වැසි ඡලය රැස්කර පසු අවස්ථාවකදී අවශ්‍ය ප්‍රමාණ වලින් ලබාගනීමට ඉදිකරන ව්‍යුහයයි. සිංහලයන් විසින් වසර 2600කට පමන පෙර මෙම ක්‍රමය ලොවට හදුන්වාදී ඇත.
වැලිඔය ඇතාවැටුණු වැව හැම ගෙවත්තකම ඉදි කළ බංකර් පදිංචිකරුවනට ලොකු ශක්තියක්ඉදිරි ආරක්ෂක වළල්ල තව ඉදිරියට ගත්තොත් මෝටාර් බියක් ඇත්තේම නෑවිටින් විට කොටි ත්රස්තවාදීන්ගේ මෝටාර් ප්‍රහාර එල්ලවුවත් දිරිය මිනිසුන් ලෙස දුක් ගැහැට උසුලමින් වැලිඔය ප්‍රදේශවාසීහු තවමත් එම ප්‍රදේශවලට සිය මාතෘභූමියේ අයිතිය රකිමින් ජීවත්වෙති.ඇතාවැටුනුවැව, කිරිඉබ්බන්වැව නිකවැව, මොනරවැව, සම්පත්නුවර ඇතුළු ගම්මාන දහයකින් යුත් වැලිඔය ජනපදය මහවැලි එල්. කලාපයට අයත් සරුසාර ප්රදේශයකි.ැලිඔය වන්නි මැතිවරණ කොට්ඨාසයට අයත්වන අතර ඉන් එක් කොටසක් වවුනියාව පාලනයටත් තවත් කොටසක් මුලතිව් පරිපාලන දිස්ති‍්‍රක්කයටත් අයත් වේ. එසේ වුවත් වර්තමානයේ වැලිඔය පරිපාලන කටයුතු සිදු වන්නේ උතුරු මැද පළාතට අයත් අනුරාධපුර දිසාපතිවරයා යටතේ පත්කළ ප්‍රාදේශීය ලේකම්වරයකු යටතේය.එදා මෙදා තුර වැලිඔය ජනපදිකයින්ට සිදුවු විවිධ අපහසුතා මැද ත්‍රස්තවාදි ප්රශ්නය දශක ගණනාවක් තිස්සේ තවමත් ඔවුන් පෙළයි. ඇතාවැටුණුවැව විද්‍යාලයේ බංකරය පරික්ෂා කරන අධ්‍යාපන අධ්යක්ෂ සේනාරත්න මහතා සිත එක්තැන් කරගෙන දිගු කලක් සිය ජීවන මාර්ගය වු ගොවිතැන නිදහසේ කරගෙන යාමට කොටි ත්රස්තවාදීන් ඔවුනට ඉඩ තැබුවේම නැත. ත‍්‍රස්තකි‍්‍රයා අඩු වැඩි වශයෙන්ම සිදුවිය. වර්තමානයේ පවතින ප්‍රධාන ගැටලුව ඇතැම් විට එල්ල වන මෝටාර් ප්‍රහාර බව ගම්වැසියෝ පවසති.වැලිඔය ඇතාවැටුනුවැව විද්‍යාලයට බිම් කට්ටි දෙකකට ඔබ්බෙන් ඇති මහේෂ් කුමාරගේ ගෙවත්තටද ඉකුත් දා කොටි මෝටාර් බෝම්බයක් එල්ල වී පුපුරා ගියේ ප්‍රදේශයම දෙදරවමිනි. ජීවිත හානි සිදු නොවුවත් නිවසේ බිත්තිවලට හා භාණ්ඩවලට හානි සිදුවී තිබිණි. මෝටාර් ප්‍රහාරය එල්ල වූ තැන ගසක් දෙපළුවී ගොස්ව ඇත.අහිංසක වැසියන් පීඩාවට පත්කරමින් එල්ල වන කොටි මෝටාර් ප්‍රහාරවලින් ගම් වැසියන් බේරාගැනීමට මේ වන විට රජය මැදිහත් වී සිටී.ඒ මෝටාර් ප්‍රහාර එල්ල වන ඇතාවැටුනුවැව ප්‍රදේශයේ සෑම ගෙවත්කම කොන්කි‍්‍රට් බංකරය බැගින් ලබා දීමට කි‍්‍රයාකිරීම හා අමතර ආරක්ෂක වැඩ පිළිවෙලක් කි‍්‍රයාත්මක කිරීමයි. එක් බංකරයකට රජය රුපියල් 75,000/- බැගින් මුදල් වැය කරයි.ඊට අමතරව වැලිඔය සෑම පාසලකටම විශාල ප්‍රමාණය ශක්තිමත් කොන්කි‍්‍රට් බංකරය බැගින් සාද දීමට කි‍්‍රයාත්මකය.මෙම බංකර් වැඩ පිළිවෙළ තමන්ට කිසියම් ශක්තියක් බව ප්‍රදේශවාසීහු පවසති. ඒ පිළිබඳ ඔවුනගේ ප්‍රසාදය පලවේ. එහෙත් ඔවුන්ගේ තවත් බලාපොරොත්තුවක් වන්නේ කොටි ත්රස්තවාදීන්ට මෝටාර් ප්‍රහාර ඉලක්ක කළ නොහැකි දුරකට ඉදිරි ආරක්ෂක තීරය ගෙනයන ලෙසයි.ඇතාවැටුනුවැව විද්‍යාලයේ විදුහල්පති එන්. ඩබ්. රාමනායක මහතා පවසන්නේ නව බංකර් වැඩ පිළිවෙළ කිසියම් සහනයක් වුවත් මුල්ම ප්‍රහාරය ජනතාව ගැවසෙන ප්‍රදේශයකට එල්ල වුවහොත් එම අවධානම වැලකිය නොහැකි බවයි. තමන් ඉගැන්වීමේ කටයුතු සිදුකරගෙන යාමට අමතරව සිසු දරු දැරියන්ගේ ආරක්ෂාව පිළිබඳ අවිනිෂ්චිත බවකින් පසුවන බවද ඔහු පවසයි. කෙසේ වුවත් බංකර් වැඩපිළිවෙළ ජනපදිකයින්ගේ විශ්වාසය වැඩි කිරීමට හේතු වී ඇතැයිද ඔහු පැවසීය.මෙවැනි ත්‍රස්තවාදී ගැහැට මධ්‍යයේ අකුරු කලත් වැලිඔය ජනපදයේ දක්ෂතා දක්වන සිසුදරු දැරියන් එමටය. ඔවුන් පදවිය කලාපයන් ඉහළ දක්ෂතා පෙන්වීමටද සමත්වී ඇතැයි කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ යු. සේනාරත්න මහතා පැවසීය.ආරක්ෂක ගැටලුවලට අමතරව කෘෂිකාර්මික, ප්‍රවාහන පානිය ජලය, සෞඛ්‍ය වැනි ගැටලුද ඔවුනට පවතී ත්‍රස්තවාදය ජය ගැනීමට හැකි වන්නේ නම් ප්‍රධාන ගැටලු රැසක් විසදෙන බව කියන වැලිඔය වැසියෝ ඉතිරි ප්‍රශ්නවලට තම ශක්තියෙන් පිළිතුරු සොයා ගත හැකි බවද කියයි. ත්‍රසත්වාදය පරාජය කිරීම සියලු ගැටලුවලට ඇති එකම විසඳුම යන්න තම විශ්වාසය බවද ඔවුහු පවසති.
රාජසිංහ රාජ සමයේ සිංහල සේනාවක් විසින් පෘතුගීසි හමුදාවක් මරාදමා ලේ විලක් බවට පත්කරන ලද ඓතිහාසික මුල්ලේරියාව වැව නැවත ප්‍රතිසංස්කරණය කොට සකස් කිරීමට තම අමාත්‍යාංශය තීරණය කෙළේ එවැනි ස්ථාන සංරක්ෂණය කොට අනාගත පරපුර වෙනුවෙන් තැබීම රටේ පාලකයින් වශයෙන් අපෙන් ඉටුවිය යුතු යුතුකමක් සේ සළකාගෙන බව නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.ඒ මහතා එසේ පැවැසුවේ දැනට වල්බිහිවී ගොඩවී ඇති මුල්ලේරියා වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීවේ ය. ජනාධිපතිතුමාගේ උපදෙස් මත දැනට ආරම්භ කොට තිබෙන කොළඹ සංවර්ධන වැඩපිළිවෙළ යටතේ මෙම වැව සහ කොළොන්නාව ආසනයේ ඇති තවත් ජලාශි‍්‍රත ප්‍රදේශ ගණනාවක්ද සංවර්ධනය කිරීමට නියමිත බවද කී ඇමැතිවරයා තමන් උපත ලද ගොතටුව ප්‍රදේශයේ ඉදිකර ඇති හාවඩ් බැම්ම දෙපස තුරු ලතාවන්ගෙන් පිරි පරිසරයක් බිහි කන්න කටයුතු යොදාගෙන යන බවද පැවැසීය.රජයේ වියදමින් බැරිනම් පෞද්ගලික අංශ වලින් ආධාර ලබාගෙන හෝ මෙවැනි කටයුතු කරන්න තමා සූදානම් වී සිටියත් සමහර නිලධාරීන්ගේ උදාසීනකම හා කළ හැකි දේට වඩා හැම දෙයක්ම නොකෙරෙන තැනටම පමණක් නීති කෙටුම්පත් හා චක්‍ර ලේඛන වැනි බාධක ගෙනහැර දැක්වීම මෙවැනි කටයුතු වලට බාධාවක් බවද කීය.කොළොන්නාව ශී‍්‍ර. ල. නි. ප. ප්‍රධාන සංවිධායක නාවලගේ බැනට් කුරේ මහතා මුල්ලේරියාව වැව ප්‍රතිසංස්කරණය කොට රමණීය ප්‍රදේශයක් කිරීමේ ඓතිහාසික අවස්ථාව සනිටුහන් කිරීමට මේ රටේ අධිරාජ්‍ය විරෝධී අරගලයේ නායකත්වය ගෙන කටයුතුª කළ පිලිප් ගුණවර්ධන මහතාගේ පුත්‍රයෙකු වන දිනේෂ් ගුණවර්ධන මහතා නායකත්වය ගෙන කි‍්‍රයා කිරීම ගැන සතුටු වෙනවා. ඉදිකිරීම් ක්ෂේත්රයේදී ද කොළොන්නාව ආසනයේ පවතින නිවාස හිඟය මගහරවා ලීමට නිවාස දහසක් ඉදිකර දෙන්නට එතුමා කටයුතු කර තිබෙනවා.බස්නාහිර පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැති හෙක්ටර් බෙත්මගේබොරැල්ල ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සංවිධායක හා වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් පේර්මචන්ද්ර,කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සභාපති ප්‍රසන්න ගුණසිංහ සෝලංගආරච්චි යන මහත්වරුන්ද මෙහිදී කතා කළ අතර දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා අතින් ඇහැල මල් පැලයක් රෝපණය කිරීමෙන් අනතුරුව වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරිණි.
මිනිස් දිවිය ගැන දෙසූ වැව උපමා කර ගත් බණක්රාජකීය පණ්ඩිත හත්තොටුවේ ඉන්දරතන හිමිසාරක්ථප්පකාසිනියේ පැවසෙන පරිදි ලොව ප්‍රශ්න විචාරීම් ක්‍රම පහකි. සම්මා සම්බුදුවරුන්ට ඇත්තේ ඉන් ප්‍රශ්න කිරීම් දෙකක් පමණි. ප්‍රශ්න විචාරණ ක්‍රම පහ මෙසේ ය.1. අදිට්ඨජෝතනා ප‍්‍රච්ඡාව2. දිට්ඨසංසන්දනා ප‍්‍රච්ඡාව. පුහුදුන් බමුණු පඬිවරු ආගමික ශාස්තෘවරුන් තුළ ඇත.3.විමතිච්ඡේදනා ප‍්‍රච්ඡාව4.අනුමති ප‍්‍රච්ඡාව5. කථෙතුකම්‍යතා ප‍්‍රච්ඡාව . සම්බුදුවරුන් තුළ ඇත.ස්වභාවයෙන්ම යමෙක් නොදුටු, නොඇසූ, නොසිතූ, අප්‍රකටවූ දහම් කරුණක් වේද එය ඔහුට විස්තර, විවරණ කරදීම් සඳහා හෙවත් නොදුටු (අදිට්ඨ) කාරණයක් ප්‍රකාශිත (ජෝතනා) කිරීම, බැබළවීම සඳහා අසන ප්රශ්නය “අදිට්ඨජෝතනා ප‍්‍රච්ඡාව“ නම් වේ.ස්වභාවයෙන් දැනගත්, දැක ගත්, අත්දුටු දහම් කරුණක් අනෙකුත් පඬිවරුන්ගේ දර්ශන සමය, සමයාන්තර සමඟ සැසඳීම (සංසන්දනා) මූලික කරගත් ප්‍රශ්න කිරීම, “දිට්ඨසංසන්දනා ප‍්‍රච්ඡාව“ නම් වේ.වභාවයෙන්ම සැක සහිත වූ විමති සහිත වූ දහම් කරුණක් පිළිබඳ එය එසේම ද? කවරකාරද? ආදී වශයෙන් පවතින සැක සංකා (විමති) දුරුකිරීමට, සිඳ දැමීමට (ඡේදනා) මූලික වන ප්‍රශ්න කිරීම “මිමතිච්ඡේදනා ප‍්‍රච්ඡාව“ නම් වේ.භික්ෂූන් වහන්සේගේ අනුමැතිය ගනිමින් සිදුකරන ප්‍රශ්න කිරීම “අනුමති ප‍්‍රච්ඡාව“ නම් වේ. “රූපය අනිත්‍යද? නිත්‍යද?” ආදී වශයෙන් සාකච්ඡාමය ස්වරූපයෙන් මෙම ප්‍රශ්න කිරීම සිදුවෙයි. යම් දහම් කරුණක් පිළිබඳ විග්රහ කරනු කැමැති ව ප්‍රශ්න ආසා, පිළිතුරු බුදුරජාණන් වහන්සේම දීර්ඝව සාකච්ඡා කිරීම “කථෙතුකම්‍යතා ප‍්‍රච්ඡාව“ නම් වේ. මහණෙනි, මේ සසුනෙහි සතිපට්ඨාන ධර්ම සතරකි. කවර සතරක්ද? යනාදී ස්ථාන ඊට උදාහරණ වේ.මෙසේ දැක්වෙන ප්‍රශ්න විචාරීම් අතුරින් පරිවිමංසන සූත්‍රය කථෙතුකම්‍යතා ප්රච්ඡාවෙන් දේශනා කරන ලද්දකි. සංයුත්ත නිකායේ නිදාන වග්ගයේ දුක්ඛ වර්ගයට අයත් පළමු සූත්‍ර වන එහිදී භික්ෂුවක් සිහි කල්පනා ඇතිව පරීක්ෂාකාරීව සිටින ආකාරය, ප්රශ්නෝත්තරයකින් අරඹා පෙන්වා දෙයි.පටිච්ච සමුප්පාද ධර්මයේ ජාති, ජරා, මරණ, භව, උපාදාන, වේදනා ආදී වශයෙන් ධර්ම කරුණු විග්රහ කිරීම එම සූත්‍රයේ දී සිදු වේ. වේදනාව පිළිබඳ විග්රහ කරමින් වේදනාවේ ප්‍රභේද තුන දක්වා, ඒ පිළිබඳ නිතරම සිහි කල්පනාවෙන් සිටිය යුතු බව පවසයි. එම වේදනා තුන නම්,1. සුඛ වේදනාව - සැප වින්දනය2. දුක්ඛ වේදනාව - දුක් සහිත වින්දනය3. අදුක්ඛ මසුඛ වේදනාව - දුක්, සැප මිශ්‍රව වින්දනයමේ වේදනා ගැන තත්ත්වාකාරයෙන් අවබෝධ කර ගෙන ඒවායෙහි නොගැටී විසිය යුතු බව බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙති. අනතුරුව තවත් වේදනා දෙකක් පිළිබඳ අපගේ අවධානය යොමුකරවා ඇත.1. කාප පරියන්තිකං වේදනං - කාය පරියන්තික වේදනාව2. ජීවිත පරියන්තිකං වේදනං - ජීවිත පරියන්තික වේදනාවමේ දෙක ද තත්ත්වාකාරයෙන් අවබෝධ කරගෙන විඳිය යුතු වේ. “කායපරියන්තික” යනු කය හිමිකොට ඇති වේදනාවයි. ඇස, කන, නාසය, දිව, ශරීරය යන ද්වාර පස මඟින් හට ගන්නා හෙවත් පංචද්වාරික වූ වේදනාවයි. “ජීවිත පරියන්තික” යනු දිවි හිම් කොට ඇති වේදනාවයි. මනසින් හට ගන්නා වේදනාවයි. හෙවත් මනෝද්වාරික වේදනාවයි.මෙහිදී අප මනුෂ්‍ය ශරීරයේ ඇති ඉන්ද්රිය සය ඇසුරින් හට ගන්නා වේදනාව දෙයාකාරයකින් විවරණය කර ඇත. ‘සළයතනං’ යනු එම ආයතන සයයි. ‘සළායතන පච්චයා ඵස්සෝ’ සළායතන ප්රත්යවීමෙන් ස්පර්ශය ඇතිවෙයි, හෙවත් ෂඩ් ආයතන, ෂඩ් අරමුණු සමඟ ගැටෙයි. ඒවායේ පහස ලබයි. ඉන් වේදනාවක්, වින්දනයක් ඇති වේ. ‘ඵස්ස පච්චයා වේදනා’ එම වේදනා අයතන අනුව දෙකොටසකට බෙදේ. ඒ කාය පරියන්තික වේදනාව හා ජීවිත පරියන්තික වේදනාව යනුවෙනි.සළායතන ඵස්ස වේදනා1.ඇස රූප2.කණ ශබ්ද3.නාසය ගඳ, සුවඳ4.දිව රස5. ශරීරය පහස කාය පරියන්තික වේදනාව6.මනස ධර්ම, සිතිවිලි ජීවිත පරියන්තික වේදනාව .මේ වේදනා දෙක පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක්, සාරත්ථප්පකාසිනී නම් සංයුත්ත නිකාය අටුවාවෙහි දක්නට ඇත. බුද්ධඝෝෂ මාහිමියන්ට ඒ සඳහා මහාවිහාරයේ පැවැති සංයුත්ත නිකායික හෙළටුවාවේ ඇසුර ලැබෙන්නට ඇතැයි සිතේ.පංචද්වාරික වේදනාව (කාය පරියන්තික) පසුව ඉපදී පළමුව නිරුද්ධ වේ. මනෝද්වාරික වේදනාව (ජීවිත පරියන්තික) පළමුව ඉපදී අවසානයට නිරුද්ධ ;ව්. මනෝද්වාරික වේදනාව සත්වයාගේ ප්රතිසන්ධික්ෂණයෙහි (පිළිසිඳ ගන්නා මොහොතෙහි) වස්තු රූපයෙහිම පිහිටයි. එසේම ජීවිතාවසානය දක්වාම පවතියි. ඒ අනුව ඉහත දැක්වූ වේදනා දෙක අතුරින් අපගේ ජීවිතයේ වැඩිකාලයක් පවතිනුයේ මනෝද්වාරික වේදනාවයි. පංචද්වාරික වේදනාව පවතිනුයේ ඊට අඩු කාලයකි. පංචද්වාරික වේදනාවෝ පළමු වසර විස්ස තුළ ඇලීම් ,කිපීම්, මුළාවීම් වශයෙන් අධික ප්‍රමාණයෙන් බලවත් වේ. වයස අවුරුදු විස්ස හතළිහ අතර දී පසිඳුරන්ගෙන් ලබන උපරිම වින්දනය මානව සත්වයා ලබාගනියි. අවුරුදු පනහක් වන විට ඇලීම් ආදී කි‍්‍රයාවලිය අකි‍්‍රය වෙමින් ඒ කෙරෙහි අරමුණු ගැනීම ටිකෙන් ටික අඩුවෙයි. හැට වැනි විය වන විට පිරිහී ගොස් අසූවිය , අනූවිය සපුරන විට දී අතිශයින්ම දුර්වල වෙයි. පංචද්වාරික වේදනා ඉතා වයස්ගත වූවන් කෙරෙහි නොපවතින නමුත්, මනෝද්වාරික වේදනාව පවතින්නේය. එයද අනුපිළිවෙළින් පිරිහී ගොස් මරණාසන්න කාලයේදී හදවතේ කෙළවර ඇසුරු කරමින් පවතියි.ඒ මනෝද්වාරික වේදනාව පවතින තාක් කල්ම “සත්ත්වයා ජීවත් වේ” යන්න යෙදේ. මනෝද්වාරික වේදනාව නොමැති වූ විට” සත්ත්වයා මැරුණේ යැ”යි ව්‍යවහාර වෙයි. මෙහි අර්ථ , වැව හා සම්බන්ධ කර, මෙසේ දත යුතුයි.