ලුවේය. ඔබට ඉහත පැනයයට පිළිතුරු දීමට අපහසු වූයේ නම්, ඒ ඇයි දැයි දැන් ඔබට වැටහෙනු ඇත. දෙවියන් වහන්සේ මෙලොවෙදී ඔබෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? උන්වහන්සේගේ රාජ්‍ය උදෙසා ඔබ ක්‍රියා කළ යුත්තේ කෙසේද? සැබවින්ම ඔබට දෙවියන් වහන්සේ බාරදී ඇති කාර්යය කුමක්ද? ඔබ හදුනාගෙ නැත.
දැන්ම සිතන්න. ඔබෙන් දෙවි පියාණන් බලපොරොත්තු වන්නේ කුමක් ? ඔබ එය නිවැරදිව හදුනාගත්තා නම්, පහසුවෙන්ම ඔබට දෙවියන් වහන්සේගෙන් ඉල්ලීමට අවශ්‍ය දෙය හදුනාගත හැක.එය උන්වහන්සේගෙන් ඉල්ලීමට හැකියාවද ලැබෙනු ඇත.
සොලමන් රජු ඥානය ඉල්ලීය.නමුත් අන් කිසිවක් නොඉල්ලා ඥානය ඉල්ලීම හේතුවෙන්, දෙවියන් වහන්සේ ඔහුට ඥානයද අන් සියල්ල ද දෙන්නට පොරොන්දු වූ සේක.
සොලොමන් රජුට තරම් ඥානය ඇති කිසිවෙක් ඔහුට පෙර නොසිටියේය. ඉදිරියේද නොවේ යැයි ලියා තිබේ.
ඔබගේ ජීවිතයේ ඔබ, විශ්ව විද්‍යාලීය සිසුවකු ලෙස ද,ලොව වෙසෙන පුද්ගලයකු ලෙස ද, දෙවියන් වහන්සේ විසින් ඔබ තුළින් බලාපොරොත්තු වන දෙය හදුනාගෙන, එය සාර්ථක කිරීමට අවශ්‍ය දෙය උන්වහන්සේගෙන් ඉල්ලූවිට, සියල්ල සපයන්නාවූ දෙවියන් වහන්නසේ විසින් ඔබේ ඉල්ලීමත්, ඔබට අවශ්‍ය අන් සියල්ලත් සපයනු ඇත.
සාර්ථකත්වය යන මාතෘකාව හමුවේ අපගේ ජීවිතයට ආදර්ශය ලෙස ගත හැකි පුද්ගලයන් හතරදෙනකු පිළිබද අවධානය යොමු කරමු.
ආබ්‍රහම්
විශ්වාසයේ පියා ලෙස අප හදුන්වන මොහු දෙවියන්වහන්සේ ඉදිරියෙහි බොහෝ අවස්ථාවන්හි, බොහෝ ක්‍රියාවන්හි ආරම්භකයා නැතහොත් පුරෝගාමියා බවට පත්විය. ඔහුට ඔහු සතු වූ බොහෝ දේ අතහැර, පොරොන්දු වූ දේශය කරා ගමන් ආරම්භ කිරීමට සිදුවිය. මේ ගමනේදී ඔහු මිනිසෙකු ලෙස වැරදි ක්‍රියාවන්ද කළේය. නමුත් ඒවා තුළින් නිවැරදි දේ උගෙන, නිවැරදි මාර්ගයට පිවිසෙන්නට තරම් හේ නිහතමානී වූයේය.
තවද ලොත් සමග භුමිය වෙන්කරගත් ඔහු, ලොත්ට කැමති භූමිය තොරාගන්නට ඔහුට ඉඩ හැරියේය. ලොත්, සාරවත් තණනිල්ල ජීවිතයේ සාර්ථකත්වය ලෙස දැක,සාර්ථකත්වයට කෙටි මං සොයනු වස්, ජීවිතය විනාශ කර ගත්තේය. මෙහිදී අධීක විශ්වාසයෙන් යුතුව දෙවියන් වහන්සේට කන් දීමට ද, උන්වහන්සේට ද, ඔහුගෙන් උන්වහන්සේ බලාපොරොත්තුවූ දෙය ඉටුකිරීමට ද ආබ්‍රහම් සමත්විය. එනම් යමක් දරාසිටීමේ ශක්තිය ඔහු තුළ තිබූ අතර, ඔහුෙග් ගමන කෙළවර දක්වා ගමන් කිරීමට හැකියාව ඔහු සතු විය. දෙවියන් වහන්සේ ඉදිරියෙහි සාර්ථක ජීවිතයක් ගතකළ මේ පුද්ගලයාගෙන් ඔබට උගත හැකි දේ සිතා බලන්න. ජීවිත ආදර්ශයක් ගන්නට උත්සාහ කරන්න.
දානියෙල්
දානියෙල් යනු. ඔහුගේ ජීවිතයේ කිසිම අවස්ථාවකදී දූෂිත දෙයක් හෝ නොසැලකිල්ලෙන් යමක් හෝ නොකල පුද්ගලයෙකි. ලෝකයා සැමවිටම බොහෝ කරුණු හමුවේ මධ්‍යස්ථව පැවතීමට බලාපොරොත්තුවේ. නැත්නම් එය සාර්ථකත්වය ලෙස දකිති. නමුත් දානියෙල් වනාහි, මධ්‍යස්ථව නොපැවත, විශිෂ්ඨත්වය කරා යෑම තම ජීවිතයෙන් විදහා දැක්වූ පුද්ගලයෙකි. සැමවිටම සත්‍යවාදී වෙමින්, නිවැරදිව ක්‍රියා කළේය. හරිදේ සහ වැරදි දේ මිශ්‍ර කර ගනිමින් වියවුල් තත්ත්වයට පත් නොවූෙය්ය. ලොව අකාර්යක්ෂමයා නිවැරදිව ක්‍රියා කරන අතර කාර්යක්ෂමයා අතින් වැරදි සිදුවීම දැකිය හැක. නමුත් දානියෙල් කාර්්යක්ෂමව,නිවැරදිව ක්‍රියාකරන්නෙක් විය.තම මුළු දිවියම දෙවියන්වහන්සේ කෙරෙහි අධික විශ්වාසයෙන් ද, උන්වහන්සේ උදෙසා ද, නොනැවතී ගමන් කරවීය.