පුරුෂයෙක් ජල මාර්ග පහකින් සමන්විත වැවක් සාදන්නේය. පළමු වැසි වැටීමෙන් ඒ ජල මාර්ග පහ පිරී. ඉන් ජලය පිවිස , වැව තුළ ඇති ආවාට පුරවයි. නැවත නැවත වැසි වැටෙන කල්හි, ඒ ඒ තැන උතුරා යමින් ජලමාර්ග පිරී ගවුවක් අඩයොදුනක් පමණ තැන් ජලයේ පිරී පවතියි. ඉන්පසු වැසි නැති සමයේදී ජලය පිටකරන වාන් දොරටු හැර දමා, කුඹුරු කර්මාන්ත සිදුකරන කාලයේදී ජලය වැවෙන් ඉවත් කරයි. ශස්‍ය පැසෙන කාලය වන විට වැවේ ජලය ඉතා අඩුවේ. ඒ කාලයේ “මාළු අල්ලමු”යි ගම් වැසියෝ වැවට පැමිණෙති. එවිට ද ආවාට කිහිපයකම ජලය ඉතිරිව පවතියි. එසේ ආවාට වල දිය ඇති තාක් කල් “ වැවේ ජලය ඇත” යන වහර පවතියි. ඒවාද සිඳී ගිය කල්හි “ මහවැව සිඳුණේය “ යන ව්‍යවහාරය ඇති වෙයි.දහම් කරුණු හා මේ උපමාව සන්සන්දනය කළ යුතු වන්නේ මෙසේ යැයි දත යුතුයි.පළමු වැසි වැටුණු කාලයේ ජල මාර්ග පහක් පිරී ජලය වැව තුළට අවුත් වැවේ ආවාට පිරෙන අවස්ථාව මෙන්, පළමුව පිළිසිඳගන්නා අවස්ථාවේ මනෝද්වාරික වේදනාව වස්තු රූපයන්හි පිහිටන අවස්ථාව දත යුතුයි. නැවත නැවත වැසි වැටෙන කල්හි ජල මාර්ග පහම පිරී ඉතිරී යන අවස්ථාව, පංචද්වාරික වින්දනයන්ම පවතින අවස්ථාව දත යුතුයි. කුසින් බිහිව ගත කරන ළදරු සමය , මෙහිදී අදහස් කැරේ. වැවේ ගවුවක්, අඩයොදුනක් පමණ උසට ජලය පිරී පවතින අවස්ථාව මෙන්, විසි වයස් පමණ වූ තරුණ කාලයේ ඇලීම්, ගැටීම් ආදියෙන් පසිඳුරන් ප්රබලව , බලවත්ව ඇති අවස්ථාව දතයුතුයි. වැවේ දිය පිරී පවතින කාලය මෙන් විසි විය සිට පනස්විය දක්වා වූ මනුෂ්‍ය ජීවිතයේ කාලය දත යුතුයි.(මේ කාලයේ බාහිර උපද්‍රව මගින් වැව විනාශ වුවහොත් මහා ව්‍යසනයක් ඇතිවන්නාක් මෙන් මනුෂ්‍යයාද ඉතා පරිස්සම් කරගත යුතු කාලයකි. වැරැදි අංශයට ගියහොත් මහත් ව්‍යසන ඇතිවන බැවිනි.) අනතුරුව ජලමාර්ග විවෘත කර , කෘෂිකර්මාන්තාදිය ඇරැඹූ කල්හි ක්‍රමයෙන් වැවේ දිය පිටවී වැව හිස්වන්නාක් මෙන්, වයස අවුරුදු හැටේ සිට ක්‍රමයෙන් ඉන්ද්රිය පිනවීම් පිරිහී යෑම, දත යුතුයි. දිය මාර්ග වල දිය බැසගොස් අල්ප වූ ජලය පවතින අවස්ථාව මෙන් අසූ - අනූ වියට එළඹි කල්හි පසිඳුරන්ගෙන් ලබන වින්දනය දුර්වල වූ අවස්ථාව දත යුතුයි. ආවාටයන්හි පමණක් දිය ඉතිරිව පවතින අවස්ථාව මෙන්, හදවතේ අග මනෝද්වාරික වින්දනය ඇසුරු කර පවතින අවස්ථාව දත යුතුයි. ආවාටයන්හි ස්වල්ප දියක් ඇති කල්හි ද “ වැවේ ජලය ඇතැ”යි පවසන මෙන්, හදවතේ සිතේ මනෝද්වාරික වින්දනය පවතින තෙක්ම “සත්ත්වයා ජීවත් වෙයි” යන ව්‍යවහාරය පවතී.යම් අවස්ථාවකදී ආවාටයන්හි ජලය ද සිඳී ගොස් “වැවේ දිය නැත. වැව සිඳුණේය. “ යනුවෙන් කියත් ද එමෙන්, මනෝද්වාරික වින්දනය නැති වූ කල්හිම “ සත්ත්වයා මළේය. යන ව්‍යවහාර ඇතිවෙයි.මෙනිසා ප්රතිසන්ධික්ෂණයේ සිට චුතික්ෂණය දක්වාම පවතින වින්දන මනෝද්වාරික වේදනාවයි. පසුව ඇති වී වයස් ගතවීමත් සමඳ ක්ෂය වී යන වින්දනය, පංචද්වාරික වේදනාවයි. මේ ගැඹුරු දහම් කාරණය තේරුම් කරදීමට ඉහත දැක්වූ පරිදි සාරත්ථප්පකාසිනී අටුවාවේ ගෙන ඇත්තේ ලංකාවේ පමණක් දක්නට ඇති “වැව“ යි වැව පිළිබඳ ගැමි කෘෂිකාර්මික ජනතාවට අටුවාටීකා විවරණ ඇසුරින් විස්තර කළ යුතු නොවේ. ඔවුන්ට එය ප්රත්යක්ෂ කාරණයකි. මේ දැනුම උපයෝගී කරගත් මහාවිහාරික සිංහල තෙරවරු පරිවීමංසක සූත්‍රය විවරණය කිරීමේදී කායපරියන්තික හා ජීවිත පරියන්තික වේදනාව විග්රහ කිරීමට “ වැව“ පිළිබඳ විග්‍රහය රැගෙන උපමා උපමේය ගලපමින් ඉතා විසිතුරුව දහම් නැණ විදහා දැක්වූහ. සංයුත්ත නිකායට ලියූ එම මහාවිහාරික සිංහල අටුවාව (හෙළටුවාව) හා මහඅටුවාව ප්‍රධාන මූලාශ්‍ර කරගත් බුද්ධඝෝෂ මාහිමියෝ සාරත්ථප්පකාසිනිය රචනා කළහ. බුදුගොස් මාහිමි ඉන්දීය මධ්‍යදේශ වාසී බ්රාහ්මණවංශිකයකු බැවින් වැව පිළිබඳ උන්වහන්සේ දැනුමක් නොතිබෙන්නට ඇත. ඒ වාපි සංස්කෘතිය ඇත්තේ ලංකාවේ පමණක්ම වන බැවිනි. එනිසා, මේ වැව උපමාවට යොදා ගත් දහම් විස්තරය, හෙළටුවාවකින්ම ගත් බව ස්ථිරය. ඉන් ප්‍රකට වනුයේ අපේ සිංහල මහ තෙරවරු, පරිසරයට ශ්‍රාවකයාගේ අත්දැකීම්වලට සසඳමින් සියුම් දහම් කරුණු විග්රහ කළ බවයි. ගැමියන්ගේ බසින්, ගැමි උපමා උපහැරණ ඇසුරින් දහම් කථා ලියූ ධර්මසේන මාහිමියන්ද (සද්ධර්මරත්නාවලි කතුවර) මෙහිදී අපගේ සිහියට නැගෙයි.ඔබ සැමට තෙරුවන් සරණයි
සසර බිය නසන කුසලට පමා නොවෙමුබළන්ගොඩ නළුවෙල ශ්‍රී ප්‍රියදර්ශන ධර්මරාජ පිරිවෙන් මහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී බළන්ගොඩ ජිනරතන නා හිමි“අච්චෙන්ති කාලා තරයන්තිරත්තියෝ ව යෝ ගුණං අනුපුබ්බං ජහන්තිඑතං භයං මරණේ පෙක්ඛමානෝලෝකාමිසං පජහේ සන්ති පෙක්ඛො”ඉහත සඳහන් කළ ගාථා ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් එක්තරා දේවතාවෙක් සඳහා දෙසන ලද පිළිතුරකි. එවේලෙහි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේය. මේ දේවතාවා මධ්‍යම රාති්රයෙහි එහි පැමිණ, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස! අප සතුව ඇති කාලය ගෙවී යනවා. ඒ සමඟම ආයු කාලය රාති‍්‍ර කාලයන්ගෙන් ඉකුත් වී සත්ත්වයා මරණයට පත් කරන්නේය. මේ කරුණු සසර බියට හේතුවකි. එය මරණය සමඟ සසඳමින් කුසල් කිරීම යහපත් වේයැ”යි බුදුරජාණන් වහන්සේට සැළ කෙළේය. බුදුරජාණන් වහන්සේ එම දේව භාෂිතය අනුමත කළ සේක.සසර බිය නසන කුසලට පමා නොවෙමුබළන්ගොඩ නළුවෙල ශ්‍රී ප්‍රියදර්ශන ධර්මරාජ පිරිවෙන් මහා විහාරාධිපතිගෞරව ශාස්ත්‍රවේදී බළන්ගොඩ ජිනරතන නා හිමිනමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.“අච්චෙන්ති කාලා තරයන්තිරත්තියෝ ව යෝ ගුණං අනුපුබ්බං ජහන්තිඑතං භයං මරණේ පෙක්ඛමානෝලෝකාමිසං පජහේ සන්ති පෙක්ඛො”සැදැහැවත් පින්වත්නි,ඉහත සඳහන් කළ ගාථා ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් එක්තරා දේවතාවෙක් සඳහා දෙසන ලද පිළිතුරකි. එවේලෙහි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේය. මේ දේවතාවා මධ්‍යම රාති්රයෙහි එහි පැමිණ, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස! අප සතුව ඇති කාලය ගෙවී යනවා. ඒ සමඟම ආයු කාලය රාති‍්‍ර කාලයන්ගෙන් ඉකුත් වී සත්ත්වයා මරණයට පත් කරන්නේය. මේ කරුණු සසර බියට හේතුවකි. එය මරණය සමඟ සසඳමින් කුසල් කිරීම යහපත් වේයැ”යි බුදුරජාණන් වහන්සේට සැළ කෙළේය. බුදුරජාණන් වහන්සේ එම දේව භාෂිතය අනුමත කළ සේක.(සංයුත්ත නිකාය අච්චෙන්ති සූත්‍රය - දේවතා වග්ගය)එහෙත් බොදුනු පිළිවෙත පින්කම් කිරීමට පමණක් ම සීමා වූවක් නොවෙයි. එහි මෙයට වැඩියෙන් ගැඹුරු අරුතක් ඇත. හැම බෞද්ධයකුගේම පරමාර්ථය සසර දුකින් මිදීමයි. එනම් ජාති, ජරා, ව්‍යාධි මරණාදී දුක්ඛයන්ගෙන් විමුක්තිය ලබා ගැනීමයි. ඊට සූදානම් වන තැනැත්තා “සන්තිපෙක්ඛ” නාමයෙන් හඳුන්වා ඇත. ඔහු විසින් පින් දහම් කරන්නේ ද එම පරමාර්ථයෙනි. දිව්‍යලෝකවල හෝ මනුෂ්‍ය ලෝකයේ සැප පතමින් නොවෙයි. පින් කිරීමේ දී එසේ යමෙක් සිතත් නම් ඉන් ඔහුගේ භව ගමන දීර්ඝ වී නිර්වාණාවබෝධය දුරස්ථ වෙයි. එයට හේතුව ලෞකික පැතීම් හේතුවෙන් තෘෂ්ණාව වර්ධනය වීමය. එයින් පුහුදුන් කෙළෙස් භරිත පුද්ගලයා අමිසය හෙවත් වස්තු කාමයට ගොදුරු වෙති. ඒ අනුව ඔවුන්ගේ ඒකායන බලාපොරොත්තුව පසිඳුරන් පිනවීම පමණය. එයින් තොර වූ ගුණාත්මක දිවි පෙවෙතක් ඔවුන්ට ඇත්තේම නැත. පස් පව්, දස අකුසල් කරමින් හෝ උපභෝග, පරිභෝග වස්තු සම්පත්වලට ම ජීවිතය කැප කරයි. ගේ දොර, ඉඩකඩම්, මිල මුදල්, නඩු හබ කියා හෝ සපයා ගැනීමට හෝ මාන බලනවා. එහි දී ඔහුගේ දිවි මග මෙත්, කරුණා, මුදිතා, උපේක්ඛා යන ආධ්‍යාත්මික ගුණ දහම් ඇති වෙන්නේ නැත. යුක්තිය අයුක්තිය තේරුම් ගත හැකි ප්‍රඥාවක් නැත. එය ආමිස තෘෂ්ණාව නමැති අන්ධකාර පටලයෙන් වැසී ඇත.පින්වත, ඔබට මෙම අදහසින් වැරැදි වටහීමක් ඇති විය හැකිය. එය ද ධර්මානුකූලව වටහා ගත යුතුව ඇත. බෞද්ධ පිළිවෙතට අනුව බෞද්ධයන්ට ධනය නිෂ්පාදනය සුදුසුු නැතැයි බුදුරජාණන් වහන්සේ නොවදාළහ. එසේ යමෙක් සිතත් නම් එය අන්තග්‍රාහී සිතිවිල්ලකි. බුදුරජාණන් වහන්සේ කාමභෝගී ගිහියන්ට ධන නිෂ්පාදනය හෝ පරිභෝජනය වාරණය කර නැත. නිවැරැදි දැහැමි රැකී රක්ෂා කොට ඇති හැකි අයෙක් වෙන ලෙස වදාළහ. සිඟාලෝවාද, ව්යග්ඝපජ්ජ ආදී සුත්‍ර ධර්මවල ඇති “ධර්ම න්‍යාය” ක්‍රම ඊට මනා නිදසුන්ය. ඒවායෙහි සඳහන් වන්නේ ධනයෙන් වර්ධනය වෙන මමත්වය දුරු කොට, උපේක්ෂා සහගත මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරන ලෙසයි. එසේ නොමැතිව ආමිෂයට ම ගොදුරු වූවන් “බාල” යන්නෙන් හඳුන්වා ඇත. ඔවුන් අස්ථිර ති්රලක්ෂණය හඳුනන්නේ නැත. එතරම් ම ඔවුහු ආමිසයට ලොල්ව කල් ගෙවති. මරණයෙන් සිදුවන සියලු වැනසීම් දකිමින් “මට පුත්තදාරකාදීන් සහිත ධනය ඇතැයි නිසරු සංකල්පයන්ට ගොදුරුව කල් ගෙවති. එම පිළිවෙත සසර දිගුªකරන දෙලොව පසුතැවිල්ලට හේතුය. එහෙයින් ම “ඉධතප්පති පෙච්ච තප්පති”යැයි වදාළහ.මෙම ගාථා ධර්මයෙහි සඳහන් පරිදි ලෝකාමිසය දුරු කිරීම යන්නෙන් අදහස් කරන්නේ ගිහි පැවිදි හැම දෙනෙක්ම ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අනුගතව වාසය කිරිමයි. හෙවත් සීල සමාධි ප්‍රඥා යන ති්රලක්ෂණ පිළිවෙත් අනුගමනය කිරීමයි. පුහුදුන් හැම දෙනෙක්ම ආමිසයට ගිජු වෙති. එනම් පසිඳුරන් පිනවීමට ඇති කැමැත්තයි. එම රුචිය “කාමච්ඡන්ද” යැයි දහමෙහි උගන්වා ඇත. මෙහි දී බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රායෝගික ජීවිතවලට වැටහෙන උචිත උපමා උපයෝගී කර ගෙන ඇත්තාහ. මේවා විමුක්ති අපේක්ෂා කරන්නන්ට වහා වැටහෙයි. ගතවෙන කාලයත් සමග රාති‍්‍ර කාල ගෙවී ආයුස නිමාවට පත්ව මරණයට පත් වෙයි, යන්න අවධාරණය වෙත්ම බුදු දහම පසුබිම් කර ගත් බුද්ධිමතුන්ට ජීවිතයේ යථාවබෝධය තේරුම් ගැනීමට මාවත උදා වෙයි.ඔවුහු ලෞකික ලෝකෝත්තර කාර්යය සාධනයෙහිලා වහා උත්සුක වෙති. එය අප්‍රමාදය හෙවත් අධිෂ්ඨානශීලී ජීවන පැවැත්මයි. එහි දී පුද්ගලයන් නිතැතින්ම අරි අටමගට පිවිසෙයි. දියුණුව අපේක්ෂා කරන සැමට මෙය විශ්ව සාධාරණ සනාතන දහමකි. එය නොදන්නා අයට අවබෝධකරදීම බෞද්ධ පිළිවෙතයි. ඉගැන්වීම, දේශනය කිරීම යන්නෙන් ද අදහස් කරන්නේ එයමය. එහි දී ආගම් හෝ ජාති හෝ වර්ග බේදයක් නැත. අවශ්‍ය වෙන්නේ, බුද්ධිමත්ව ප්රතිපත්තිකාමීවීම පමණය. “බුදු දහම” ලොවට සර්ව සාධාරණ පිළිවෙතක් ඉදිරිපත් කොට ඇති බව මෙම දහම් මාවත වටහා ගැනීමෙන් අවබෝධ වෙයි.මෙම පිළිවෙත් මඟට පිළිපන් අය තිදොරින් සංවරව ආචාර සම්පන්න වෙති. එසේම අධ්‍යාත්මය ශ්‍රේෂ්ඨ ගුණ දහමින් පරිපූර්ණය. එසේ නොවේ නම් ලොව සම්මතව පවත්නා ලෞකික දියුණුවට පත්විය නොහැකිය. දැන් අප මෙහිදී ආමිසයෙන් ඉවත්ව නිර්වාණාබෝධයට “චිත්තය” යොමුකර ගන්නේ කෙසේදැයි විමසා බැලිය යුතුය. මේ ගාථාවෙන් අරමුණු කර ඇත්තේ ලොව තේරුම් ගත යුතු විපරිණාම දෘෂ්ටියයි. හෙවත් ති්රලක්ෂණයයි. ආමිසයෙන් බැහැරව විශ්ව ලෝකය තේරුම් ගැනීමට නම්, ඇති වී නැතිවන නාම රූප ධර්මයන් අනිච්චානු පස්සනා, දුක්ඛානුපස්සනා, අනත්තානු පස්සනා යන ති්රලක්ෂණයෙන් බැලිය යුතුය. එම ක්‍රමය විපස්සනා භාවනාව හෙවත් පඤ්ඤා භාවනාවයි. මෙම ක්‍රමය අන්‍ය සමයාන්තරවල නැත. බුදු දහමෙහි ඇති අනිත්‍යතාවයත් එයමය.යෝගාවචරයා මෙලෙස සංඛාර ධර්මයන් ගේ ස්වභාවය තේරුම් ගන්නා කල්හි ඔහුගේ අධ්‍යාත්මය පාරිශුද්ධත්වයට පත් වෙයි. ඒ නිවන වසා දමන ආවරණය කරන පඤ්චනීවරණ ධර්ම ඉවත්වීමෙනි. එසේ ඉවත්ව යන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, උද්ධච්ච කුක්කුච්ච, ථීනමිද්ධ, විචිකිච්චා යන සසර බැඳ තබන ක්ලේශ ධර්ම සමුහයයි. ඒ සියල්ල ප්‍රහීණ කිරීමට අනුබලය දෙන්නේ ආසවක්ඛය ඤාණයයි. (කෙළෙස් නැති කරන නුවණ)බුදු, පසේබුදු, මහ රහත් යන තුන්තරා බෝධියට හෙවත් නිවණට පැමිණෙන්නේ එසේය. මෙය සසර දුකින් මිදීමයි. නැතහොත් භව ගමන කෙළවරට පත්වීමයි. මෙම ගාථා දහමට අයත් ශ්‍රී මුඛ දේශනයෙන් පැහැදිලි කර වදාළේ ආමිසයට ගිජු නොවී නිර්වාණයට පිවිසෙන මාර්ග පිළිවෙතය. එයට අනුගතව කටයුතු කිරීම සැදැහැවත් බොදුනු පිළිවෙත බව අදිටන් කර ගත යුතුව ඇත.සියලු සත්හට නිර්වාණාබෝධය ඇති වේවා!තෙරුවන් සරණයි.
අම්බුලුගල ශ්‍රී දන්තපාය රජමහා විහාරයවිස්තර හා ඡායාරූප පාලිත බණ්ඩාර ජයකොඩිරාජකීයයන්ගේ පුදබිමක් වශයෙන් පැවැති අම්බුලුගල රජමහා විහාරය කෝට්ටේ යුගයේ මහරජව සිටි හයවැනි සිරි පැරකුම්බා රජ විසින් ආරම්භ කළේ යැයි සන්නසකින් හෙළිවේ. එම සන්නස හිමි බණ්ඩාර නම් කෙනකු හට හයවැනි බුවනෙකබාහු හෙවත් සපුමල් කුමරු විසින් දුන් සන්නසකි. හයවැනි සිරි පැරකුම්බා රජු තමන්ගේ ජීවතාරක්ෂාව පතා අම්බුලුගල ගමේ ගත කළ තම බාල කාලය සිහිපත් වීම සඳහා මේ ස්ථානය කරවූ බව එහි වැඩි දුරටත් සඳහන් වේ.
රාජකීයයන්ගේ පුදබිමක් වශයෙන් පැවැති අම්බුලුගල රජමහා විහාරය කෝට්ටේ යුගයේ මහරජව සිටි හයවැනි සිරි පැරකුම්බා රජ විසින් ආරම්භ කළේ යැයි සන්නසකින් හෙළිවේ. එම සන්නස හිමි බණ්ඩාර නම් කෙනකු හට හයවැනි බුවනෙකබාහු හෙවත් සපුමල් කුමරු විසින් දුන් සන්නසකි. හයවැනි සිරි පැරකුම්බා රජු තමන්ගේ ජීවතාරක්ෂාව පතා අම්බුලුගල ගමේ ගත කළ තම බාල කාලය සිහිපත් වීම සඳහා මේ ස්ථානය කරවූ බව එහි වැඩි දුරටත් සඳහන් වේ. ඒ අනුව කෝට්ටේ යුගයේ හයවැනි පැරකුම්බා හයවැනි බුවනෙකබාහු , අටවැනි වීර පරාක්‍රමබාහු යන රජවරුන් ගේ හා මායාදුන්නේ යුවරජු හෙවත් පරතාපසිංහ කුමරු යන සිව්දෙනාගේ ජීවිත ප්රවෘත්ති හා මෙම ස්ථානය සම්බන්ධ වේ.ජනප්රවාදයේ එන ලෙසට පරසතුරු උවදුරු වලින් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කර ගැනීමට රහසිගතව මෙහි තැන්පත් තර තිබූ බව සඳහන් ය. එනිසා ශ්‍රී දන්තපාය යනුවෙන්ද මෙම ස්ථානය හඳුන්වනු ලැබේ. දෙමහල් ටැම්පිට පිළිමගෙයක් වන මෙහි එකල යටි මහලේ පිළිමගෙයද, උඩුමහලේ දන්තධාතුන් වහන්සේ තැන්පත් කර තිබූ බවද සිතිය හැක. නමුත් මෙම විහාරගෙය පිළිබඳව කළ පුරා විද්‍යා සමීක්ෂණ වලදී කෝට්ටේ යුගයේදී මෙය දෙමහල් පිළිමගෙයක් ලෙස පැවැති බව පෙනී ගොස් ඇත. පහත මාලයේ බුදු පිළිමය තිබූගල් පුවරුව තවමත් එතැන දැකගත හැකිය. විහාර මන්දිරය ගොඩ නගා තිබෙන්නේ අඩි 26 ක් දිග අඩි 18 ක් පළල ගෙපලක් මත ය. වේකොළදෙණියේ නල්ල පෙරුමාල් ශිල්පියා විහාරය ඉදිකළ බව සතර කෝරළයේ විත්ති පොතේ සඳහන් වේ.මෙහි ඇති ගල් උළුවස්ස නිසා මෙම ස්ථානය පුරාවිද්‍යාත්මකව විශේෂ වටිනාකමක් දක්වයි. එහි ඇති කැටයම් කෝට්ටේ යුගයට අයත්වන අතර ලංකාවේ කිසිදු පළාතක විහාරස්ථානයක නොමැති රූප එහි ඇත. මෙහි උළුවහු කණු දෙකක්, හරස් කඩයත් ගලින් නිමවා පසුව ගල් තුනම එකතු කොට කැටයම් කර ඇත. සිංහරූප , ලියවැල්, පලාපෙති,මල්වැල් හා ශූන්‍ය තීරු යොදා මෙය නිමවා තිබේ.ගල් කණුද කැටයම් කළ ඒවා වේ. ඉහල මහලට නැගීමට ලී තරප්පුවකි. දැනට පවතින උඩු මහලේ චිත්‍ර මහනුවර යුගයට අයත් ඒවාවේ. උඩරට සිංහල චිත්‍ර සම්ප්‍රදායට අනුව විහාර චිත්‍ර නිමවා ඇති අතර මෙහි පිහිටුවා ඇති සමාධි පිළිමය නැගෙනහිර දිශාවට මුහුණලා ඇත.චෛත්‍යය විහාරයේ ඝණ්ඨාර කුළුණ මේ අනුව මෙම පැරැණි විහාර මන්දිරයෙන්, කෝට්ටේ යුගයට සහ මහනුවර යුගයට අයත් තොරතුරු අපට සනාථ වේ. මුල් කාලයේ එනම් කෝට්ටේ යුගයේදී මෙහි පහත මාලය හුදෙක් ශාලාවක් ලෙස වන්දනා කරුවන්ට ප්‍රයෝජන ගත හැකි පරිදි සකස් කර ඇත. මෙහි ඇති කැටයම් පිළිබඳ පුරා විද්‍යාඥයකු වශයෙන් ප්‍රථම වතාවට සටහනක් තබා ඇත්තේ එච්. සී.පී. බෙල් මහතාය. ඔහුගේ “කෑගලු “ පුරා විද්‍යා පාලන වාර්තාවේ” පිටුවක්පුරා අම්බුලුගල ගල් උළුවස්ස හා ගල්ටැඹක සිතුවමක් දක්වා ඇත. සමහර පුරා විද්‍යාඥයින්ගේ මතය අනුව මෙම ගල් උළුවස්ස විහාරයට අයත් වූවක් නොවන බවත්, එය නටබුන් වුණු අම්බුලුගල රජ මාළිගය වැනි වෙනත් තැනක තිබී මෙහි ගෙනෙන ලද්දක් ලෙස සිතීමට හැකි බවත් කියැවේ.පැරැණි ගල් උළුවස්ස නව විහාර මන්දිරය මෙහි විශේෂ පිළිසකර කිරීමක් කි‍්‍ර.ව. 1869 - 1885 අතර කාලයක කර ඇත. ඒ අස්ගිරි පාර්ශ්වයේ වැඩ විසු මහානායක වත්තේගම ධම්ම කිත්ති ශ්‍රී සුමංගල මහ තෙරණුවන්ගේ කාලයේය.වර්තමානයේ මෙහි විහාරාධිපති ලෙස පූජ්‍ය අරම සුමණ ධම්ම හිමි කටයුතු කරන අතර ඝණ්ඨාර කුළුණ සංඝාවාසය , ධර්මශාලාව, චෛත්‍යය රාජයාණන් වහන්සේ උන් වහන්සේ ගේ අනුශාසනා ඇතිව ඉදිකර තිබේ. කෝට්ටේ යුගයේ සිට පැවත එන බෝධිය වටා රන් වැටක් සහිත ප්රාකාරයක් ඉදිකිරීමට යොජිතය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී දළදා මහ පෙරහර මංගලෝත්සවයඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී දළදා මහා පෙරහර මංගලෝත්සවය කෝට්ටේ රජමහා විහාරාධිපති අලුත්නුවර අනුරුද්ධ නාහිමියන්ගේ අනුශාසනා පරිදි සැප්තැම්බර් 3 වනදා සිට 16 වනදා දක්වා පැවැත්වේ. ඒ අනුව මෙම 3 වැනිදා සර්ව රාති‍්‍රක මහ පිරිත සහ 4 වැනිදා උදේ මහා සංඝගත දක්ෂිණාව පැවැත්වේ. එම පෙරහර සඳහා 5 වැනිදා රාතී‍්‍ර කප් සිටුවීමෙන් අනතුරුව 6 සහ 7 දිනවල තේවාවද 8 වැනිදා කුඹල් පෙරහරද 9, 10, 11 තෙදින තුළ මල් පෙරහරද 12 වැනිදා පාවාඩ පෙරහරද 13 වැනිදා වීථි පෙරහරද 14 වැනිදා රන්දෝලි පෙරහරද 15 වැනිදා ශ්‍රී දළදා මහ පෙරහරද 16 වැනිදා උදේ දියකැපීමේ පෙරහර සහ දවල් දේවදානය පැවැත්වේ.
වැවසිසිල් පවනක් ගත සනසවාහමා යන සඳ මුළු අහස් වියනමරඹ පැහැයෙන් දිදුලනා කල්හිවැව් ජලය මත මළ හිරුජල කෙළියෙ යෙදෙන සඳකොරවකුන් නාද කරන කලසියපත් මුකුලිත වේසැදෑ අඳුර අහස් කුස සිප ගන්නා විටවැව අසබඩ සුන්දරද කෙතරම්
ගහට ගිය මිනිහටත් උත්තරයක් තිබුණා ලුරා මදින්නා මුට්ටිය බා ගැනීමට ගිය විට මුට්ටියේ රා අඩුවී ඇති බව දුටුවේය. මෑත සිට නිතර නිතර මුට්ටියේ රා අඩුවන්නේ කවුරුන් හෝ හොරෙන් ගහට නැඟ රා බොන නිසා බව ඔහුට වැටහුණි. මේ හොරා ඇල්ලීමට ඔහු ඉටා ගත්තේ ය.එදා අවේලාවේ රා මදින්නා ගහ වෙත එද්දී නාදුනන මිනිසකු ගහේ සිටිනු ඔහුට පෙනුනි.“කවුද ඔහේ? මොකද ඔහේ මේ ගහට නැග්ගේ?” රා මදින්නා කේන්තියෙන් ඇසුවේ ය.“මම මේ තණ කොළ ටිකක් කපා ගන්න ආවා.” හොරා කලබල නැතිව කීවේ ය.“තණ කොළ? ගහ උඩ කොයින්ද තණ කොළ?” රා මදින්නා තවත් සැරෙන් ඇසුවේ ය.“නැති නිසා නේන්නම් මේ බහින්නේ” යැයි උත්තර දුන් හොරා හෙමිහිට ගසෙන් බැස ගත්තේ තොල කට පිස දමමිනි.
ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිලුඑක් උපාසක තැනක් හාමුදුරුවන් වහන්සේ නමකට දානයක් දීමට සිතුවේය. එබැවින් ඔහු එක් උදයක අසල පන්සල වෙතට ගොස් හාමුදුරුවන්ට දානයට ආරාධනා කොට උන් වහන්සේ ද කැඳවා ගෙන ගෙදර බලා එමින් සිටියේ ය.උපිසක ගෙදරට යායුතුව තිබුනේ වෙල්යායක් මැදිනි. උපාසක තැන හාමුදුරුවන් පෙරටු කොටගෙන නියර දිගේ එමින් සිටියේ ය. ඔවුන් පැමිණි නියරේ එක් තැනෙක ලොකු වක්කඩක් තිබුණි. එතැනට පැමිණි හාමුදුරුවෝ වක්කඩ හරහා එක පිම්මෙන්ම අනෙක් පැත්තට පැන්නෝය.පසුපසින් ආ උපාසක තැන හාමුදුරුවන්ගේ මේ හැසිරීම දැක මහත් සිත්තැවුලට පත්විය.“මං මෙච්චර ආසාවෙන් සර්ධාවෙන් මේ දානය ලකලෑස්ති කළාට මොකද මේ හාමුදුරුවෝ නම් සිල්වත් කෙනෙක් නෙවෙයි වාගේ. දැක්කද කිසිම සංවරකමක් නැතුව වක්කඩෙන් පැනපු හැටි!” ඔහු සිතුවේය.මේ හාමුදුරුවන් එසේ මෙසේ කෙනෙකු නොවීය. උන් වහන්සේ රහත් නමක් වූ සේක. එබැවින් උපාසක තැනගේ සිතුවිල්ල මදක් හෝ අඩු නැතිව එතුමෝ දිවැසින් දුටුවෝ ය. ඒ නිසා රහත් හාමුදුරුවෝ නතරව උපාසක තැන ඇමතුවෝය.“උපාසක තැන, මම වක්කඩෙන් පැනපු හැටි හිතලා හිත නරක් කර ගත්තා නේද?”“එහෙමයි”“ඒක මම හිතා මතා කළ දෙයක් නොවෙයි. මීට බොහෝම මෑත ආත්මෙක මං වඳුරෙක් වෙලා ඉපදිලා ඉඳලා තියෙනවා. වඳුරාගේ පුරුද්ද පනින එකයි. ඉතින් මේ නිවන් දකින මිනිස් ආත්මේ ඉපදිලත් මගේ ඒ සසර පුරුද්ද අතහරින්න බැරි වෙලා තියෙනවා. ජන්මෙට වඩා පුරුද්ද ලොකු නිසයි එතනින් පැන්නේ.” කියා හිමුදුරුවන් වහන්සේ වදාළේය. එවිට උපාසක තැනගේ සිත තැන්පත් වී යලිත් සැදැහැයෙන් පිරී ගියේ ය.