යමක විශිෂ්ඨත්වය දෙසම ගමන්කළ, හරිවැරැද්ද අතර වියවුල් නොවූ, දෙවිපියානන් කෙරෙහි විශ්වාසයෙන් යුතුව තම ජීවිතය ගෙවූ මේ පුද්ගලයාගෙන් ඔබට ගතහැකි ආදර්ශය කුමක් ද?
බාර්ණබාස්
මුල පටන් පාවුලුගේ සේවකයකු වූ මොහු, අන් අය යම් කාර්යයක් සදහා උනන්දු කරවීමේ පුත්‍රයෙකු ලෙස හැදින්විය හැක. එදා කිතුණුවන්ට අධික ලෙස හිරිහැර කළ පාවුල්ට යේසුස් වහන්සේ මුණ ගැසී, ඔහුගේ ඇස් අන්දවූ අවස්ථාවේදී, බාර්ණබාස් ඔහුට කරුණාව දැක්වීය. කිතුණුවන්ට කළ හිරිහැර නිසා, පාවුල් අත්හැර යාම ෙහා් ඔහු අසරණ වූ අවස්ථාවේ තනිකර යෑම බාර්ණබාස් නොකළේය. පාවුල් විසින් යේසුස් වහන්සේ ව පිළිගත්තද, කිතුණුවන් විසින් පාවුල්ව පිළිගැනීමක් නොවීය. නමුත් බාර්ණබාස් පාවුල්ගේ විපතේදී පිහිට වී ඔහු කිතුණුවාට හදුන්වාදුන්නේය. මග පෙන්නුවේය. පසුකාලීනව මාක්ට සම්බන්ධව බාර්ණබාස් හා පාවුල් අතර ඇතිවූ ගැටුමේදී, කිතුණුවන් අතර යෝධයකු මෙන් වූ පාවුල් හා විරුද්ධව බාර්ණබාස් තම මතයේ පිහිටියේය.
බාර්ණබාස් කවරෙක්ද? ඔහුගේ ජීවිතයේ අභියෝග බාරගැනීමට බිය නොවූයේය. එසේම අධිමානයෙන් හෝ හීනමානයෙන් පෙළෙන්නෙකු ද නොවීය. පාවුල් අසරණවූ මොහොතේදී, ඔහු ඉදිරියේ අධිමානයෙන් හෝ පසුකාලීනව පාවුල් සමග ඇතිවූ ගැටුමේ දී හීනමානයෙන් හෝ ඔහු නොපෙලුනේය. ඔහු මිනිසා කෙරෙහි දයාවන්ත විය. මාන්නය මිනිසා පීඩනයට ලක්කරයි. මාන්නයත් මනස වියවුල් කරගැනීමත් තම ජීවිතයේ නොවූ බැවින් බාර්ණබාස් සාර්ථක ජීවිතයක් ගත කළ පුද්ගලයෙකි.
ඔබට බාර්ණබාස්ගේ ජීවිතයෙන් ග. හැකි ආදර්ශය කුමක්ද? සිතා බලන්න. . . .
යේසුස් වහන්සේ
දේව පුත්‍රයාණන් වූ යේසුස් වහන්සේ, මිනිසත් බව ගත්තේ ඇයි ? මෙය ඔබ සිතුවාද ?
මිනිසා සදහා සේවය කිරීමට, ඔහුව පාපයෙන් මුදාලීමට, උන්වහන්නේ මිනිසා තුළටම පැමිණි සේක. මිනිසාට හදුනාගතහැකි අයුරින් කතා කිරීමට යේසුස් වහන්සේ මිනිසත් බව ගත්සේක. එසේ නම් ඔබටත් මටත් අනෙකාට සේවය කිරීමට, උපකාර කිරීමට, ඔහුගේ මට්ටමට. එම හැගීම් වලට ඇතුල්වීමට සිදුවේ.
නැතිනම් අනෙකාට ඇති අවශ්‍යතාවය පරිදි ඔබට, උපකාර කළ නොහැක. සිතන්න අද ඔබ සුඛෝපභෝගී රථයක ගමන් ගනිද්දී, බසයක තෙරපී දහදිය හෙලාගෙන යන මගියෙකුගේ අපහසුතාවය තේරැම් ගත හැකිද? කවරදාකවත් ඔබ බසයක් තුළ ගමනේ අත්දැකීම විද නැත්නම්, ඔබට බස්රථ මගීන් ගැන කිසිදු හැගීමක් ඇති නොවනු ඇත.ඔබ කුසගින්න නොහදුනන්නේ නම්, කුසගිනි වූවෙකුට පිහිට වීමට ඔබට හැකිද ?
අප දිවියේ ඇතැම් යුගයන් තුළ අප වල වැදුනාක් මෙන් අපට දැනෙනු ඇත.මෙය සූදානම් කිරීමේ කාලයයි. යේසුස් වහන්සේද මෙය අත්විදි සේක. මෙය ඔබට දෙවියන් වහන්සේ විසින් උදාකරදෙන අවස්ථාවකි. ඔබ අනෙකා නොහදුනන්නේ නම්, ඔබේ උගත්කමේ හෝ හැකියාවන්ගෙන් හෝ අනෙකාට කිසිදු පුයෝජනයක් අත් නොවනු ඇත. දෙවියන් වහන්සේද මිනිසත් බව ගෙන මිනිසාව මුදාගත්සේක.