අන්දයාට කිරේ පාට කිව්වා වාගේඑක් හිඟන්නෙකු දිනක් හිඟමනේ යද්දී ඔහුට දී කිරි ටිකක් ලැබුණි. එය ද රැගෙන අම්බලමට ආ හිඟන්නා දී කිරි කන්නට සැරසෙනවාත් සමඟම තවත් අන්ධ හිඟන්නෙක් අම්බලමට ආවේය. අන්ධයාත් සමඟ බෙදාගෙන දී කිරි කන්නට ඔහුට සිතුණි.“යාළුවේ, දී කිරි ටිකක් කමු ද?” පළමු හිඟන්නා අන්ධ හිඟන්නාගෙන් ඇසුවේය.“කිරි? අනේ, මං කවදාවත් කාලා නැහැ නොවෑ. කිරි මොන වාගේද?” අන්ධයා ඇසුවේය.“කිරි සුදු පාටයි නොවෑ” හිඟන්නා කීවේය.“සුදු? සුදු මොන වාගේද?”“සුදු ද? සුදු හරියට කොකා වගේ.”“ හැබෑටම ? එතකොට කොකා මොන වගේද?” අන්ධයා තවත් උනන්දු වෙමින් ඇසුවේය.“කොකා හරියට මෙන්න මේ වගෙයි.” කී හිඟන්නා තම අත කොකකු මෙන් හැඩකොට පෙන්වූයේ ය.“කෝ බලන්න” යැයි අන්ධයා හිඟන්නාගේ වක්ගැසුණු අත ඉහළ සිට පහළට හොඳහැටි පහළට අතගා බැලුවේය. ඒ සමඟම පස්සට පැන්නේය.“අපෝයි දෙයියනේ, එතකොට කිරි මේ වගේද? මට නම් එපා. මේ වගේ වක්ගැහුන එකක් කෑවොත් මගේ උගුරේ හිරවෙයි.” කී අන්ධය නොකැමැත්තෙන් මුහුණ හකුළුවා ගත්තේ ය.
වලිගය කඩාගත් නරියා වාගේනරි නයිදේ එක් දිනක් කෑමට මොනවා හෝ සොයා ගැනීමට සිතමින් කැළෑපාර දිගේ ගම දෙසට එමින් සිටියේය.කැළෑ සතුන් අල්ලා ගැනීමට කැළෑවේ උගුල් අටවා තැබීම ඇතැම් ගැමියන්ගේ සිරිතය. මෙසේ එක් අයෙකු අටවා තැබූ උගුලකට නර්නයිදේ කොයි තරම් කපටි වුවත් හදිසියේම හසු වූයේය. උගුලට හසු වූයේ උගේ වලිගයයි. කොයි තරම් උත්සාහ කලත් උගේ වලිගය ගලවා ගත නොහැකි විය. මෙසේ කලබල වී දඟලද්දී වලිගය මුලින්ම කැඩී ගියේය. නර් නයිදේට මහත් වේදනාවක් සහ ලැජ්ජාවක් දැණුනි.“දැං ඉතින් මොකද කරන්නේ?” නරිනයිදේ වේදනාව උසුලමින්ම කල්පනා කළේය.කෙසේ වෙතත් දවස් දෙක තුනක්ම ගත වනතුරු නරිනයිදේ නෑයන් අතරට නොගොස් සැඟවී හුන්නේය. අන්තිමේදී බොරුවක් ගොතාගෙන නෑයන් අතරට ගියේය. නර්නයිදේ දුටු රංච්වේ අනෙක් නයිදෙලා පුදුමයෙන් බලා සිට සිද්වූයේ කුමක්දැයි විමසීය.“නෑදෑයිනේ, යාළුවනේ, මේ බලාපල්ලා මම මගේ වලිගය ගලවාගත්තා. මිනිසුන්ට වගේ මටත් දැං වලිගයක් නෑ. බලාපල්ලා මට කොයිතරම් පහසුද කියලා. ඇඟටත් හරිම සනීපයි. උඹලත් මේවගේ වලිගය ගලවා ගනිල්ලා.”නරියා කියන්නට විය.මේ නරිනයිදේ වගේම අනේත් නරිනයිදෙලාත් කපටිය. මෙතන මොකක් හෝ හොරයක් ඇති බව ඔවුන්ට වැටහිණි.“මේකා කියන්නේ අලි බොරුවක්, මෙයා කොහේහරි මගඩියකට ගිහිල්ලා කරදරේක පැටලිලා තමයි වලිගය නැත්තේ.” එකෙක් කීවේය.“ඔව්, ඔව්, ඒක ඇත්ත” කවුරුත් එක හඬින් කීය.අපට වලිගයක් ඕන නිසයි දෙයියෝ අපිට වලිගයක් දීලා තියෙන්නේ. උඹේ වලිගය නැති වුණ නිසා උඹ අපේ වලිගයත් නැත් කරන්න හදනවා. නෑයන්ව, යාළුවන්ව, රවට්ටන උඹ මහ බොරුකාරයෙක්.” එක් වැඩිහිටියෙක් කීවේය.“ඔව් පලයං! පලයං! උඹ වගේ වංචාකාරයෙක් අපි අතරේ ඉන්නවට අපි කැමති නෑ”කියමින් කව්‍ර්ත් කෑ ගසන්නට විය.බොරුවත්, වංචාවත් නිසා නෑ හිතවතුන්ගේ අනුකම්පාවත් අහිමි කරගත් නරිනයිදේ හෙමිහිට කැළෑවට ඇදුනේ මහත් ලැජ්ජාවෙනි.
රා බී ගත් මීයා වගේඑක් ගෙදරක මී රැළක් මී ගුලක් සාදාගෙන ජීවත් වූහ. මෙයින් එක් තරුණ මී අප්පු කෙනෙක් කෑමට යමක් සොයමින් ගේ පුරා ඇවිදිමින් සිටියේ ය. මෙවිට ගේ හිමියා සඟවා තිබූ රා මුට්ටියක් ඔහුට හමුවිය. එහි සුවඳ නිසා මී අප්පු වහ වහා රා මුට්ටියට හිස පොවා බඩ පුරා රා බීවේය. රා බීමත් සමඟම ඌ හොඳමට මත් විය.මීයන්ගේ සතුරා වූ බළල් හාමි මී දඩයමට හපනෙකි. රා බී වෙරි වූ මී අප්පුට සැණෙකින් මතක් වූයේ තම සතුරාය. වෙරි මත නිසා මී අප්පුට තමා වීරයකු සේ හැඟුණි.“කොහේ ද ඔය බළලා කියන ලොක්කා ඉන්නේ? ඌ මොන බොරු චන්ඩියෙක්ද? මට ඌ අහුවුනොත් උස්සලා පොළවේ ගහනවා. එන්නෙයි කියාපල්ලා බලන්න” වෙරි වූ මී අප්පු දෙපසට වැනෙමින් තම පිරිස අතරට යමින් ගර්ජනා කරන්නට විය.මී අප්පුගේ සද්දය ගෙදර සිටි කුඩා ළමයකුට ඇසිණි. ළමයා වරක් “ඤාව්” ගෑවේ ය. ඒ හඬ ඇසුණු සැණින් මී අප්පුගේ වෙරි සිඳුණි.“ අනේ සමාවෙන්න. මම එහෙම කිව්වේ විහිළුවට.” මී අප්පු ගැහෙමින්ම වැඳවැටුණේය.ළමයා යලිත් “ඤාව්” ගෑවේය.“අනේ, මේ කාපු බීපු වෙලාවට කියන දේවල් ඔය උත්තමයෝ ගණන්ගන්න එපා.” යයි කියමින් මී අප්පු හෙමිහිට මී ගුලට රිංගා ගත්තේය.
නයයි පොළඟයි වගේනියං කාලය උදා විය. ඇළ, දොළ, ගංගා ආදිය සිඳී ගියේය. ගම් වැසියන් වතුර සොයා ගත්තේ ඉතා අසීරුවෙන් ගැඹුරු ළිං වලිනි.කැළෑ සත්තු බීමට දිය පොදක් නොමැතිව පිපාසයෙන් දහදුක් වන්දෝය. මෙසේ වූ එක්දිනක නයි හාමි දිය බිඳක් සොයා ගම්මානයේ ගෙවල් ඇති ඉසව්වට හොර රහසේ පැමිණියේය.ගමේ එක්තරා නිවසක දෙමව්පියෝ තම සිඟිති දරුවා වතුර කොරහක හිඳුවා තබා හේනට ගියෝය. සිඟිත්තා පොල් කටුවක් අතැතිව කොරහේ වතුර සමඟ සෙල්ලම් කලේය.මේ දුටු නයිහාමි හෙමිහිට එතනට ඇදී අවුත් කොරහේ වූ වතුර සිත් සේ උරා බොන්නට විය. හය හතර නොතේරෙන කිරි දරුවා පොල් කට්ටුවෙන් නයිහාමිට පහර දෙමින් ඌ තම සෙල්ලමට ඈඳා ගැනීමට තැත් කළේය. එම පහරේ වේදනාව ඉවසිය නොහැකි වුවත් කලබල නොවූ නයිහාමි ඇති පමණ දිය බී ආපසු ඇදී ගියේය.කැළෑව දෙසට ඇදෙන නයි හාමිට පිපාසයෙන් පීඩිතව දිය සොයන තවත් මිතුරෙක් වූ පොළොං හාමි මුණගැසුණි.“අනේ යාළුවේ, උඹ නම් වතුර බීලා තියෙනවා. කියාපන් කොහෙද වතුර තියෙන්නේ?” පොළොංහාමි අසරණ ලෙස ඇසුවේය.තම මිතුරා වුවත් පොළොංහාමි නපුරකු බව දන්නා නයිහාමි නිශ්ශබ්දව සිටියේ ය.“අනේ යාළුවේ, උඹේ හොස්සෙන් ම පේනවා වතුර බීපු බව.අපි ඔක්කෝම වතුර නැතුව එකම කරදරේක වැටිලා ඉන්න මේ වෙලාවේ ඇයි උඹ යාළුවන්ට උදව් නොකරන්නේ? වතුර තියෙන්නේ කොහේ ද?” පොළොං හාමි පිංසෙන්ඩු වන්නට විය.පොළොංහාමි පිළිබඳ අනුකම්පා සිතින් “එහෙනම් යාළුවේ මම තැන කියන්නම්, හැබැයි එක පොරොන්දුවක් වෙන්න ඕන. ඒ වතුර කොරහේ ඉන්න කිරි දරුවා සෙල්ලමට පොල්කටුවෙන් ගහවි. කොච්චර රිදුනත් කේන්ති ගන්න එපා. වතුරටික බීලා හිමින්සැරේ එන එකයි තියෙන්නේ.” නයිහාමි කීවේය.“හොඳයි, හොඳයි, මම ඕනදෙයක් පොරොන්දු වෙන්නම්.” කී පොළොං හාමි මග සළකුණු අසාගෙන ළමයා සෙල්ලම් කරමින් සිටි වතුර කොරහා සොයාගෙන ආවේය.පොළොංහාමි නපුරකු බව දත් නයිහාමි ද පසුපසින් විත් සැඟවී බලාහුන්නේය. පොළොංහාමි වතුර උරාබොද්දී දරුවා පොල් කටුවෙන් ගැසුවේය. ඒ පහරින් රිදුන පොළොංහාමිට හොඳටම තරහා විත් එකවරම පැන දරුවා හපා කෑවේය. දරුවා පොළොං විසෙන් සිහිමුරුජා වෙද්දී පොළොංහාමි වතුර බී ඉවත ගියේය. සියල්ල බලා සිටි නයිහාමි වහවහා එතනට පැමිණ පොළොංහාමි හපා කෑ තැනට මුව තබා විස උරන්නට විය. දරුවා සනීප වී යලිත් සෙල්ලම් කරන්නට පටන් ගත්තේය.එදා පටන් නයි හාමිත්, පොළොං හාමිත් තරහාකාරයෝ වූ හ.
ගරහිත ජාතකයයටගිය දවස බරණැස් නුවර බ්‍රහ්ම දත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි බෝධිසත්වයන් වඳුරුව උපන්සේක. වඳුරුව උපන් ගමනේ බෝධිසත්වයන් වහන්සේ එක් වැද්දෙක් වඩාගෙන ගොස් බරණැස් නුවර රජ්ජුරුවන්ට දින. රජ්ජුරුවෝතු බෝධිසත්වයන් වහන්සේත් මනුෂ්‍යයන්ගේ සත්ගුණය ඉගෙන ගෙන ව්යවස්ථිතව වාසය කරන්නාහ. රජ්ජුරුවෝත් වානරයාගේ ව්යවස්ථිතව දැන බෝධි සත්වයන් අල්වාගෙන වැද්වුට කියන්නා “සොඳුර ගෙනගොස් මේ වඳරා ඇල්ලු වනයෙහිම ලා පියව” යි කියා යවූහ.ඒ කියන වැදිත් කී ලෙසම හිමාලය වනයට ගෙන ගොස් අළහ. බොහෝ වඳුරෝ බෝධ්සත්වයන් අල්වා ගෙනා වැද්දවුට කියන්නා “ සොඳුර ගෙන ගොස් මේ වඳුරා ඇල්ලු වනයෙහිම ලා පියව” යි කියා යවූහ. එකියන වැදිත් කී ලෙසම හිමාලය වනයට ගෙන ගොස් අළහ. බොහෝ වඳුරෝ බෝධිසත්වයන් හා කථාකරන්නාහු “ ඇයි කිමෙක්ද? මෙතෙක් දවස් කොයි ගියේදැ”යි විචාළහ. බෝධිසත්වයෝ කියන්නාහූ ‘එක් වැද්දෙක් මා අල්වාගෙන ගොස් බරණැස රජ්ජුරුවන්ට පෑය. රජ්ජුරුවෝත් මාගේ ගුණ ක්‍රියාව දැක මා මෙතනට ඇරවාපුව”යි කීහ. වානරයෝ එපවත් අසා විචාරන්නාහු “මනුෂ්‍යයන්ගේ අනිත්‍යය, දුකඛ්ය, අනාත්මයයි කියන තිලකුණු නොදැන මමය යන ග්රහණීන් දවස් අරනාහූ මේ මාගේ රත්රන්, අමුරන්, මේ මාගේ අඹුදරුවෝ ආදී දෙයයි” කියා ඇල්ම කොට දවසඅරිනාහ. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය එක්ව දැළරැවුල ඇති සත්වයන් පුරුෂයන් කියාත්, තන හා කන් විදීම් හා මේ වර ආදී වූ දෙය ලා ඉන්නාවූන් ස්ත්‍රියකැයි කියාත්, මෙසේ දෙපක්ෂයක් ඇතිව උනුන්ට විවාහ මඟුල් ආදී වූ දෙය කොට ස්ත්‍රී පුරුෂයන් එකගෙයි වාසය කොට ස්ත්‍රියගේ ආධිපත්‍ය ඇතිව දවස් අරණා පරිද්දෙන් බෝධිසත්වයෝ කියන්නාහ. එයින් ගරහිත ජාතකය නිමාවන වගයි.
කොසිය ජාතකයඑක් රජ්ජුරු කෙනෙක් ඒ කාලයෙහි යුද්දයට නික්ම මඟුල් උයන කඳවුරු බැදගෙන උන්නාහ. ඒ වේලාවට එක් බකමූනෙක් උනපඳුරක් මධ්‍යයෙහි සැතපුනේය. කවුඩෝ උනපඳුර වටකරගෙන උන්නාහ. බකමුහුණු තමාට බල ඇතිව රූපිවත් නොවී දහවල්ම පිටත් විය. එවිට කවුඩන් බකමූණා වටකරගෙන බකමූණාගේ ඔළුවට ඇන එතනින් එලෙව්වාය. රජ්ජුරුවෝ එය දැක තමන්ට අමාත්‍යකම් කරමින් සිටි බෝධිසත්වයන්ගෙන් “මේ කිමෙක්දෑ” විචාළාහ.“රජ්ජුරුවන් වහන්ස, මේ බකමූණා පිටත්වූයේ නියම කාලයේ නොවන හෙයින් බොහෝ විනාශ සිදුවිය.මේ බකමූණත් අනෙක් බකමූණන් පිටත්වන රෑම මෙතනින් පිටත් වී නම් අතුරු ආන්තරයක් නොවීමට ඉඩ තිබුණි.”යි බෝධිසත්වයෝ කීය.ඒ සමයෙහි රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථිවිරයෝය. අමාත්‍යව උපන්නේ බුදුරජාණන් වහන්සේය.නවීන් නිපුණ
කුම්භිල ජාතකයයට ගිය දවස බරණැස් නුවර භ්රග්මදත්ත නම් රජකෙනෙකු රාජ්‍ය කරන සමයේ අප මහා බෝසතාණෝ හිමාලය වනය සමීපයෙහි අප මහා බෝසතානෝ හිමාලය වනය සමීපයෙහි වඳුරු යෝනියෙහි ඉපිද ඇත් හා සමාන බලැති ඒ වානර තෙමේ ගඟකින් එතෙර මෙතෙර යන්නේ ඒ ගඟෙහි වාසය කර කිඹුල් ධේනුවක් මහාබෝසතාණන් වහන්සේ දැක හදවත කන්නට දොලක් උපන්හ. ඒ බව තම ස්වාමි පුරුෂයා වූ කුඹුලාණන්ට කීය. ඒ කාරණය ඇසූ කිඹුලාණෝ මහ බෝ සතානන් අල්ලන්නට බොහෝ උත්සාහ කරත් නොහැකිව එක් දවසක් මහා බෝ සතානෝ මෙසේ ස්තූති කළේය. වානරේන්ද්රයන් වහන්ස, නුඹ වහන්සේගේ සත්‍යද, ප්‍රඥාව හා ධෛර්යද, ත්‍යාගයද යන යහපත් වූ ගුණයන් ඇත්තා සතුරන් ජය ගන්නේ යැයි කියා ලැජ්ජාවට පත්ව යන්නට ගියේය. ඒ සමයෙහි කිඹුල් දේනුව නම් චිංචිමානවිකාවය. කිඹුලා නම් දේවදත්ත ස්ථවිරයෝය. වානරව උපන්නේ බුදු වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක. චම්මි සෙව්වන්දි
අනභිරති ජාතකයයටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන සමයෙහි බෝධිසත්වයන් වහන්සේ බරණැස් නුවර දිසාපාමොක් ආචාරීව ඉපිද බොහෝ ශිෂ්‍යයන්ට අකුරු කියවා වාසය කරන සේක. එසමයෙහි අතවැස්සන්ට ප්‍රධානව බෝධිසත්තවයන්ට ඉක්බිතිව ඉන්නා බ්‍රහ්මණයෙක් ඇත. ඒ බ්‍රහ්මණයා පංචකාමයෙහි හා ගිහිකම් කටුල්ලෙහි කළකිරී වනයේ තපස් රකිම්හ” කීය. එබස් අසා “එම්බල කැළබුනාවූ සිතුවිල්ලෙන් ශාසත්‍රය නොපෙණෙන්නේය. ප්‍රසන්න වූ ජලයෙහි සිප්පි මස්කැස්බන් පෙණෙන්නා සේ ප්‍රසන්න වූ සිතුවිල්ලේ බොහෝ ශාස්ත්‍ර සිතා තිබේදැයි” වදාරන ලදී.