එසේනම් එබ මිනිසාව, ඔහුගේ හැගීම්, එම ජීවිතය හදුනාගත යුතුයි. විශ්ව විද්‍යාල සිසුවකු ලෙසින් විවිධ තරාතිරම් වලින් විවිධ ප්‍රදේශ හා රටවල්වලින් පැමිණි සහෝදර සහෝදරියන් ඔබට මුන ගැසෙනු ඇත. බ රැකියාවක් කිරීමට යන අවස්ථාවේදී මිනිසා හදුනාගැනීමට හැකිවන අන්දමින් ඔෙබ් රැකියා ක්ෂේත්රය තෝරා ගත හැක. මද කලකට හෝ දුෂ්කර පළාතක සේවය කිරීමෙන් මිනිසගේ අවශ්‍යතාවය ඔබහෙදුනා ගත හැක.හැකි සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජනයට ගෙනමිනිසා හදුනාගන්න. දෙවියන් වහන්සේ විසින් ඔබෙන් බලාපොරොත්තු වන කාර්යය උදෙසා පන්නරය ලබාගන්න.
ඔබේ සාර්ථකත්වය විශ්ව විද්‍යාලයෙන් පිටවීමේදී උපාධිධරයෙක් හෝ උපාධිධාරියක් වීමම නොවේ.දෙවියන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා ඔබ මෙම කාලයේදී හදුනාගන්න. යේසුස් වහන්සේ තුළින් ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට මං සොයාගන්න.
එම සාර්ථකත්වය උදෙසා සදවියන් වහන්සේට එකගව, උන්වහන්සේ උදෙසා ක්‍රියා කරන්න.
රචනය : මහාචාර්ය අමල් කුමාරගේ මෙහෙයවූ කොළඹ පෝය දින සැසි වාරයක් ඇසුරෙන්
තරංගා වික්‍රමසිංහ සිංහලට සකස්කරන ලදි.
හැදින්වීම - පෝයCLASSES
මිනිසුන් එදිනෙදා ජීවිතයෙදී තීරණගන්නේ සමාජයේ එවකට පිළිගනු ලබන ප්රතිරූප අගයන් හා වටිනාකම් අනුවය. උදාහරණ වශයෙන් පවුල, අධ්‍යාපන ආයතන, මාධ්‍ය වෘත්තිකයන්(වෛද්‍යවරු ඉජිනේරුවෝ ක්‍රීඩකයෝ ගායකයෝ . . ) පිළිබද ලාංකීය සමාජ තුළ ඇති ආකල්ප දැක්විය හැක. (උදා වෛද්‍යවරයා දෙවි කෙනෙකි.)
ලාංකීය සමාජය තුළ පවුල යනු පුද්ගලයනගේ ජිවතවල බොහෝදේ තීන්දු කරන අවසාන තීරණාත්මක සාධකය වේ. යුතුකම් හා වගකීම් ඉටුකිරිමේදී සියල්ල පවුල පමණක් කේන්ද්‍රකරගත් ලාංකීකයින් බාහිර සමාජය සම්බන්දයෙන් දක්වන්නේ ඉතා අඩු සැලකිල්ලකි. බාහිර සමාජය දෙස බලන්නේද පවුල කේන්ද්‍රකරගත් දෘෂ්ටියක් මත පිහිටාය. එබැවින් තමා, තම පවුල, තම නෑදෑයන්, තම වර්ගයා, තමන්ගේ සංස්කෘතිය ආගම යනාදි වශයෙන් සමාජය බෙදාගෙන ජීවත්වේ. තමාෙග් නොවන අනිත් සියල්ල පිළිබදව පමනක් විවේචනයක් ඇත.
මෙවැනි සමාජයක ජීවත්වන සැම දෙනාම තමාට සිදුවන්නේ කුමක් ද කියා තෙරුම් ගැනීම ඉතා වැදගත්ය. තමා තුළ හැම අතින්ම පූර්ණවූ හැඩයක් ප්‍රත්පත්තියක් සැකසීමට නම් තමා විසින් පිළිගන්නා ප්රතිරූප අගයන් හා වටිනාකම් මිනුම්දඩු විවේචනයට භාජනය කළ යුතුය.
පෝයCLASSES යනු තමා මෙතෙක් නිහඩව එකගවන, පහසුවෙන් පිළිගන්නා ප්රතිරූප වැනි බොහෝ දෑ නැවත ප්‍රශ්ණ කිරීමට ගන්නා උත්සාහයකි. එමෙන්ම ලාංකීය සමාජයක් වශයෙන් එහි අඩංගු වටිනාකම් ස්ථාපනය කිරීමේ සංවාදයක් ඇති කිරිමද අවශ්‍යවේ.
රජය මාධ්‍ය නිදහස අහිමි කරලා නෑ
ලක්ෂ්මන් යාපා අබේවර්ධන ජනමාධ්‍ය අමාත්‍ය
මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ආණ්ඩුවට තිබෙන චෝදනාව, ජාතික රූපවාහිනී මාධ්‍යවේදීන්ගේ ප්රශ්නය, පිල්ලයාන් පිල සමඟ ආණ්ඩුවේ තිබෙන සම්බන්ධය හා ආණ්ඩුව මහ මැතිවරණයකට යන කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබඳ, ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සමඟ කළ කතාබහකි මේ.
බොහෝ අන්තර්ජාතික සංවිධාන ලංකාවේ මානව හිමිකම් පිළිබඳ දිගින් දිගටම ප්‍රශ්න කරනවා. මේ පිළිබඳ රජයට තවමත් පිළිතුරක් දෙන්න බැරි වෙලා තිබෙන බවද මින් කියවෙන්නේ ?
පළමුවෙන්ම කියන්න ඕනේ ඔය සඳහන් කරන විදිහේ විශේෂ මානව හිමිකම් කඩවීමක් ලංකාවේ සිද්ධ වෙන්නේ නැහැ. විවිධ පුද්ගලයන්ට, සංවිධානවලට මානව හිමිකම් පිළිබඳ විවිධ අර්ථ කථන ඉදිරිපත් කරන්න පුළුවන්.
ඔය වාර්තාවල හැටියට බැලුවොත් මානව හිමිකම් කඩවීම පිළිබඳ චෝදනාව අමෙරිකාවෙත් තියෙනවා. පේර්මදාස ජනාධිපතිතුමාගේ කාලයේ එතුමාටත් මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් චෝදනා තිබුණා. එතකොට අද දවස දිහා සාධාරණව බලන කොට මානව හිමිකම් කඩවීම ගැන අපට තිබෙන විශේෂ චෝදනාව මොකක්ද ?