උපසාල්හක ජාතකයයටගිය දවස රජගහ නුවර උපසාල්හක නම් බමුණෙක් ඇත, ඒ තමාත් තමාගේ පුතා හා සමඟින් කවුරුවත් නොමැති පළාතක වාසට කල යුතුයි කියා ගිජ්ජකූට පර්වතයට නැංගේය. බෝධිසත්වයෝ මගධරට බමුණුකුලයක ඉපිද දිසාපාමොක් ආචාරීන් අතුරින් ශිල්ප නිමවා පැවිදිව ගිජ්ජකූට පර්වතයේ වාසය කරන්නේය. බමුණා හා පුතා ගිජ්ජකූට පර්වතයට අවුත් බස්නා වේලාවේ උන් හා සමඟ පර්වතයට නැඟී “තොප කරන්නේ කුමක්දැයි” ඇසීය. එපවත් අසා තාපසයෝ පරසිත් දන්නා විසින් “එම්බල බ්රහමණය සුචි පවිත්‍රයට අටගත්තාවූ ස්ථානයේ ඒ ඒ ජාතියේ සත්තවයන් මෙතන දැවූ ජාතී හා තාත් ඒ ඒ කුලයෙහි ඉපිදවූ ජාතිහැර මෙම නුවර උපසාල්හක නම් බ්‍රහ්මණව ඉපිද මේ තමාගේ පුතා හා සමඟ එතැනට අවුත් දැවූ තුදුස්දාහක් වෙයි. එසේ හෙයින් මිනියක් නෙදැවී ස්ථානයක් මිනියක් නොතිබුනු ස්ථානයක් එක තැනකත් නැත්තේය. උපසාල්හක ජාතකය නිමාවන ලදී.
නවතා තිබූ බසය එකවිටම පණගන්වා සැනෙන් ඉදිරියට ඇදෙන විට ඒ තුළ සිටින අය පස්සට විසිවන්නේ,පිටස්තර බලයක් නෙයෙදේනම් නිසලව ඇති වස්තුව එසේ නිසලව පිහිටයි. බස් රථය හා ඒ තුල සිටි අයද නිසලව සිටින විට එකවරම පණගන්වා සැනෙන් ඉදිරියට ඇදුනු බසය මඟින ඒ තුල සිටි මිනිසුන් වෙත බලයක් ඇති කළේය. එවිට එම පිටස්තර බල යෙදුන විට බසය තුල සිටින අය පිටිපස්සට විසිවේ.
අකුණු වලින් මිදීමට නම්,වැසි සහිත දින වලදී එළිමහන ස්ථාන වලින් බැහැර වීම, එළිමහන් ස්ථානවල වැහි පීලි මඟින් හා නිවසේ ඇති ලෝහ ජල කරාම වලින් ස්නානය නොකිරීම, ගස් යට සිටී නම් එහි අතු සීමාවෙන් බැහැර වීම, ලෝහ උපකරණ, විදුලි උපකරණ පරිහරණය නොකිරීම, කේබල් දුරකථන, ජංගම දුරකථනආදිය පරිහරණය නොකිරීම , නිවස තුළ ඇති විදුලි උපකරණ ක්‍රියා විරහිත කිරීම, ප්‍රධාන පැන්නුම් ස්විවය ක්‍රියා විරහිත කිරීම, ඇන්ටනා රැහැන් ආදිය ගලවා තැබීම යනාදිය වේ.
කුණු බාල්දියක් අසලින් යන විට දුගඳ හමන්නේ, විශේෂයෙන්ම ගෙවල් හෝ හෝටල් වලින් කුණු බාල්දි වලට බැහැර කරන්නේ ප්‍රෝටීන, කාබෝහයිඩ්රේට්, මේදය ආදී පෝෂක ප්රධාර්ථ අඩංගු ඉදුල් හා ආහාර කොටස් ය. මේවා මත විවිධ බැක්ටීරියා ඉතා හොඳින් වැඩේ. එම ක්ෂුද්‍ර ජීවීන් මඟින් සිදුකරන ජීර්ණ ක්‍රියාවලියේදී එක් ඵලයක් ලෙසට ඇමෝනියා හෝ හයිඩ්රජන්, සල්ෆයිඩ් වැනි දුඟද වායූන් නිපදවා බාහිරයට මුදා හරී.
රූපවාහාණි ඇන්ටනාවක් වහලය මත සවිකරන විට ඒ බිම් කම්බියනට සම්බන්ධ කරන්නේ ,අකුණු ගැසීමේදී එළිමහනේ ඇති ලෝහ කූරු ආදියේ ආරෝපන විසර්ජනය වේ. මේ ආරෝපන කම්බි දිගේ රූපවාහිනි යන්ත්‍රය හරහා ගමන් කිරීමෙන් එම යන්ත්‍රයට හානි පැමිණේ. බිම් කම්බිය ඇන්ටනාවට සම්බන්ධකල විට එම ආරෝපණ බිම් කම්බිය දිගේ පොළවට ගලා යාමෙන් විදුලි උපකරණ ආරක්ෂා වේ.
විද්‍යාත්මක හේතුජල විදුලි බලාගාරයේ සිට උපපොළ දක්වා විදුලි බලය සම්ප්‍රේෂණය කිරීම, අධිවෝල්ටීය තාවයක් යටතේ සිදුකරනු ලබන උපපොළේ සිට ගෙවල් වලට සම්ප්‍රේෂණය වන විටද එසේම වැඩි වෝල්ටීය තාවයක් යටතේ සිදුකරයි. මීට හේතුව වනුයේ,විදුලි බලාගාරයේ සිට වෙනස් ස්ථාන දක්වා විදුලිය ගෙන යන විට ලෝහ රැහැන් රත්වී යම් ශක්ති ප්‍රමාණයක් අපතේ යයි. රැහැන් දිග වැඩිවන තරමට අපතේ යන විද්‍යුත් ශක්ති ප්‍රමාණයද වැඩිය. සම්ප්‍රේෂණය වන විද්‍යුත් ශක්තිය එම ධාරාවේ හා වෝල්ටීය තාවයේ ගුණිතයකි. ඒ නිසා වැඩි වෝල්ටීය තාවයක් යෙදුවහොත් අඩුධාරාවක් සහිත විදුලිය යැවීම නිසා කම්බි රත්වීම මඟින් සිදුවන ශක්ති අපතේ යාම බොහෝ දුරට අඩුවේ.
Post a Comment
වනය තුල තිබෙන මල් වනය තුලම පරවී යාමට ඉඩ දිය යුතුද?
නැත. එම මල් තව තවත් පෝෂණය කර ආනාගතයේ රටට ප්‍රයෝජන
යක් කරන සුන්දර මලක් බවට පත් කිරීම ඔබ සැමගේ යුතුකමකි.
27 comments:
වැසි ඡලය රැස්කර පසු අවස්ථාවකදී අවශ්‍ය ප්‍රමාණ වලින් ලබාගනීමට ඉදිකරන ව්‍යුහයයි. සිංහලයන් විසින් වසර 2600කට පමන පෙර මෙම ක්‍රමය ලොවට හදුන්වාදී ඇත.
වැලිඔය ඇතාවැටුණු වැව හැම ගෙවත්තකම ඉදි කළ බංකර් පදිංචිකරුවනට ලොකු ශක්තියක්
ඉදිරි ආරක්ෂක වළල්ල තව ඉදිරියට ගත්තොත් මෝටාර් බියක් ඇත්තේම නෑ
විටින් විට කොටි ත්රස්තවාදීන්ගේ මෝටාර් ප්‍රහාර එල්ලවුවත් දිරිය මිනිසුන් ලෙස දුක් ගැහැට උසුලමින් වැලිඔය ප්‍රදේශවාසීහු තවමත් එම ප්‍රදේශවලට සිය මාතෘභූමියේ අයිතිය රකිමින් ජීවත්වෙති.
ඇතාවැටුනුවැව, කිරිඉබ්බන්වැව නිකවැව, මොනරවැව, සම්පත්නුවර ඇතුළු ගම්මාන දහයකින් යුත් වැලිඔය ජනපදය මහවැලි එල්. කලාපයට අයත් සරුසාර ප්රදේශයකි.
ැලිඔය වන්නි මැතිවරණ කොට්ඨාසයට අයත්වන අතර ඉන් එක් කොටසක් වවුනියාව පාලනයටත් තවත් කොටසක් මුලතිව් පරිපාලන දිස්ති‍්‍රක්කයටත් අයත් වේ. එසේ වුවත් වර්තමානයේ වැලිඔය පරිපාලන කටයුතු සිදු වන්නේ උතුරු මැද පළාතට අයත් අනුරාධපුර දිසාපතිවරයා යටතේ පත්කළ
ප්‍රාදේශීය ලේකම්වරයකු යටතේය.එදා මෙදා තුර වැලිඔය ජනපදිකයින්ට සිදුවු විවිධ අපහසුතා මැද ත්‍රස්තවාදි ප්රශ්නය දශක ගණනාවක් තිස්සේ තවමත් ඔවුන් පෙළයි.
ඇතාවැටුණුවැව විද්‍යාලයේ බංකරය පරික්ෂා කරන අධ්‍යාපන අධ්යක්ෂ සේනාරත්න මහතා
සිත එක්තැන් කරගෙන දිගු කලක් සිය ජීවන මාර්ගය වු ගොවිතැන නිදහසේ කරගෙන යාමට කොටි ත්රස්තවාදීන් ඔවුනට ඉඩ තැබුවේම නැත. ත‍්‍රස්තකි‍්‍රයා අඩු වැඩි වශයෙන්ම සිදුවිය. වර්තමානයේ පවතින ප්‍රධාන ගැටලුව ඇතැම් විට එල්ල වන මෝටාර් ප්‍රහාර බව ගම්වැසියෝ පවසති.
වැලිඔය ඇතාවැටුනුවැව විද්‍යාලයට බිම් කට්ටි දෙකකට ඔබ්බෙන් ඇති මහේෂ් කුමාරගේ ගෙවත්තටද ඉකුත් දා කොටි මෝටාර් බෝම්බයක් එල්ල වී පුපුරා ගියේ ප්‍රදේශයම දෙදරවමිනි. ජීවිත හානි සිදු නොවුවත් නිවසේ බිත්තිවලට හා භාණ්ඩවලට හානි සිදුවී තිබිණි. මෝටාර් ප්‍රහාරය එල්ල වූ තැන ගසක් දෙපළුවී ගොස්ව ඇත.
අහිංසක වැසියන් පීඩාවට පත්කරමින් එල්ල වන කොටි මෝටාර් ප්‍රහාරවලින් ගම් වැසියන් බේරාගැනීමට මේ වන විට රජය මැදිහත් වී සිටී.
ඒ මෝටාර් ප්‍රහාර එල්ල වන ඇතාවැටුනුවැව ප්‍රදේශයේ සෑම ගෙවත්කම කොන්කි‍්‍රට් බංකරය බැගින් ලබා දීමට කි‍්‍රයාකිරීම හා අමතර ආරක්ෂක වැඩ පිළිවෙලක් කි‍්‍රයාත්මක කිරීමයි. එක් බංකරයකට රජය රුපියල් 75,000/- බැගින් මුදල් වැය කරයි.
ඊට අමතරව වැලිඔය සෑම පාසලකටම විශාල ප්‍රමාණය ශක්තිමත් කොන්කි‍්‍රට් බංකරය බැගින් සාද දීමට කි‍්‍රයාත්මකය.
මෙම බංකර් වැඩ පිළිවෙළ තමන්ට කිසියම් ශක්තියක් බව ප්‍රදේශවාසීහු පවසති. ඒ පිළිබඳ ඔවුනගේ ප්‍රසාදය පලවේ. එහෙත් ඔවුන්ගේ තවත් බලාපොරොත්තුවක් වන්නේ කොටි ත්රස්තවාදීන්ට මෝටාර් ප්‍රහාර ඉලක්ක කළ නොහැකි දුරකට ඉදිරි ආරක්ෂක තීරය ගෙනයන ලෙසයි.
ඇතාවැටුනුවැව විද්‍යාලයේ විදුහල්පති එන්. ඩබ්. රාමනායක මහතා පවසන්නේ නව බංකර් වැඩ පිළිවෙළ කිසියම් සහනයක් වුවත් මුල්ම ප්‍රහාරය ජනතාව ගැවසෙන ප්‍රදේශයකට එල්ල වුවහොත් එම අවධානම වැලකිය නොහැකි බවයි. තමන් ඉගැන්වීමේ කටයුතු සිදුකරගෙන යාමට අමතරව සිසු දරු දැරියන්ගේ ආරක්ෂාව පිළිබඳ අවිනිෂ්චිත බවකින් පසුවන බවද ඔහු පවසයි. කෙසේ වුවත් බංකර් වැඩපිළිවෙළ ජනපදිකයින්ගේ විශ්වාසය වැඩි කිරීමට හේතු වී ඇතැයිද ඔහු පැවසීය.
මෙවැනි ත්‍රස්තවාදී ගැහැට මධ්‍යයේ අකුරු කලත් වැලිඔය ජනපදයේ දක්ෂතා දක්වන සිසුදරු දැරියන් එමටය. ඔවුන් පදවිය කලාපයන් ඉහළ දක්ෂතා පෙන්වීමටද සමත්වී ඇතැයි කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ යු. සේනාරත්න මහතා පැවසීය.
ආරක්ෂක ගැටලුවලට අමතරව කෘෂිකාර්මික, ප්‍රවාහන පානිය ජලය, සෞඛ්‍ය වැනි ගැටලුද ඔවුනට පවතී ත්‍රස්තවාදය ජය ගැනීමට හැකි වන්නේ නම් ප්‍රධාන ගැටලු රැසක් විසදෙන බව කියන වැලිඔය වැසියෝ ඉතිරි ප්‍රශ්නවලට තම ශක්තියෙන් පිළිතුරු සොයා ගත හැකි බවද කියයි. ත්‍රසත්වාදය පරාජය කිරීම සියලු ගැටලුවලට ඇති එකම විසඳුම යන්න තම විශ්වාසය බවද ඔවුහු පවසති.
රාජසිංහ රාජ සමයේ සිංහල සේනාවක් විසින් පෘතුගීසි හමුදාවක් මරාදමා ලේ විලක් බවට පත්කරන ලද ඓතිහාසික මුල්ලේරියාව වැව නැවත ප්‍රතිසංස්කරණය කොට සකස් කිරීමට තම අමාත්‍යාංශය තීරණය කෙළේ එවැනි ස්ථාන සංරක්ෂණය කොට අනාගත පරපුර වෙනුවෙන් තැබීම රටේ පාලකයින් වශයෙන් අපෙන් ඉටුවිය යුතු යුතුකමක් සේ සළකාගෙන බව නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
ඒ මහතා එසේ පැවැසුවේ දැනට වල්බිහිවී ගොඩවී ඇති මුල්ලේරියා වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීවේ ය. ජනාධිපතිතුමාගේ උපදෙස් මත දැනට ආරම්භ කොට තිබෙන කොළඹ සංවර්ධන වැඩපිළිවෙළ යටතේ මෙම වැව සහ කොළොන්නාව ආසනයේ ඇති තවත් ජලාශි‍්‍රත ප්‍රදේශ ගණනාවක්ද සංවර්ධනය කිරීමට නියමිත බවද කී ඇමැතිවරයා තමන් උපත ලද ගොතටුව ප්‍රදේශයේ ඉදිකර ඇති හාවඩ් බැම්ම දෙපස තුරු ලතාවන්ගෙන් පිරි පරිසරයක් බිහි කන්න කටයුතු යොදාගෙන යන බවද පැවැසීය.
රජයේ වියදමින් බැරිනම් පෞද්ගලික අංශ වලින් ආධාර ලබාගෙන හෝ මෙවැනි කටයුතු කරන්න තමා සූදානම් වී සිටියත් සමහර නිලධාරීන්ගේ උදාසීනකම හා කළ හැකි දේට වඩා හැම දෙයක්ම නොකෙරෙන තැනටම පමණක් නීති කෙටුම්පත් හා චක්‍ර ලේඛන වැනි බාධක ගෙනහැර දැක්වීම මෙවැනි කටයුතු වලට බාධාවක් බවද කීය.
කොළොන්නාව ශී‍්‍ර. ල. නි. ප. ප්‍රධාන සංවිධායක නාවලගේ බැනට් කුරේ මහතා මුල්ලේරියාව වැව ප්‍රතිසංස්කරණය කොට රමණීය ප්‍රදේශයක් කිරීමේ ඓතිහාසික අවස්ථාව සනිටුහන් කිරීමට මේ රටේ අධිරාජ්‍ය විරෝධී අරගලයේ නායකත්වය ගෙන කටයුතුª කළ පිලිප් ගුණවර්ධන මහතාගේ පුත්‍රයෙකු වන දිනේෂ් ගුණවර්ධන මහතා නායකත්වය ගෙන කි‍්‍රයා කිරීම ගැන සතුටු වෙනවා. ඉදිකිරීම් ක්ෂේත්රයේදී ද කොළොන්නාව ආසනයේ පවතින නිවාස හිඟය මගහරවා ලීමට නිවාස දහසක් ඉදිකර දෙන්නට එතුමා කටයුතු කර තිබෙනවා.
බස්නාහිර පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැති හෙක්ටර් බෙත්මගේ
බොරැල්ල ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සංවිධායක හා වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් පේර්මචන්ද්ර,කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සභාපති ප්‍රසන්න ගුණසිංහ සෝලංගආරච්චි යන මහත්වරුන්ද මෙහිදී කතා කළ අතර දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා අතින් ඇහැල මල් පැලයක් රෝපණය කිරීමෙන් අනතුරුව වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරිණි.
මිනිස් දිවිය ගැන දෙසූ වැව උපමා කර ගත් බණක්
රාජකීය පණ්ඩිත හත්තොටුවේ ඉන්දරතන හිමි
සාරක්ථප්පකාසිනියේ පැවසෙන පරිදි ලොව ප්‍රශ්න විචාරීම් ක්‍රම පහකි. සම්මා සම්බුදුවරුන්ට ඇත්තේ ඉන් ප්‍රශ්න කිරීම් දෙකක් පමණි. ප්‍රශ්න විචාරණ ක්‍රම පහ මෙසේ ය.
1. අදිට්ඨජෝතනා ප‍්‍රච්ඡාව
2. දිට්ඨසංසන්දනා ප‍්‍රච්ඡාව. පුහුදුන් බමුණු පඬිවරු ආගමික ශාස්තෘවරුන් තුළ ඇත.
3.විමතිච්ඡේදනා ප‍්‍රච්ඡාව
4.අනුමති ප‍්‍රච්ඡාව
5. කථෙතුකම්‍යතා ප‍්‍රච්ඡාව . සම්බුදුවරුන් තුළ ඇත.
ස්වභාවයෙන්ම යමෙක් නොදුටු, නොඇසූ, නොසිතූ, අප්‍රකටවූ දහම් කරුණක් වේද එය ඔහුට විස්තර, විවරණ කරදීම් සඳහා හෙවත් නොදුටු (අදිට්ඨ) කාරණයක් ප්‍රකාශිත (ජෝතනා) කිරීම, බැබළවීම සඳහා අසන ප්රශ්නය “අදිට්ඨජෝතනා ප‍්‍රච්ඡාව“ නම් වේ.
ස්වභාවයෙන් දැනගත්, දැක ගත්, අත්දුටු දහම් කරුණක් අනෙකුත් පඬිවරුන්ගේ දර්ශන සමය, සමයාන්තර සමඟ සැසඳීම (සංසන්දනා) මූලික කරගත් ප්‍රශ්න කිරීම, “දිට්ඨසංසන්දනා ප‍්‍රච්ඡාව“ නම් වේ.
වභාවයෙන්ම සැක සහිත වූ විමති සහිත වූ දහම් කරුණක් පිළිබඳ එය එසේම ද? කවරකාරද? ආදී වශයෙන් පවතින සැක සංකා (විමති) දුරුකිරීමට, සිඳ දැමීමට (ඡේදනා) මූලික වන ප්‍රශ්න කිරීම “මිමතිච්ඡේදනා ප‍්‍රච්ඡාව“ නම් වේ.
භික්ෂූන් වහන්සේගේ අනුමැතිය ගනිමින් සිදුකරන ප්‍රශ්න කිරීම “අනුමති ප‍්‍රච්ඡාව“ නම් වේ. “රූපය අනිත්‍යද? නිත්‍යද?” ආදී වශයෙන් සාකච්ඡාමය ස්වරූපයෙන් මෙම ප්‍රශ්න කිරීම සිදුවෙයි. යම් දහම් කරුණක් පිළිබඳ විග්රහ කරනු කැමැති ව ප්‍රශ්න ආසා, පිළිතුරු බුදුරජාණන් වහන්සේම දීර්ඝව සාකච්ඡා කිරීම “කථෙතුකම්‍යතා ප‍්‍රච්ඡාව“ නම් වේ. මහණෙනි, මේ සසුනෙහි සතිපට්ඨාන ධර්ම සතරකි. කවර සතරක්ද? යනාදී ස්ථාන ඊට උදාහරණ වේ.
මෙසේ දැක්වෙන ප්‍රශ්න විචාරීම් අතුරින් පරිවිමංසන සූත්‍රය කථෙතුකම්‍යතා ප්රච්ඡාවෙන් දේශනා කරන ලද්දකි.
සංයුත්ත නිකායේ නිදාන වග්ගයේ දුක්ඛ වර්ගයට අයත් පළමු සූත්‍ර වන එහිදී භික්ෂුවක් සිහි කල්පනා ඇතිව පරීක්ෂාකාරීව සිටින ආකාරය, ප්රශ්නෝත්තරයකින් අරඹා පෙන්වා දෙයි.
පටිච්ච සමුප්පාද ධර්මයේ ජාති, ජරා, මරණ, භව, උපාදාන, වේදනා ආදී වශයෙන් ධර්ම කරුණු විග්රහ කිරීම එම සූත්‍රයේ දී සිදු වේ. වේදනාව පිළිබඳ විග්රහ කරමින් වේදනාවේ ප්‍රභේද තුන දක්වා, ඒ පිළිබඳ නිතරම සිහි කල්පනාවෙන් සිටිය යුතු බව පවසයි. එම වේදනා තුන නම්,
1. සුඛ වේදනාව - සැප වින්දනය
2. දුක්ඛ වේදනාව - දුක් සහිත වින්දනය
3. අදුක්ඛ මසුඛ වේදනාව - දුක්, සැප මිශ්‍රව වින්දනය
මේ වේදනා ගැන තත්ත්වාකාරයෙන් අවබෝධ කර ගෙන ඒවායෙහි නොගැටී විසිය යුතු බව බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙති. අනතුරුව තවත් වේදනා දෙකක් පිළිබඳ අපගේ අවධානය යොමුකරවා ඇත.
1. කාප පරියන්තිකං වේදනං - කාය පරියන්තික වේදනාව
2. ජීවිත පරියන්තිකං වේදනං - ජීවිත පරියන්තික වේදනාව
මේ දෙක ද තත්ත්වාකාරයෙන් අවබෝධ කරගෙන විඳිය යුතු වේ. “කායපරියන්තික” යනු කය හිමිකොට ඇති වේදනාවයි. ඇස, කන, නාසය, දිව, ශරීරය යන ද්වාර පස මඟින් හට ගන්නා හෙවත් පංචද්වාරික වූ වේදනාවයි. “ජීවිත පරියන්තික” යනු දිවි හිම් කොට ඇති වේදනාවයි. මනසින් හට ගන්නා වේදනාවයි. හෙවත් මනෝද්වාරික වේදනාවයි.
මෙහිදී අප මනුෂ්‍ය ශරීරයේ ඇති ඉන්ද්රිය සය ඇසුරින් හට ගන්නා වේදනාව දෙයාකාරයකින් විවරණය කර ඇත. ‘සළයතනං’ යනු එම ආයතන සයයි. ‘සළායතන පච්චයා ඵස්සෝ’ සළායතන ප්රත්යවීමෙන් ස්පර්ශය ඇතිවෙයි, හෙවත් ෂඩ් ආයතන, ෂඩ් අරමුණු සමඟ ගැටෙයි. ඒවායේ පහස ලබයි. ඉන් වේදනාවක්, වින්දනයක් ඇති වේ. ‘ඵස්ස පච්චයා වේදනා’ එම වේදනා අයතන අනුව දෙකොටසකට බෙදේ. ඒ කාය පරියන්තික වේදනාව හා ජීවිත පරියන්තික වේදනාව යනුවෙනි.
සළායතන ඵස්ස වේදනා
1.ඇස රූප
2.කණ ශබ්ද
3.නාසය ගඳ, සුවඳ
4.දිව රස
5. ශරීරය පහස කාය පරියන්තික වේදනාව
6.මනස ධර්ම, සිතිවිලි ජීවිත පරියන්තික වේදනාව .
මේ වේදනා දෙක පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක්, සාරත්ථප්පකාසිනී නම් සංයුත්ත නිකාය අටුවාවෙහි දක්නට ඇත. බුද්ධඝෝෂ මාහිමියන්ට ඒ සඳහා මහාවිහාරයේ පැවැති සංයුත්ත නිකායික හෙළටුවාවේ ඇසුර ලැබෙන්නට ඇතැයි සිතේ.
පංචද්වාරික වේදනාව (කාය පරියන්තික) පසුව ඉපදී පළමුව නිරුද්ධ වේ. මනෝද්වාරික වේදනාව (ජීවිත පරියන්තික) පළමුව ඉපදී අවසානයට නිරුද්ධ ;ව්. මනෝද්වාරික වේදනාව සත්වයාගේ ප්රතිසන්ධි
ක්ෂණයෙහි (පිළිසිඳ ගන්නා මොහොතෙහි) වස්තු රූපයෙහිම පිහිටයි. එසේම ජීවිතාවසානය දක්වාම පවතියි. ඒ අනුව ඉහත දැක්වූ වේදනා දෙක අතුරින් අපගේ ජීවිතයේ වැඩිකාලයක් පවතිනුයේ මනෝද්වාරික වේදනාවයි. පංචද්වාරික වේදනාව පවතිනුයේ ඊට අඩු කාලයකි. පංචද්වාරික වේදනාවෝ පළමු වසර විස්ස තුළ ඇලීම් ,කිපීම්, මුළාවීම් වශයෙන් අධික ප්‍රමාණයෙන් බලවත් වේ. වයස අවුරුදු විස්ස හතළිහ අතර දී පසිඳුරන්ගෙන් ලබන උපරිම වින්දනය මානව සත්වයා ලබාගනියි. අවුරුදු පනහක් වන විට ඇලීම් ආදී කි‍්‍රයාවලිය අකි‍්‍රය වෙමින් ඒ කෙරෙහි අරමුණු ගැනීම ටිකෙන් ටික අඩුවෙයි. හැට වැනි විය වන විට පිරිහී ගොස් අසූවිය , අනූවිය සපුරන විට දී අතිශයින්ම දුර්වල වෙයි.
පංචද්වාරික වේදනා ඉතා වයස්ගත වූවන් කෙරෙහි නොපවතින නමුත්, මනෝද්වාරික වේදනාව පවතින්නේය. එයද අනුපිළිවෙළින් පිරිහී ගොස් මරණාසන්න කාලයේදී හදවතේ කෙළවර ඇසුරු කරමින් පවතියි.ඒ මනෝද්වාරික වේදනාව පවතින තාක් කල්ම “සත්ත්වයා ජීවත් වේ” යන්න යෙදේ. මනෝද්වාරික වේදනාව නොමැති වූ විට” සත්ත්වයා මැරුණේ යැ”යි ව්‍යවහාර වෙයි. මෙහි අර්ථ , වැව හා සම්බන්ධ කර, මෙසේ දත යුතුයි.
පුරුෂයෙක් ජල මාර්ග පහකින් සමන්විත වැවක් සාදන්නේය. පළමු වැසි වැටීමෙන් ඒ ජල මාර්ග පහ පිරී. ඉන් ජලය පිවිස , වැව තුළ ඇති ආවාට පුරවයි. නැවත නැවත වැසි වැටෙන කල්හි, ඒ ඒ තැන උතුරා යමින් ජලමාර්ග පිරී ගවුවක් අඩයොදුනක් පමණ තැන් ජලයේ පිරී පවතියි. ඉන්පසු වැසි නැති සමයේදී ජලය පිටකරන වාන් දොරටු හැර දමා, කුඹුරු කර්මාන්ත සිදුකරන කාලයේදී ජලය වැවෙන් ඉවත් කරයි. ශස්‍ය පැසෙන කාලය වන විට වැවේ ජලය ඉතා අඩුවේ. ඒ කාලයේ “මාළු අල්ලමු”යි ගම් වැසියෝ වැවට පැමිණෙති. එවිට ද ආවාට කිහිපයකම ජලය ඉතිරිව පවතියි. එසේ ආවාට වල දිය ඇති තාක් කල් “ වැවේ ජලය ඇත” යන වහර පවතියි. ඒවාද සිඳී ගිය කල්හි “ මහවැව සිඳුණේය “ යන ව්‍යවහාරය ඇති වෙයි.
දහම් කරුණු හා මේ උපමාව සන්සන්දනය කළ යුතු වන්නේ මෙසේ යැයි දත යුතුයි.පළමු වැසි වැටුණු කාලයේ ජල මාර්ග පහක් පිරී ජලය වැව තුළට අවුත් වැවේ ආවාට පිරෙන අවස්ථාව මෙන්, පළමුව පිළිසිඳගන්නා අවස්ථාවේ මනෝද්වාරික වේදනාව වස්තු රූපයන්හි පිහිටන අවස්ථාව දත යුතුයි. නැවත නැවත වැසි වැටෙන කල්හි ජල මාර්ග පහම පිරී ඉතිරී යන අවස්ථාව, පංචද්වාරික වින්දනයන්ම පවතින අවස්ථාව දත යුතුයි. කුසින් බිහිව ගත කරන ළදරු සමය , මෙහිදී අදහස් කැරේ. වැවේ ගවුවක්, අඩයොදුනක් පමණ උසට ජලය පිරී පවතින අවස්ථාව මෙන්, විසි වයස් පමණ වූ තරුණ කාලයේ ඇලීම්, ගැටීම් ආදියෙන් පසිඳුරන් ප්රබලව , බලවත්ව ඇති අවස්ථාව දතයුතුයි. වැවේ දිය පිරී පවතින කාලය මෙන් විසි විය සිට පනස්විය දක්වා වූ මනුෂ්‍ය ජීවිතයේ කාලය දත යුතුයි.
(මේ කාලයේ බාහිර උපද්‍රව මගින් වැව විනාශ වුවහොත් මහා ව්‍යසනයක් ඇතිවන්නාක් මෙන් මනුෂ්‍යයාද ඉතා පරිස්සම් කරගත යුතු කාලයකි. වැරැදි අංශයට ගියහොත් මහත් ව්‍යසන ඇතිවන බැවිනි.) අනතුරුව ජලමාර්ග විවෘත කර , කෘෂිකර්මාන්තාදිය ඇරැඹූ කල්හි ක්‍රමයෙන් වැවේ දිය පිටවී වැව හිස්වන්නාක් මෙන්, වයස අවුරුදු හැටේ සිට ක්‍රමයෙන් ඉන්ද්රිය පිනවීම් පිරිහී යෑම, දත යුතුයි. දිය මාර්ග වල දිය බැසගොස් අල්ප වූ ජලය පවතින අවස්ථාව මෙන් අසූ - අනූ වියට එළඹි කල්හි පසිඳුරන්ගෙන් ලබන වින්දනය දුර්වල වූ අවස්ථාව දත යුතුයි. ආවාටයන්හි පමණක් දිය ඉතිරිව පවතින අවස්ථාව මෙන්, හදවතේ අග මනෝද්වාරික වින්දනය ඇසුරු කර පවතින අවස්ථාව දත යුතුයි. ආවාටයන්හි ස්වල්ප දියක් ඇති කල්හි ද “ වැවේ ජලය ඇතැ”යි පවසන මෙන්, හදවතේ සිතේ මනෝද්වාරික වින්දනය පවතින තෙක්ම “සත්ත්වයා ජීවත් වෙයි” යන ව්‍යවහාරය පවතී.යම් අවස්ථාවකදී ආවාටයන්හි ජලය ද සිඳී ගොස් “වැවේ දිය නැත. වැව සිඳුණේය. “ යනුවෙන් කියත් ද එමෙන්, මනෝද්වාරික වින්දනය නැති වූ කල්හිම “ සත්ත්වයා මළේය. යන ව්‍යවහාර ඇතිවෙයි.
මෙනිසා ප්රතිසන්ධික්ෂණයේ සිට චුතික්ෂණය දක්වාම පවතින වින්දන මනෝද්වාරික වේදනාවයි. පසුව ඇති වී වයස් ගතවීමත් සමඳ ක්ෂය වී යන වින්දනය, පංචද්වාරික වේදනාවයි. මේ ගැඹුරු දහම් කාරණය තේරුම් කරදීමට ඉහත දැක්වූ පරිදි සාරත්ථප්පකාසිනී අටුවාවේ ගෙන ඇත්තේ ලංකාවේ පමණක් දක්නට ඇති “වැව“ යි වැව පිළිබඳ ගැමි කෘෂිකාර්මික ජනතාවට අටුවාටීකා විවරණ ඇසුරින් විස්තර කළ යුතු නොවේ.
ඔවුන්ට එය ප්රත්යක්ෂ කාරණයකි. මේ දැනුම උපයෝගී කරගත් මහාවිහාරික සිංහල තෙරවරු පරිවීමංසක සූත්‍රය විවරණය කිරීමේදී කායපරියන්තික හා ජීවිත පරියන්තික වේදනාව විග්රහ කිරීමට “ වැව“ පිළිබඳ විග්‍රහය රැගෙන උපමා උපමේය ගලපමින් ඉතා විසිතුරුව දහම් නැණ විදහා දැක්වූහ. සංයුත්ත නිකායට ලියූ එම මහාවිහාරික සිංහල අටුවාව (හෙළටුවාව) හා මහඅටුවාව ප්‍රධාන මූලාශ්‍ර කරගත් බුද්ධඝෝෂ මාහිමියෝ සාරත්ථප්පකාසිනිය රචනා කළහ.