අපි පසුගිය අවස්ථා කිහිපයකදී දැක්කා රජයේ පාලන නොවන ප්‍රදේශවල පුද්ගලයන් පැහැරගෙන ගොස් ඝාතනය කරලා තියෙනවා. ඒ ප්‍රදේශවල විවිධ කණ්ඩායම් ගැවසෙනවා. ඒවා රජයට පාලනය කරන්න බැහැ.
සාධාරණව බලද්දී මුලතිව්, කිලිනොච්චි වගේ යුදමය වාතාවරණයක් තිබෙන ප්‍රදේශවල මානව හිමිකම් කඩවීම් පාලනය කරන්න රජයට බැහැ. මානව හිමිකම් කතා කරන අය මේ සිදුවීම් මානව හිමිකම් කඩවීම් වලට දාලා. ඒවායේ වගකීම රජයට බාර ගන්න බැහැ.
රජයේ පාලනය තියෙන දකුණු ප්‍රදේශවලත් ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වියුක්ත වෙලා නැහැ නේද ? මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් දකුණේ ඇති වුණු සිදුවීම් දිහා බැලුවහම ඒවා වෙනත් සම්බන්ධතා මත සිදුවුණ බව පේනවා. පසුගිය කාලයේ බුලත්කොහුපිටිය පැත්තේ තරුණයන් කිහිප දෙනෙක් මරලා දාලා තිබුණා. ඒ ගැනත් චෝදනා එල්ල වුණේ රජයටයි. ඒත් අවසානයේ හෙළිවුණේ ඒක ද්‍රවිඩ සංවිධානයක අභ්‍යන්තරයේ ඇතිවුණු ප්‍රශ්නයක ප්‍රතිඵලයක් බවයි.
ඒ වාගේම සුදුපාට වෑන්වලින් පැහැරගෙන යනවා කියන එකත්, සංවිධානයකම වැඩක් කියලා හෙළි වුණා. ඒවාගේම මුස්ලිම් ජනතාවගෙන් දිගින් දිගටම කප්පම් ගැනීමක් තියෙනවා කියලා තවත් චෝදනාවක් තිබුණා. මේකත් හොයලා බලපුවාම මුස්ලිම් කණ්ඩායමකුත් සිංහල පිරිසකුත් පාතාල කණ්ඩායමකුත් සම්බන්ධ වෙලා කරන වැඩක් කියලා හෙළි වුණා.
රජය මානව හිමිකම් කඩනවා කියා කිව්වත් මේ සිදුවීම් දිහා බලපුවාම මේවාට රජයේ කිසිම සම්බන්ධයක් නෑ කියලා පේනවා.
මානව හිමිකම් කියන එක සරල අර්ථයකින් ගත්තොත් කියන්නේ මිනිසුන්ට නිදහසේ ජීවත්වීමේ අයිතිය කියන එකනේ. එතකොට ඒ නිදහසට රජය මොනවගේ බලපෑම් ද එල්ල කරලා තියෙන්නේ. මාධ්‍ය ක්ෂේත්රය ගත්තොත් නිදහසේ ලියන්න,කියන්න රජය ඇති කරලා තියෙන බාධාව මොකක්ද ?.
මේ රටේ ජීවත් වෙන පොදු මහජනතාව දන්නවා මිනිහෙකුට පාරේ බැහැලා යන්න බැරි තරමේ විශාල ලෙස මානව හිමිකම් කඩවීමක් සිදු වෙන්නේ් නැහැ කියලා සුළු සුළු සිදුවීම් ඇති වෙන්න පුළුවන්. ඒක මම නැහැයි කියන්නේ නැහැ. ඒකටත් මම කලින් කිව්ව වගේ විවිධ හේතු තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ පසුගිය දශක දෙක තුන බලපුවාම විවිධාකාරයෙන් ආයුධ භාවිත කරන්න හුරු වුණු සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතිය තුළ විවිධ කණ්ඩායම් කි‍්‍රයාත්මක වෙන්න පුළුවන්. එත් රජය ඒවාට මැදිහත් වෙලා ඒවා පාලනය කරන්න හැම අවස්ථාවකම කි‍්‍රයා කරලා තියෙනවා
එතකොට මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් තියෙන විවිධ සංවිධානවල වාර්තා ඔබ ප්‍රතික්ෂේප කරනවාද ?
මේවගේ වාර්තා ඉතිහාසය තුළ නිකුත් වුණා. ඒවායේ විවිධ රටවල් දැඩි ලෙස විවේචනය වෙලා තියෙනවා. සමහර විට මේවායේ සාධාරණ හා අසාධාරණ දේවල් තියෙනවා.
මේ වාර්තා රජයක් විසින් නිකුත් කරන වාර්තා නොවෙයි. යම් යම් මතවාද දරන සංවිධානයක වාර්තායි. ඒ නිසා අපි ඒ ගැන සැලකිල්ලෙන් බලන්න ඕනේ. පසුගිය කාලයේ හියුමන් රයිට් වොච් එකෙන් නිකුත් කළ වාර්තා අරගෙන බැලුවහම ඒකෙ විවිධ රටවල් වලට වාර්තා ඉදිරිපත් වෙලා තියෙනවා. එ්වායේදී අමෙරිකාව දැඩි ලෙස විවේචනය වෙලා. ඒත් අමෙරිකාවට කරන විවේචන ඉස්මතු වෙලා එන්නේ නැහැ. හේතුව ඒක බලවත් රටක් වීමයි. ඒත් අපි වගේ රටක නම් මානව හිමිකම් කඩවීම ගැන තියෙන සුළු සිදුවීමක් පවා මහා විශාල දෙයක් ලෙස පෙන්වනවා.
රජය තවමත් මාධ්‍ය නිදහස පිළිබඳ සැලකිල්ලක් දක්වලා නැති බවක් පෙනෙනවා. ඉතා කෙටි කාලයක් තුළ මාධ්‍යවේදීන්ට එල්ල වුණු ප්‍රහාරවලට රජය ගත් පියවර පිළිබඳ ක්ෂ්ත්රය තුළ එතරම් පැහැදීමක් නැහැ නේද ?
මේ රටේ ඉතිහාසය තුළ මාධ්‍යවේදීන්ට විවිධ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒත් මේ පවතින වකවානුව තුළ බැලුවොත් රජය මාධ්‍ය පාලනයක් කරලා තියෙනවද ? මොකක්ද රජය කරලා තියෙන මාධ්‍ය පාලනය ? මාධ්‍යයට අපි දාලා තියෙන නීති මොනවද ? පෞද්ගලික වශයෙන් අපි කිසියම් මාධ්‍යයකට බලපෑමක් කරලා තියෙනවද ? එවැනි තත්ත්ව නැහැනේ. යම් යම් සිදුවීම් අති වෙලා තියෙනවා. ඒත් ඒවා ගැන රජයට ඇඟිල්ල දික් කරන්න බැහැ.
මාධ්‍ය සම්බන්ධයෙන් සිදුවුණ ආසන්නතම සිදුවීම වුණේ ජාතික රූපවාහිනියෙයි. මේ සිදුවීම පිටුපස තවත් සිදුවීම් ගණනාවක් වෙලා තියෙනවා. පළමුවෙන්ම කියන්න ඕනේ මේ සිදුවීම මම අනුමත කරන්නේ නැහැ. ඇමැතිවරයෙක් ගිහිල්ලා මාධ්‍යයට ඇතුළු වීම වැරැදියි. ප්‍රශ්නයක් තිබුණා නම් ඒකට කටයුතු කරන්න වෙනම ක්‍රමයක් තිබුණා. ඒ ක්‍රියාදාමයෙන් පිට ගිය නිසා මේ තත්ත්වය ඇති වුණා. ඒ වගේම මෙතෙන්දි ඇමැතිවරයාගෙත් මානව හිමිකම් නැතිවෙලා තියෙනවා.
පෑනෙන් ප්රකාශනයකින් කරන්න තියෙන දෙයක් වෙනත් ක්‍රම මඟින් කි‍්‍රයාත්මක කිරීම කොතරම් දුරට යුක්ති සහගතද බලන්න වෙනවා. ආවේගශීලීව යම් යම් දේ වෙන්න පුළුවන්. ඒත් ප්රකාශනයේ අයිතිය තියෙද්දී වෙනත් ක්‍රමයක් පාවිච්චි කිරීම අපි ප්‍රතික්ෂේප කරනවා. ඒවාගේම මේ සිදුවීමට මුල් වුණු පළමු කි‍්‍රයාදාමයත් අපි ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා තමයි මේ දෙවෙනි කි‍්‍රයාදාමයක් ඇති වුණේ කියලත් මම පිළිගන්නවා.
මේ සිදුවීම් පිළිබඳ අපි විවිධ අවස්ථාවලදී පොලිසියට දන්වලා තියෙනවා. බැරිම අවස්ථාවේ අපි මේ ගැන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වූවා. අදාළ පාර්ශවයන් දෙක ඒ කියන්නේ රූපවාහිනී සංස්ථාවේ සියලුම වෘත්තිය සමිතිත්, ඒ අය අවිශ්වාස කරන ඇමැතිවරයාත් සමඟ මෙතෙන්දි සාකච්ඡා කළා.
ඇමැතිවරයා පැහැදිලිවම පාර්ලිමේන්තුවේදීත් කියලා තියනවා මේකට තමන් සම්බන්ධ නැහැ. මේ ගැන අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වලා අදාළ පුද්ගලයන් අත් අඩංගුවට ගන්න කියලා. මේ වන විටත් පොලිස් කණ්ඩායම් තුනක් මේ ගැන කි‍්‍රයාත්මක වෙනවා. ඒ නිසා අපි අවශ්‍ය පියවර ඔය සිදුවීමේදී පමණක් නොවේ හැම අවස්ථාවකදීම අරගෙන තියෙනවා.
ඔබ එසේ කීවාට පසුගිය දිනෙක අත්අඩංගුවට ගත් ජේ. එස්. තිස්සනායගම් මහතා පිළිබඳ නිසි තොරතුරු පවුලේ සාමාජිකයන්ට වත් ප්‍රකාශ නො කෙරුණු බව වාර්තා වෙනවා?
මෙතෙන්දි පොලිසියේ රාජකාරියට රජය කිසිම බාධාවක් කරලා නැහැනේ. ජනාධිපතිතුමා පැහැදිලිව කියලා තියෙනවා මේ හා සම්බන්ධ වරදකරුවන් කවුද? ඒ පුද්ගලයන්ගේ තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්න කියලා. මර්වින් සිල්වා ඇමැතිතුමාගේ සිදුවීමේදීත්, ඇමැතිතුමා පසු සිදුවීම්වලට සම්බන්ධ නැහැ කියූ වේලාවේත් ජනාධිපතිතුමා කිව්වේ ඇමැතිතුමාගේ සහයෝගය පරීක්ෂණවලට තියෙනවා නම් ජනාධිපති වශයෙන් මමත් නියෝග දීලා තියෙනව නම් මොකක්ද පොලිසියට තියෙන ප්රශ්නය කියලයි.
එතකොට මේ ප්‍රශ්නවලට කටයුතු කරන්න යැයි පොලිසියට ඉඩදීලා තියෙනවා ඔබ අහපු සිදුවීම සම්බන්ධයෙනුත් කටයුතු කරන්න පොලීසියට බාරදීලා තියෙනවා. මෙතෙන්දි පොලිසියට තියෙන එකම තර්කය තමයි අදාළ සාක්ෂ්යකාරයෝ මේ සම්බන්ධයෙන් සාක්ෂි දෙන්න ඉදිරිපත් නොවීම. අදාළ සාක්ෂි හොයාගන්න එක පොලිසියේ වැඩක්.
මේ ආකාරයට රජය කිසිම බියක් සැකක් නැතිව අදාළ පරීක්ෂණ කරන්න පොලිසියට නිදහස ලබාදීල තියෙනවා. අප ඉදිරියට තියෙන්නේ පොලිසියේ රාජකාරියක්.