බුදුගොස් මාහිමි ඉන්දීය මධ්‍යදේශ වාසී බ්රාහ්මණවංශිකයකු බැවින් වැව පිළිබඳ උන්වහන්සේ දැනුමක් නොතිබෙන්නට ඇත. ඒ වාපි සංස්කෘතිය ඇත්තේ ලංකාවේ පමණක්ම වන බැවිනි. එනිසා, මේ වැව උපමාවට යොදා ගත් දහම් විස්තරය, හෙළටුවාවකින්ම ගත් බව ස්ථිරය. ඉන් ප්‍රකට වනුයේ අපේ සිංහල මහ තෙරවරු, පරිසරයට ශ්‍රාවකයාගේ අත්දැකීම්වලට සසඳමින් සියුම් දහම් කරුණු විග්රහ කළ බවයි. ගැමියන්ගේ බසින්, ගැමි උපමා උපහැරණ ඇසුරින් දහම් කථා ලියූ ධර්මසේන මාහිමියන්ද (සද්ධර්මරත්නාවලි කතුවර) මෙහිදී අපගේ සිහියට නැගෙයි.
ඔබ සැමට තෙරුවන් සරණයි
සසර බිය නසන කුසලට පමා නොවෙමු
බළන්ගොඩ නළුවෙල ශ්‍රී ප්‍රියදර්ශන ධර්මරාජ පිරිවෙන් මහා විහාරාධිපති
ගෞරව ශාස්ත්‍රවේදී බළන්ගොඩ ජිනරතන නා හිමි
“අච්චෙන්ති කාලා තරයන්ති
රත්තියෝ ව යෝ ගුණං අනුපුබ්බං ජහන්ති
එතං භයං මරණේ පෙක්ඛමානෝ
ලෝකාමිසං පජහේ සන්ති පෙක්ඛො”
ඉහත සඳහන් කළ ගාථා ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් එක්තරා දේවතාවෙක් සඳහා දෙසන ලද පිළිතුරකි. එවේලෙහි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේය. මේ දේවතාවා මධ්‍යම රාති්රයෙහි එහි පැමිණ, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස! අප සතුව ඇති කාලය ගෙවී යනවා. ඒ සමඟම ආයු කාලය රාති‍්‍ර කාලයන්ගෙන් ඉකුත් වී සත්ත්වයා මරණයට පත් කරන්නේය. මේ කරුණු සසර බියට හේතුවකි. එය මරණය සමඟ සසඳමින් කුසල් කිරීම යහපත් වේයැ”යි බුදුරජාණන් වහන්සේට සැළ කෙළේය. බුදුරජාණන් වහන්සේ එම දේව භාෂිතය අනුමත කළ සේක.
සසර බිය නසන කුසලට පමා නොවෙමු
බළන්ගොඩ නළුවෙල ශ්‍රී ප්‍රියදර්ශන ධර්මරාජ පිරිවෙන් මහා විහාරාධිපති
ගෞරව ශාස්ත්‍රවේදී බළන්ගොඩ ජිනරතන නා හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
“අච්චෙන්ති කාලා තරයන්ති
රත්තියෝ ව යෝ ගුණං අනුපුබ්බං ජහන්ති
එතං භයං මරණේ පෙක්ඛමානෝ
ලෝකාමිසං පජහේ සන්ති පෙක්ඛො”
සැදැහැවත් පින්වත්නි,
ඉහත සඳහන් කළ ගාථා ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් එක්තරා දේවතාවෙක් සඳහා දෙසන ලද පිළිතුරකි. එවේලෙහි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේය. මේ දේවතාවා මධ්‍යම රාති්රයෙහි එහි පැමිණ, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස! අප සතුව ඇති කාලය ගෙවී යනවා. ඒ සමඟම ආයු කාලය රාති‍්‍ර කාලයන්ගෙන් ඉකුත් වී සත්ත්වයා මරණයට පත් කරන්නේය. මේ කරුණු සසර බියට හේතුවකි. එය මරණය සමඟ සසඳමින් කුසල් කිරීම යහපත් වේයැ”යි බුදුරජාණන් වහන්සේට සැළ කෙළේය. බුදුරජාණන් වහන්සේ එම දේව භාෂිතය අනුමත කළ සේක.
(සංයුත්ත නිකාය අච්චෙන්ති සූත්‍රය - දේවතා වග්ගය)
එහෙත් බොදුනු පිළිවෙත පින්කම් කිරීමට පමණක් ම සීමා වූවක් නොවෙයි. එහි මෙයට වැඩියෙන් ගැඹුරු අරුතක් ඇත. හැම බෞද්ධයකුගේම පරමාර්ථය සසර දුකින් මිදීමයි. එනම් ජාති, ජරා, ව්‍යාධි මරණාදී දුක්ඛයන්ගෙන් විමුක්තිය ලබා ගැනීමයි. ඊට සූදානම් වන තැනැත්තා “සන්තිපෙක්ඛ” නාමයෙන් හඳුන්වා ඇත. ඔහු විසින් පින් දහම් කරන්නේ ද එම පරමාර්ථයෙනි.
දිව්‍යලෝකවල හෝ මනුෂ්‍ය ලෝකයේ සැප පතමින් නොවෙයි. පින් කිරීමේ දී එසේ යමෙක් සිතත් නම් ඉන් ඔහුගේ භව ගමන දීර්ඝ වී නිර්වාණාවබෝධය දුරස්ථ වෙයි. එයට හේතුව ලෞකික පැතීම් හේතුවෙන් තෘෂ්ණාව වර්ධනය වීමය.
එයින් පුහුදුන් කෙළෙස් භරිත පුද්ගලයා අමිසය හෙවත් වස්තු කාමයට ගොදුරු වෙති. ඒ අනුව ඔවුන්ගේ ඒකායන බලාපොරොත්තුව පසිඳුරන් පිනවීම පමණය. එයින් තොර වූ ගුණාත්මක දිවි පෙවෙතක් ඔවුන්ට ඇත්තේම නැත. පස් පව්, දස අකුසල් කරමින් හෝ උපභෝග, පරිභෝග වස්තු සම්පත්වලට ම ජීවිතය කැප කරයි. ගේ දොර, ඉඩකඩම්, මිල මුදල්, නඩු හබ කියා හෝ සපයා ගැනීමට හෝ මාන බලනවා. එහි දී ඔහුගේ දිවි මග මෙත්, කරුණා, මුදිතා, උපේක්ඛා යන ආධ්‍යාත්මික ගුණ දහම් ඇති වෙන්නේ නැත. යුක්තිය අයුක්තිය තේරුම් ගත හැකි ප්‍රඥාවක් නැත. එය ආමිස තෘෂ්ණාව නමැති අන්ධකාර පටලයෙන් වැසී ඇත.
පින්වත, ඔබට මෙම අදහසින් වැරැදි වටහීමක් ඇති විය හැකිය. එය ද ධර්මානුකූලව වටහා ගත යුතුව ඇත.
බෞද්ධ පිළිවෙතට අනුව බෞද්ධයන්ට ධනය නිෂ්පාදනය සුදුසුු නැතැයි බුදුරජාණන් වහන්සේ නොවදාළහ. එසේ යමෙක් සිතත් නම් එය අන්තග්‍රාහී සිතිවිල්ලකි. බුදුරජාණන් වහන්සේ කාමභෝගී ගිහියන්ට ධන නිෂ්පාදනය හෝ පරිභෝජනය වාරණය කර නැත. නිවැරැදි දැහැමි රැකී රක්ෂා කොට ඇති හැකි අයෙක් වෙන ලෙස වදාළහ. සිඟාලෝවාද, ව්යග්ඝපජ්ජ ආදී සුත්‍ර ධර්මවල ඇති “ධර්ම න්‍යාය” ක්‍රම ඊට මනා නිදසුන්ය. ඒවායෙහි සඳහන් වන්නේ ධනයෙන් වර්ධනය වෙන මමත්වය දුරු කොට, උපේක්ෂා සහගත මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරන ලෙසයි. එසේ නොමැතිව ආමිෂයට ම ගොදුරු වූවන් “බාල” යන්නෙන් හඳුන්වා ඇත.
ඔවුන් අස්ථිර ති්රලක්ෂණය හඳුනන්නේ නැත. එතරම් ම ඔවුහු ආමිසයට ලොල්ව කල් ගෙවති. මරණයෙන් සිදුවන සියලු වැනසීම් දකිමින් “මට පුත්තදාරකාදීන් සහිත ධනය ඇතැයි නිසරු සංකල්පයන්ට ගොදුරුව කල් ගෙවති. එම පිළිවෙත සසර දිගුªකරන දෙලොව පසුතැවිල්ලට හේතුය. එහෙයින් ම “ඉධතප්පති පෙච්ච තප්පති”යැයි වදාළහ.
මෙම ගාථා ධර්මයෙහි සඳහන් පරිදි ලෝකාමිසය දුරු කිරීම යන්නෙන් අදහස් කරන්නේ ගිහි පැවිදි හැම දෙනෙක්ම ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අනුගතව වාසය කිරිමයි. හෙවත් සීල සමාධි ප්‍රඥා යන ති්රලක්ෂණ පිළිවෙත් අනුගමනය කිරීමයි. පුහුදුන් හැම දෙනෙක්ම ආමිසයට ගිජු වෙති. එනම් පසිඳුරන් පිනවීමට ඇති කැමැත්තයි. එම රුචිය “කාමච්ඡන්ද” යැයි දහමෙහි උගන්වා ඇත. මෙහි දී බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රායෝගික ජීවිතවලට වැටහෙන උචිත උපමා උපයෝගී කර ගෙන ඇත්තාහ.
මේවා විමුක්ති අපේක්ෂා කරන්නන්ට වහා වැටහෙයි. ගතවෙන කාලයත් සමග රාති‍්‍ර කාල ගෙවී ආයුස නිමාවට පත්ව මරණයට පත් වෙයි, යන්න අවධාරණය වෙත්ම බුදු දහම පසුබිම් කර ගත් බුද්ධිමතුන්ට ජීවිතයේ යථාවබෝධය තේරුම් ගැනීමට මාවත උදා වෙයි.
ඔවුහු ලෞකික ලෝකෝත්තර කාර්යය සාධනයෙහිලා වහා උත්සුක වෙති. එය අප්‍රමාදය හෙවත් අධිෂ්ඨානශීලී ජීවන පැවැත්මයි. එහි දී පුද්ගලයන් නිතැතින්ම අරි අටමගට පිවිසෙයි. දියුණුව අපේක්ෂා කරන සැමට මෙය විශ්ව සාධාරණ සනාතන දහමකි. එය නොදන්නා අයට අවබෝධකරදීම බෞද්ධ පිළිවෙතයි. ඉගැන්වීම, දේශනය කිරීම යන්නෙන් ද අදහස් කරන්නේ එයමය.
එහි දී ආගම් හෝ ජාති හෝ වර්ග බේදයක් නැත. අවශ්‍ය වෙන්නේ, බුද්ධිමත්ව ප්රතිපත්තිකාමීවීම පමණය. “බුදු දහම” ලොවට සර්ව සාධාරණ පිළිවෙතක් ඉදිරිපත් කොට ඇති බව මෙම දහම් මාවත වටහා ගැනීමෙන් අවබෝධ වෙයි.
මෙම පිළිවෙත් මඟට පිළිපන් අය තිදොරින් සංවරව ආචාර සම්පන්න වෙති. එසේම අධ්‍යාත්මය ශ්‍රේෂ්ඨ ගුණ දහමින් පරිපූර්ණය. එසේ නොවේ නම් ලොව සම්මතව පවත්නා ලෞකික දියුණුවට පත්විය නොහැකිය. දැන් අප මෙහිදී ආමිසයෙන් ඉවත්ව නිර්වාණාබෝධයට “චිත්තය” යොමුකර ගන්නේ කෙසේදැයි විමසා බැලිය යුතුය.
මේ ගාථාවෙන් අරමුණු කර ඇත්තේ ලොව තේරුම් ගත යුතු විපරිණාම දෘෂ්ටියයි. හෙවත් ති්රලක්ෂණයයි. ආමිසයෙන් බැහැරව විශ්ව ලෝකය තේරුම් ගැනීමට නම්, ඇති වී නැතිවන නාම රූප ධර්මයන් අනිච්චානු පස්සනා, දුක්ඛානුපස්සනා, අනත්තානු පස්සනා යන ති්රලක්ෂණයෙන් බැලිය යුතුය. එම ක්‍රමය විපස්සනා භාවනාව හෙවත් පඤ්ඤා භාවනාවයි. මෙම ක්‍රමය අන්‍ය සමයාන්තරවල නැත. බුදු දහමෙහි ඇති අනිත්‍යතාවයත් එයමය.
යෝගාවචරයා මෙලෙස සංඛාර ධර්මයන් ගේ ස්වභාවය තේරුම් ගන්නා කල්හි ඔහුගේ අධ්‍යාත්මය පාරිශුද්ධත්වයට පත් වෙයි. ඒ නිවන වසා දමන ආවරණය කරන පඤ්චනීවරණ ධර්ම ඉවත්වීමෙනි.
එසේ ඉවත්ව යන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, උද්ධච්ච කුක්කුච්ච, ථීනමිද්ධ, විචිකිච්චා යන සසර බැඳ තබන ක්ලේශ ධර්ම සමුහයයි. ඒ සියල්ල ප්‍රහීණ කිරීමට අනුබලය දෙන්නේ ආසවක්ඛය ඤාණයයි. (කෙළෙස් නැති කරන නුවණ)
බුදු, පසේබුදු, මහ රහත් යන තුන්තරා බෝධියට හෙවත් නිවණට පැමිණෙන්නේ එසේය. මෙය සසර දුකින් මිදීමයි. නැතහොත් භව ගමන කෙළවරට පත්වීමයි. මෙම ගාථා දහමට අයත් ශ්‍රී මුඛ දේශනයෙන් පැහැදිලි කර වදාළේ ආමිසයට ගිජු නොවී නිර්වාණයට පිවිසෙන මාර්ග පිළිවෙතය. එයට අනුගතව කටයුතු කිරීම සැදැහැවත් බොදුනු පිළිවෙත බව අදිටන් කර ගත යුතුව ඇත.
සියලු සත්හට නිර්වාණාබෝධය ඇති වේවා!
තෙරුවන් සරණයි.
අම්බුලුගල ශ්‍රී දන්තපාය රජමහා විහාරය
විස්තර හා ඡායාරූප පාලිත බණ්ඩාර ජයකොඩි
රාජකීයයන්ගේ පුදබිමක් වශයෙන් පැවැති අම්බුලුගල රජමහා විහාරය කෝට්ටේ යුගයේ මහරජව සිටි හයවැනි සිරි පැරකුම්බා රජ විසින් ආරම්භ කළේ යැයි සන්නසකින් හෙළිවේ. එම සන්නස හිමි බණ්ඩාර නම් කෙනකු හට හයවැනි බුවනෙකබාහු හෙවත් සපුමල් කුමරු විසින් දුන් සන්නසකි. හයවැනි සිරි පැරකුම්බා රජු තමන්ගේ ජීවතාරක්ෂාව පතා අම්බුලුගල ගමේ ගත කළ තම බාල කාලය සිහිපත් වීම සඳහා මේ ස්ථානය කරවූ බව එහි වැඩි දුරටත් සඳහන් වේ.
රාජකීයයන්ගේ පුදබිමක් වශයෙන් පැවැති අම්බුලුගල රජමහා විහාරය කෝට්ටේ යුගයේ මහරජව සිටි හයවැනි සිරි පැරකුම්බා රජ විසින් ආරම්භ කළේ යැයි සන්නසකින් හෙළිවේ. එම සන්නස හිමි බණ්ඩාර නම් කෙනකු හට හයවැනි බුවනෙකබාහු හෙවත් සපුමල් කුමරු විසින් දුන් සන්නසකි. හයවැනි සිරි පැරකුම්බා රජු තමන්ගේ ජීවතාරක්ෂාව පතා අම්බුලුගල ගමේ ගත කළ තම බාල කාලය සිහිපත් වීම සඳහා මේ ස්ථානය කරවූ බව එහි වැඩි දුරටත් සඳහන් වේ.
ඒ අනුව කෝට්ටේ යුගයේ හයවැනි පැරකුම්බා හයවැනි බුවනෙකබාහු , අටවැනි වීර පරාක්‍රමබාහු යන රජවරුන් ගේ හා මායාදුන්නේ යුවරජු හෙවත් පරතාපසිංහ කුමරු යන සිව්දෙනාගේ ජීවිත ප්රවෘත්ති හා මෙම ස්ථානය සම්බන්ධ වේ.
ජනප්රවාදයේ එන ලෙසට පරසතුරු උවදුරු වලින් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කර ගැනීමට රහසිගතව මෙහි තැන්පත් තර තිබූ බව සඳහන් ය.
එනිසා ශ්‍රී දන්තපාය යනුවෙන්ද මෙම ස්ථානය හඳුන්වනු ලැබේ. දෙමහල් ටැම්පිට පිළිමගෙයක් වන මෙහි එකල යටි මහලේ පිළිමගෙයද, උඩුමහලේ දන්තධාතුන් වහන්සේ තැන්පත් කර තිබූ බවද සිතිය හැක. නමුත් මෙම විහාරගෙය පිළිබඳව කළ පුරා විද්‍යා සමීක්ෂණ වලදී කෝට්ටේ යුගයේදී මෙය දෙමහල් පිළිමගෙයක් ලෙස පැවැති බව පෙනී ගොස් ඇත.
පහත මාලයේ බුදු පිළිමය තිබූගල් පුවරුව තවමත් එතැන දැකගත හැකිය. විහාර මන්දිරය ගොඩ නගා තිබෙන්නේ අඩි 26 ක් දිග අඩි 18 ක් පළල ගෙපලක් මත ය. වේකොළදෙණියේ නල්ල පෙරුමාල් ශිල්පියා විහාරය ඉදිකළ බව සතර කෝරළයේ විත්ති පොතේ සඳහන් වේ.
මෙහි ඇති ගල් උළුවස්ස නිසා මෙම ස්ථානය පුරාවිද්‍යාත්මකව විශේෂ වටිනාකමක් දක්වයි. එහි ඇති කැටයම් කෝට්ටේ යුගයට අයත්වන අතර ලංකාවේ කිසිදු පළාතක විහාරස්ථානයක නොමැති රූප එහි ඇත. මෙහි උළුවහු කණු දෙකක්, හරස් කඩයත් ගලින් නිමවා පසුව ගල් තුනම එකතු කොට කැටයම් කර ඇත. සිංහරූප , ලියවැල්, පලාපෙති,මල්වැල් හා ශූන්‍ය තීරු යොදා මෙය නිමවා තිබේ.