මාධ්‍යවේදීන් කියන්නේ එක්තරා මට්ටමකින් සංවිධානාත්මකත් ආරක්ෂාවත් තියෙන පිරිසක් විදියට සලකන්න පු‍්‍රළුවන්. එවැනි මාධ්‍යවේදීනුත් මහමඟදී දැලිපිහිවලින් කපනවා නම් රටේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් තියෙනවා නේද?
ජනතාවගේ ආරක්ෂාවට රජය ඉන්නවා. ඒකෙ වගකීමෙන් රජයට ඉවත් වෙන්න බැහැ. ඒකට විවිධ හේතු කාරණා කියන්න බැහැ. ඒත් ඔය සිද්ධියේදී ගනුදෙනුව වෙලා තියෙන්නේ පාතාලයත් එක්කයි. ඒක අපි මතක තියාගන්න ඕනේ. අපිට ඒක හංගලා කතා කරන්න බැහැනේ. එතකොට පාතාලයේ අයත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්කමක් නැහැ. ඒකට තියෙන්නේ නීතිය කි‍්‍රයාත්මක කිරීමනේ. මේ වන විට පොලිසියට නීතිය කි‍්‍රයාත්මක කරන්න උපදෙස් දීලයි තියෙන්නෙ.
රූපවාහිනී සංස්ථාවේ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ තිබුණ සාකච්ඡාවට සමහර වෘත්තීය සමිතිවලට ආරාධනා කළේ නැහැ කියලත් කියනවා?
වෘත්තීය සමිතිවලට සහභාගි වෙන්න අපි ඉඩදුන්නා. ඒත් මෙතෙන්දි මෙහෙම දෙයක් වුණා. ඒ රජයේ මාධ්‍ය තුළ තියෙන වෘත්තීය සමිතිවලට පමණක් සාකච්ඡාව සීමා වුණා කියලා මතයක් තිබුණු නිසා වෘත්තීය පුවත්පත් කලාවේදීන්ගේ සංගමයේ නියෝජිතයන් දෙදෙනාට සහභාගි වෙන්න ආරාධනාව ගිහිල්ලා නැහැ. හැබැයි ජනාධිපතිතුමා මේ අයට සහභාගි වෙන්න කියලා තිබුණා. ඒත් ඒ ගැන සන්නිවේදනයේදී ගැටලුවක් වෙලා තියෙනවා.
ආයුධ සන්නද්ධ කණ්ඩායමක් සමඟ එකතුවෙලා කටයුතු කරලා මඩකළපු පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව ජයගත් බවට ප්‍රබල චෝදනාවක් විපක්ෂයේ කණ්ඩායම් තුළින් නැගෙනවා?
ඒ චෝදනාව මම සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරනවා. ආයුධ භාවිත කළ සන්නද්ධ කණ්ඩායම් ඡන්දවලට එන්න පුළුවන්. ඒක ඉතිහාසයේ සිද්ධ වෙලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ මුලදී හිටපු ස්ථාවරයෙන් වෙනස් වෙලා ප්රජාතන්ත්රවාදයට ආවා. ඩග්ලස් දේවානන්ද ඊලමක් ඉල්ලලා රට බෙදන්න ඕනේ කියපු අයෙක්. ඔහු අද ඡන්දයට ඉදිරිපත් වෙලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්නවා.
ජේ. වී. පී., ඊ. පී. ඩී. පී., ප්ලොට් වගේ සංවිධාන ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දය ඉල්ලලා පාර්ලිමේන්තු ඇවිල්ලා තියෙනවා නම්, පිල්ලයාන්ට විතරක් ඒ අයිතිය අහිමි වෙන්න හේතුවක් නැහැ. මේ රටේ වැඩියෙන් ම ත්‍රස්තවාදී කි‍්‍රයා කරන ප්රභාකරන් පක්ෂයක් ලෙස ලියාපදිංචි වෙලා ඡන්දයට ඉදිරිපත් වුණොත් අපිට ඒකට විරුද්ධ වෙන්න බැහැ. පිල්ලෙයාන් කණ්ඩායම පක්ෂයක් විදිහට ඇවිල්ලා තියෙන්නේ එතැන තියෙන වැරැද්ද මොකක්ද? මෙතෙන්දි ඔය විවිධ පිරිස් චෝදනා කරන්නේ් මේ ඡන්දයට එන්න බැරිවුණු නිසයි. ඔවුන් ඡන්දයට කලින් පූර්ව නිගමනයකට ආවා මේ ප්‍රදේශයේ මැතිවරණයක් තියන්න බැරිවෙයි කියලා. ප්රචණ්ඩත්වයක් නැතිව ඡන්දය ඉවර වුණු නිසා දැන් ඒ අය බොරු සාධක පෙන්වන්න හදනවා.
සන්නද්ධ කණ්ඩායම් නායකයෝ බලයට ගෙනැල්ලා ආණ්ඩුව තවත් වර්ධරාජා පෙරුමාල් කෙනෙක්ව බිහිකරන්න ද මේ හදන්නේ?
එහෙම පූර්ව නිගමන කරන්න ඕනෑම අයෙකුට පුළුවන්කම තියෙනවා. ඒත් මම ඔබෙන් අහන්නේ එදා වර්ධරාජා පෙරුමාල්ට පුළුවන් වුණාද නිජබිමක් පිහිටුවා ගන්න. නැහැ එහෙම ආයුධ සන්නද්ධ කණ්ඩායමක් වෙනම භූමියක් වෙන් කරගන්න හදනවා නම් ඒකට විරුද්ධව මධ්‍යම රජය හැටියට ආණ්ඩුවට වගකීමක් තියෙනවා කි‍්‍රයාත්මක වෙන්න.
එදා වර්ධරාජා පෙරුමාල් කටයුතු කළේ ඉන්දු – ලංකා ගිවිසුමෙන් ඇති කළ තත්ත්වය මතයි. නැතිව සාධාරණ සම්පූර්ණ ඡන්දපොළට ගිහින් ඡන්දය ප්‍රකාශ කරන මැතිවරණයකින් නොවේ. ඒත් අද තිබෙන තත්ත්වය වෙනස් අද නැගෙනහිර සම්පූර්ණයෙන් ම නිදහස් කරලා තියෙනවා. නිදහස් තැනක බලය ප්‍රජාතන්ත්‍රවාදීව ලබාගන්න ඔවුන් කටයුතු කරලා තියෙන්නේ.
ඔබ 17 දෙනෙකු නියෝජනය කරන ප්රජාතන්ත්රවාදී පිල එක්සත් ජාතික පක්ෂයට එකතු කර ගැනීමට කටයුතු කෙරෙන බව සමහර මාධ්‍ය වාර්තා කරලා තියෙනවා?
ඒක අමූලික බොරුවක් අපි එහෙම සම්බන්ධ වෙනවා නම් අපි මේ තැන්වල ඉන්නෙත් නැහැ. අපි වැඩ කරන්නේ ජනාධිපතිතුමත් සමඟයි.
ආණ්ඩුව මහ මැතිවරණයට යාමේ අදහසක් තිබෙන බවක් කියවෙනවා නේද?
ආණ්ඩුවට මැතිවරණයට යන්න බැරිකමක් නැහැ. නැෙඟනහිර පළාත් සභා ඡන්දයත් තියලා උතුරත් නිදහස් කරගෙන සාමාන්‍ය ජනතාවට එහි අයිතිය ලබාදුන්නාට පස්සේ හොඳම අවස්ථාවක් බලලා ආණ්ඩුවට මැතිවරණයකට යන්න පුළුවන්. මැතිවරණයකට ආණ්ඩුව බයවෙන්න කිසිම හේතුවක් නැහැ.
ආණ්ඩුව මැතිවරණයකට ගියොත් ඔබ කණ්ඩායමේ සහාය ලැබෙන්නේ කාටද?
කිසි ගැටලුවක් නැහැ. අපි ආණ්ඩුවත් එක්ක ඉන්නවා.
යේසුස් වහන්සේ සහ සාර්ථකත්වය
සාර්ථකත්වය ලෙස ඔබ විග්රහ කරන්නේ කුමක්ද?
ඔබේ සාර්ථකත්වය ලෙස ඔබ දකින්නේ කුමක්ද?
කෙනෙක් තමාගේ සාර්ථකත්වය ලෙස යමක් දිනාගැනීමට සිතයි. එය ලබා ගැනීමට උත්සාහා දරයි. අවසානයේ එය, එම පුද්ගලයා ලබාගත්තේ යැයි සිතමු.
ඉතින් එම පුද්ගලයා ඒ ගැන තෘප්තිමත් වනු ඇත්ද?
ඔහු සාර්ථක වූවා යැයි ඔබ සිතනවාද?මගේ සමීපතම මිතුරියගේ එකම අරමුණ වූයේ කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුල්වීමයි. ඇගේ අරමුණ ඇය ජය ගත්තාය. ඒ ගැන ඇය ඉතා ප්‍රීති වූවාය. නමුත් විශ්ව විද්‍යාලයට ඇතුල් වූවාට පසු ඒකත් ලැබුනාට වැඩක් නෑ යැයි මට කීවේ කළකිරුණු ස්වාභාවයකිනි.
එසේ නම් බලාපොරොත්තු යමක් ලබා ගැනීම සාර්ථකත්වයද?
සිතාබලන්න
( වැඩිවිස්තර-more)
පදවිය හා තන්තිරිමලය මායිම ගම්මානවල විවිධ පුද්ගලයින්ගේ ජීව්ත අත්දැකීම් පිළිබද කෙටි පිළිසඳරක්
මායිම ගම්මාන ආශ්රිත වෙසෙන පුද්ගලයින් හා නගර ආශ්රිත පුද්ගලයින් අතර ජීවිත වල තිබෙන්නේ සුළුපටු වෙනසක් නොවේ. දවස පුරාම ඇසෙන දකින වෙඩි හුමාරුව සමඟ ජීවත්වෙන්නේ වෙනදෙයක් උනාවේ යන සැහැල්ලුවකින්. නමුත් එක් බෝම්බ පිපිරීමකින් නගර ආශ්රිත ජනයා බියපත්වේ. තව ටික කලක් යනවිට ඔවුනටත් වෙන දෙයක් උනාවේ යන හැඟීම ඇතිවනු ඇත්ද?
(වැඩිවිස්තර-more)
විද්‍යාවට හා තාක්ෂණයට හසුනොවන දේවල් මිත්‍යාවන් ලෙස ඉවත දැමිය හැකිද?
යම් දෙයක් විද්‍යාත්මක යැයි කී පමණින් එය කිසිදු ප්‍රශ්ණ කිරීමකින් තොරව බාරගැනීමට සමාජය අද හුරු පුරුදු වී සිටිනවා. විද්‍යාව හා තාක්ෂණය මගින් හැමදේම ඔප්පු කර පෙන්වීමට යාම මෙයට හේතුවයි. මේ නිසා විද්‍යාවට හා තාක්ෂණයට හසුනොවන දේවල් හෝ ඔප්පුකර පෙන්වීමට නොහැකි දේවල් මිත්‍යාවන් ලෙස ඉවතදමනවා.විද්‍යාවට හා තාක්ෂණයට හසුනොවන සියල්ල මෙලෙස ඉවතදැමීමෙන් බොහෝ දෙනා සිතන්නේ විද්‍යාවට හා තාක්ෂණයට ප්රමුඛ තැනක් දියයුතු බවයි. මෙහි අන්තය වන්නේ සියළුදේට විසදුම් සෙවීමේදී ගණිත කර්ම හා ගිණුම්වලින් කෙරෙන විග්රහයන් පමණක් පිළිගෙන මේ සමාජය වඩා යහපත් කිරීමේ කාර්ය්යද ඒවාට බාරදීමයි.නමුත් ඉතිහාසය පුරාම පෙනෙන පොදු ලක්ෂනය නම් මිනිසාගේ ක්රියාකාරිත්වයන් ප්‍රධාන තැනක් ගෙන ඇතිබවයි. සමාජය යහපත් බවට පත්කිරීමේදී මිනිසාගේ විඥානය හා මිනිසාගේ කතාව හෙවත් ක්‍රියාකාරිත්වය මිථ්‍යාවන් ලෙස ඉවත දැමිය නොහැකි ක්‍රියාවන් බවයි.
(වැඩිවිස්තර-more)
ලාංකීකයින්ගේ පවුල් කේන්ද්‍රීය දෘෂ්ටිය
ලාංකීය සමාජය තුළ පවුල යනු පුද්ගලයනගේ ජිවතවල බොහෝදේ තීන්දු කරන අවසාන තීරණාත්මක සාධකය වේ. යුතුකම් හා වගකීම් ඉටුකිරිමේදී සියල්ල පවුල පමණක් කේන්ද්‍රකරගත් ලාංකීකයින් බාහිර සමාජය සම්බන්දයෙන් දක්වන්නේ ඉතා අඩු සැලකිල්ලකි. බාහිර සමාජය දෙස බලන්නේද පවුල කේන්ද්‍රකරගත් දෘෂ්ටියක් මත පිහිටාය. එබැවින් තමා, තම පවුල, තම නෑදෑයන්, තම වර්ගයා, තමන්ගේ සංස්කෘතිය ආගම යනාදි වශයෙන් සමාජය බෙදාගෙන ජීවත්වේ. තමාෙග් නොවන අනිත් සියල්ල පිළිබදව පමනක් විවේචනයක් ඇත.
(වැඩිවිස්තර-more)
නව කතාව හා කිතුණුවා
අපි හැමෝම කතන්දර අහන්න ආසයි. නව කතාවක තියෙන විශේෂත්වය තමයි නවතාවය. මේි නව කතා ලාංකිය සාහිත්‍යයට ආවේ දිග ඉතිහාස ගමනක් පහු කරලයි. එහෙම ආව නව කතා කලාවෙ වත්මන් තත්වය හරිම වෙනස්. ඉතිං කිතුණු අපි නව කතාවක් කියවද්දි සැලකිලිමත් වෙන්න ඕනෙ කාරණා ගොඩයි. ඒ විතරක්ද ? කිතුණු අපිටම අනන්‍ය කතා පුවත ? ඒක නව කතාවට හඳුන්වන එකත් අපේ පේ‍්‍රමනිය වගකීමක්
කිතුණු සිංහල සාහිත්‍ය කණ්ඩායමක අතීතය
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල කීපයක් තුළ විශ්ව විද්‍යාලීය කිතුණු ශිෂ්‍ය සහොදරත්වය නමින් කිතුණු ශිෂ්‍ය ව්‍යාපාරයක් පසුගිය වසර 24 ක කාලයක් තුළ අඛණ්ඩවක්රියාත්මක වනවා. මෙහි බොහෝ කාර්යන් ඉංග්‍රීසි බසින් සිදු කිරීම ආරම්භයේ සිටම පැවති සමාන්‍ය ක්‍රමයයි.නමුත් කාලයක් ගතවන විට සිංහල හා දමිල බසින් කටයුතු කිරීමේ වැදගත්කම මතුවීම නිසා, වසර 1993 දී විශ්ව විද්‍යාලීය කිතුණු ශිෂ්‍ය සහොදරත්වයට සිංහල සාහිත්‍යයක් එක් කිරීම සිදුවී තිබෙනවා. සිංහල සාහිත්‍ය කාරක සභාවක්ද පිහිටුවා වගකීම් පවරාගෙන ක්‍රියා කර තිබෙන බව ඉතිහාසය විමසනවිට පෙණෙන කරුණක්.එතැන් සිට සිංහල බසින් පොත් හා ලිපි ලිවීම ට විශාල උනන්දුවක් ඇතිව පුද්ගලයින් ක්‍රියා කර තිබෙන අන්දම පැහැදිලිය. විශේෂයෙන් මෙම කමිටුවේ සාමාජකත්වය දැරූ 9 දෙනෙකුගෙන් 6 දෙනෙක්ම සිංහල සාහිත්‍ය කෘති ප්‍රකාශයට පත්කර තිබෙනවා. අනෙක් අයත් සිංහලෙන් හා දමිල බසින් කටයුතු කිරීමට පුරෝගාමී මෙහෙයක් ඉටුකල අයයි.
කිතුණු සිංහල සාහිත්‍ය කණ්ඩායමක අතීතය
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල කීපයක් තුළ විශ්ව විද්‍යාලීය කිතුණු ශිෂ්‍ය සහොදරත්වය නමින් කිතුණු ශිෂ්‍ය ව්‍යාපාරයක් පසුගිය වසර 24 ක කාලයක් තුළ අඛණ්ඩවක්රියාත්මක වනවා. මෙහි බොහෝ කාර්යන් ඉංග්‍රීසි බසින් සිදු කිරීම ආරම්භයේ සිටම පැවති සමාන්‍ය ක්‍රමයයි.නමුත් කාලයක් ගතවන විට සිංහල හා දමිල බසින් කටයුතු කිරීමේ වැදගත්කම මතුවීම නිසා, වසර 1993 දී විශ්ව විද්‍යාලීය කිතුණු ශිෂ්‍ය සහොදරත්වයට සිංහල සාහිත්‍යයක් එක් කිරීම සිදුවී තිබෙනවා. සිංහල සාහිත්‍ය කාරක සභාවක්ද පිහිටුවා වගකීම් පවරාගෙන ක්‍රියා කර තිබෙන බව ඉතිහාසය විමසනවිට පෙණෙන කරුණක්.එතැන් සිට සිංහල බසින් පොත් හා ලිපි ලිවීම ට විශාල උනන්දුවක් ඇතිව පුද්ගලයින් ක්‍රියා කර තිබෙන අන්දම පැහැදිලිය. විශේෂයෙන් මෙම කමිටුවේ සාමාජකත්වය දැරූ 9 දෙනෙකුගෙන් 6 දෙනෙක්ම සිංහල සාහිත්‍ය කෘති ප්‍රකාශයට පත්කර තිබෙනවා. අනෙක් අයත් සිංහලෙන් හා දමිල බසින් කටයුතු කිරීමට පුරෝගාමී මෙහෙයක් ඉටුකල අයයි.
Post a Comment