ගල් කණුද කැටයම් කළ ඒවා වේ. ඉහල මහලට නැගීමට ලී තරප්පුවකි. දැනට පවතින උඩු මහලේ චිත්‍ර මහනුවර යුගයට අයත් ඒවාවේ. උඩරට සිංහල චිත්‍ර සම්ප්‍රදායට අනුව විහාර චිත්‍ර නිමවා ඇති අතර මෙහි පිහිටුවා ඇති සමාධි පිළිමය නැගෙනහිර දිශාවට මුහුණලා ඇත.
චෛත්‍යය
විහාරයේ ඝණ්ඨාර කුළුණ
මේ අනුව මෙම පැරැණි විහාර මන්දිරයෙන්, කෝට්ටේ යුගයට සහ මහනුවර යුගයට අයත් තොරතුරු අපට සනාථ වේ.
මුල් කාලයේ එනම් කෝට්ටේ යුගයේදී මෙහි පහත මාලය හුදෙක් ශාලාවක් ලෙස වන්දනා කරුවන්ට ප්‍රයෝජන ගත හැකි පරිදි සකස් කර ඇත. මෙහි ඇති කැටයම් පිළිබඳ පුරා විද්‍යාඥයකු වශයෙන් ප්‍රථම වතාවට සටහනක් තබා ඇත්තේ එච්. සී.පී. බෙල් මහතාය.
ඔහුගේ “කෑගලු “ පුරා විද්‍යා පාලන වාර්තාවේ” පිටුවක්පුරා අම්බුලුගල ගල් උළුවස්ස හා ගල්ටැඹක සිතුවමක් දක්වා ඇත. සමහර පුරා විද්‍යාඥයින්ගේ මතය අනුව මෙම ගල් උළුවස්ස විහාරයට අයත් වූවක් නොවන බවත්, එය නටබුන් වුණු අම්බුලුගල රජ මාළිගය වැනි වෙනත් තැනක තිබී මෙහි ගෙනෙන ලද්දක් ලෙස සිතීමට හැකි බවත් කියැවේ.
පැරැණි ගල් උළුවස්ස
නව විහාර මන්දිරය
මෙහි විශේෂ පිළිසකර කිරීමක් කි‍්‍ර.ව. 1869 - 1885 අතර කාලයක කර ඇත. ඒ අස්ගිරි පාර්ශ්වයේ වැඩ විසු මහානායක වත්තේගම ධම්ම කිත්ති ශ්‍රී සුමංගල මහ තෙරණුවන්ගේ කාලයේය.
වර්තමානයේ මෙහි විහාරාධිපති ලෙස පූජ්‍ය අරම සුමණ ධම්ම හිමි කටයුතු කරන අතර ඝණ්ඨාර කුළුණ සංඝාවාසය , ධර්මශාලාව, චෛත්‍යය රාජයාණන් වහන්සේ උන් වහන්සේ ගේ අනුශාසනා ඇතිව ඉදිකර තිබේ.
කෝට්ටේ යුගයේ සිට පැවත එන බෝධිය වටා රන් වැටක් සහිත ප්රාකාරයක් ඉදිකිරීමට යොජිතය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී දළදා මහ පෙරහර මංගලෝත්සවය
ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී දළදා මහා පෙරහර මංගලෝත්සවය කෝට්ටේ රජමහා විහාරාධිපති අලුත්නුවර අනුරුද්ධ නාහිමියන්ගේ අනුශාසනා පරිදි සැප්තැම්බර් 3 වනදා සිට 16 වනදා දක්වා පැවැත්වේ. ඒ අනුව මෙම 3 වැනිදා සර්ව රාති‍්‍රක මහ පිරිත සහ 4 වැනිදා උදේ මහා සංඝගත දක්ෂිණාව පැවැත්වේ. එම පෙරහර සඳහා 5 වැනිදා රාතී‍්‍ර කප් සිටුවීමෙන් අනතුරුව 6 සහ 7 දිනවල තේවාවද 8 වැනිදා කුඹල් පෙරහරද 9, 10, 11 තෙදින තුළ මල් පෙරහරද 12 වැනිදා පාවාඩ පෙරහරද 13 වැනිදා වීථි පෙරහරද 14 වැනිදා රන්දෝලි පෙරහරද 15 වැනිදා ශ්‍රී දළදා මහ පෙරහරද 16 වැනිදා උදේ දියකැපීමේ පෙරහර සහ දවල් දේවදානය පැවැත්වේ.
වැව
සිසිල් පවනක් ගත සනසවා
හමා යන සඳ මුළු අහස් වියනම
රඹ පැහැයෙන් දිදුලනා කල්හි
වැව් ජලය මත මළ හිරු
ජල කෙළියෙ යෙදෙන සඳ
කොරවකුන් නාද කරන කල
සියපත් මුකුලිත වේ
සැදෑ අඳුර අහස් කුස සිප ගන්නා විට
වැව අසබඩ සුන්දරද කෙතරම්
ගහට ගිය මිනිහටත් උත්තරයක් තිබුණා ලු
රා මදින්නා මුට්ටිය බා ගැනීමට ගිය විට මුට්ටියේ රා අඩුවී ඇති බව දුටුවේය. මෑත සිට නිතර නිතර මුට්ටියේ රා අඩුවන්නේ කවුරුන් හෝ හොරෙන් ගහට නැඟ රා බොන නිසා බව ඔහුට වැටහුණි. මේ හොරා ඇල්ලීමට ඔහු ඉටා ගත්තේ ය.
එදා අවේලාවේ රා මදින්නා ගහ වෙත එද්දී නාදුනන මිනිසකු ගහේ සිටිනු ඔහුට පෙනුනි.
“කවුද ඔහේ? මොකද ඔහේ මේ ගහට නැග්ගේ?” රා මදින්නා කේන්තියෙන් ඇසුවේ ය.
“මම මේ තණ කොළ ටිකක් කපා ගන්න ආවා.” හොරා කලබල නැතිව කීවේ ය.
“තණ කොළ? ගහ උඩ කොයින්ද තණ කොළ?” රා මදින්නා තවත් සැරෙන් ඇසුවේ ය.
“නැති නිසා නේන්නම් මේ බහින්නේ” යැයි උත්තර දුන් හොරා හෙමිහිට ගසෙන් බැස ගත්තේ තොල කට පිස දමමිනි.
ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිලු
එක් උපාසක තැනක් හාමුදුරුවන් වහන්සේ නමකට දානයක් දීමට සිතුවේය. එබැවින් ඔහු එක් උදයක අසල පන්සල වෙතට ගොස් හාමුදුරුවන්ට දානයට ආරාධනා කොට උන් වහන්සේ ද කැඳවා ගෙන ගෙදර බලා එමින් සිටියේ ය.
උපිසක ගෙදරට යායුතුව තිබුනේ වෙල්යායක් මැදිනි. උපාසක තැන හාමුදුරුවන් පෙරටු කොටගෙන නියර දිගේ එමින් සිටියේ ය. ඔවුන් පැමිණි නියරේ එක් තැනෙක ලොකු වක්කඩක් තිබුණි. එතැනට පැමිණි හාමුදුරුවෝ වක්කඩ හරහා එක පිම්මෙන්ම අනෙක් පැත්තට පැන්නෝය.
පසුපසින් ආ උපාසක තැන හාමුදුරුවන්ගේ මේ හැසිරීම දැක මහත් සිත්තැවුලට පත්විය.
“මං මෙච්චර ආසාවෙන් සර්ධාවෙන් මේ දානය ලකලෑස්ති කළාට මොකද මේ හාමුදුරුවෝ නම් සිල්වත් කෙනෙක් නෙවෙයි වාගේ. දැක්කද කිසිම සංවරකමක් නැතුව වක්කඩෙන් පැනපු හැටි!” ඔහු සිතුවේය.
මේ හාමුදුරුවන් එසේ මෙසේ කෙනෙකු නොවීය. උන් වහන්සේ රහත් නමක් වූ සේක. එබැවින් උපාසක තැනගේ සිතුවිල්ල මදක් හෝ අඩු නැතිව එතුමෝ දිවැසින් දුටුවෝ ය. ඒ නිසා රහත් හාමුදුරුවෝ නතරව උපාසක තැන ඇමතුවෝය.
“උපාසක තැන, මම වක්කඩෙන් පැනපු හැටි හිතලා හිත නරක් කර ගත්තා නේද?”
“එහෙමයි”
“ඒක මම හිතා මතා කළ දෙයක් නොවෙයි. මීට බොහෝම මෑත ආත්මෙක මං වඳුරෙක් වෙලා ඉපදිලා ඉඳලා තියෙනවා. වඳුරාගේ පුරුද්ද පනින එකයි. ඉතින් මේ නිවන් දකින මිනිස් ආත්මේ ඉපදිලත් මගේ ඒ සසර පුරුද්ද අතහරින්න බැරි වෙලා තියෙනවා. ජන්මෙට වඩා පුරුද්ද ලොකු නිසයි එතනින් පැන්නේ.” කියා හිමුදුරුවන් වහන්සේ වදාළේය. එවිට උපාසක තැනගේ සිත තැන්පත් වී යලිත් සැදැහැයෙන් පිරී ගියේ ය.
අන්දයාට කිරේ පාට කිව්වා වාගේ
එක් හිඟන්නෙකු දිනක් හිඟමනේ යද්දී ඔහුට දී කිරි ටිකක් ලැබුණි. එය ද රැගෙන අම්බලමට ආ හිඟන්නා දී කිරි කන්නට සැරසෙනවාත් සමඟම තවත් අන්ධ හිඟන්නෙක් අම්බලමට ආවේය. අන්ධයාත් සමඟ බෙදාගෙන දී කිරි කන්නට ඔහුට සිතුණි.
“යාළුවේ, දී කිරි ටිකක් කමු ද?” පළමු හිඟන්නා අන්ධ හිඟන්නාගෙන් ඇසුවේය.
“කිරි? අනේ, මං කවදාවත් කාලා නැහැ නොවෑ. කිරි මොන වාගේද?” අන්ධයා ඇසුවේය.
“කිරි සුදු පාටයි නොවෑ” හිඟන්නා කීවේය.
“සුදු? සුදු මොන වාගේද?”
“සුදු ද? සුදු හරියට කොකා වගේ.”
“ හැබෑටම ? එතකොට කොකා මොන වගේද?” අන්ධයා තවත් උනන්දු වෙමින් ඇසුවේය.
“කොකා හරියට මෙන්න මේ වගෙයි.” කී හිඟන්නා තම අත කොකකු මෙන් හැඩකොට පෙන්වූයේ ය.
“කෝ බලන්න” යැයි අන්ධයා හිඟන්නාගේ වක්ගැසුණු අත ඉහළ සිට පහළට හොඳහැටි පහළට අතගා බැලුවේය. ඒ සමඟම පස්සට පැන්නේය.
“අපෝයි දෙයියනේ, එතකොට කිරි මේ වගේද? මට නම් එපා. මේ වගේ වක්ගැහුන එකක් කෑවොත් මගේ උගුරේ හිරවෙයි.” කී අන්ධය නොකැමැත්තෙන් මුහුණ හකුළුවා ගත්තේ ය.
වලිගය කඩාගත් නරියා වාගේ
නරි නයිදේ එක් දිනක් කෑමට මොනවා හෝ සොයා ගැනීමට සිතමින් කැළෑපාර දිගේ ගම දෙසට එමින් සිටියේය.
කැළෑ සතුන් අල්ලා ගැනීමට කැළෑවේ උගුල් අටවා තැබීම ඇතැම් ගැමියන්ගේ සිරිතය. මෙසේ එක් අයෙකු අටවා තැබූ උගුලකට නර්නයිදේ කොයි තරම් කපටි වුවත් හදිසියේම හසු වූයේය. උගුලට හසු වූයේ උගේ වලිගයයි. කොයි තරම් උත්සාහ කලත් උගේ වලිගය ගලවා ගත නොහැකි විය. මෙසේ කලබල වී දඟලද්දී වලිගය මුලින්ම කැඩී ගියේය. නර් නයිදේට මහත් වේදනාවක් සහ ලැජ්ජාවක් දැණුනි.
“දැං ඉතින් මොකද කරන්නේ?” නරිනයිදේ වේදනාව උසුලමින්ම කල්පනා කළේය.
කෙසේ වෙතත් දවස් දෙක තුනක්ම ගත වනතුරු නරිනයිදේ නෑයන් අතරට නොගොස් සැඟවී හුන්නේය. අන්තිමේදී බොරුවක් ගොතාගෙන නෑයන් අතරට ගියේය. නර්නයිදේ දුටු රංච්වේ අනෙක් නයිදෙලා පුදුමයෙන් බලා සිට සිද්වූයේ කුමක්දැයි විමසීය.
“නෑදෑයිනේ, යාළුවනේ, මේ බලාපල්ලා මම මගේ වලිගය ගලවාගත්තා. මිනිසුන්ට වගේ මටත් දැං වලිගයක් නෑ. බලාපල්ලා මට කොයිතරම් පහසුද කියලා. ඇඟටත් හරිම සනීපයි. උඹලත් මේවගේ වලිගය ගලවා ගනිල්ලා.”නරියා කියන්නට විය.
මේ නරිනයිදේ වගේම අනේත් නරිනයිදෙලාත් කපටිය. මෙතන මොකක් හෝ හොරයක් ඇති බව ඔවුන්ට වැටහිණි.
“මේකා කියන්නේ අලි බොරුවක්, මෙයා කොහේහරි මගඩියකට ගිහිල්ලා කරදරේක පැටලිලා තමයි වලිගය නැත්තේ.” එකෙක් කීවේය.
“ඔව්, ඔව්, ඒක ඇත්ත” කවුරුත් එක හඬින් කීය.
අපට වලිගයක් ඕන නිසයි දෙයියෝ අපිට වලිගයක් දීලා තියෙන්නේ. උඹේ වලිගය නැති වුණ නිසා උඹ අපේ වලිගයත් නැත් කරන්න හදනවා. නෑයන්ව, යාළුවන්ව, රවට්ටන උඹ මහ බොරුකාරයෙක්.” එක් වැඩිහිටියෙක් කීවේය.
“ඔව් පලයං! පලයං! උඹ වගේ වංචාකාරයෙක් අපි අතරේ ඉන්නවට අපි කැමති නෑ”කියමින් කව්‍ර්ත් කෑ ගසන්නට විය.
බොරුවත්, වංචාවත් නිසා නෑ හිතවතුන්ගේ අනුකම්පාවත් අහිමි කරගත් නරිනයිදේ හෙමිහිට කැළෑවට ඇදුනේ මහත් ලැජ්ජාවෙනි.
රා බී ගත් මීයා වගේ
එක් ගෙදරක මී රැළක් මී ගුලක් සාදාගෙන ජීවත් වූහ. මෙයින් එක් තරුණ මී අප්පු කෙනෙක් කෑමට යමක් සොයමින් ගේ පුරා ඇවිදිමින් සිටියේ ය. මෙවිට ගේ හිමියා සඟවා තිබූ රා මුට්ටියක් ඔහුට හමුවිය. එහි සුවඳ නිසා මී අප්පු වහ වහා රා මුට්ටියට හිස පොවා බඩ පුරා රා බීවේය. රා බීමත් සමඟම ඌ හොඳමට මත් විය.
මීයන්ගේ සතුරා වූ බළල් හාමි මී දඩයමට හපනෙකි. රා බී වෙරි වූ මී අප්පුට සැණෙකින් මතක් වූයේ තම සතුරාය. වෙරි මත නිසා මී අප්පුට තමා වීරයකු සේ හැඟුණි.
“කොහේ ද ඔය බළලා කියන ලොක්කා ඉන්නේ? ඌ මොන බොරු චන්ඩියෙක්ද? මට ඌ අහුවුනොත් උස්සලා පොළවේ ගහනවා. එන්නෙයි කියාපල්ලා බලන්න” වෙරි වූ මී අප්පු දෙපසට වැනෙමින් තම පිරිස අතරට යමින් ගර්ජනා කරන්නට විය.
මී අප්පුගේ සද්දය ගෙදර සිටි කුඩා ළමයකුට ඇසිණි. ළමයා වරක් “ඤාව්” ගෑවේ ය. ඒ හඬ ඇසුණු සැණින් මී අප්පුගේ වෙරි සිඳුණි.
“ අනේ සමාවෙන්න. මම එහෙම කිව්වේ විහිළුවට.” මී අප්පු ගැහෙමින්ම වැඳවැටුණේය.
ළමයා යලිත් “ඤාව්” ගෑවේය.
“අනේ, මේ කාපු බීපු වෙලාවට කියන දේවල් ඔය උත්තමයෝ ගණන්ගන්න එපා.” යයි කියමින් මී අප්පු හෙමිහිට මී ගුලට රිංගා ගත්තේය.
නයයි පොළඟයි වගේ
නියං කාලය උදා විය. ඇළ, දොළ, ගංගා ආදිය සිඳී ගියේය. ගම් වැසියන් වතුර සොයා ගත්තේ ඉතා අසීරුවෙන් ගැඹුරු ළිං වලිනි.කැළෑ සත්තු බීමට දිය පොදක් නොමැතිව පිපාසයෙන් දහදුක් වන්දෝය. මෙසේ වූ එක්දිනක නයි හාමි දිය බිඳක් සොයා ගම්මානයේ ගෙවල් ඇති ඉසව්වට හොර රහසේ පැමිණියේය.
ගමේ එක්තරා නිවසක දෙමව්පියෝ තම සිඟිති දරුවා වතුර කොරහක හිඳුවා තබා හේනට ගියෝය. සිඟිත්තා පොල් කටුවක් අතැතිව කොරහේ වතුර සමඟ සෙල්ලම් කලේය.
මේ දුටු නයිහාමි හෙමිහිට එතනට ඇදී අවුත් කොරහේ වූ වතුර සිත් සේ උරා බොන්නට විය. හය හතර නොතේරෙන කිරි දරුවා පොල් කට්ටුවෙන් නයිහාමිට පහර දෙමින් ඌ තම සෙල්ලමට ඈඳා ගැනීමට තැත් කළේය. එම පහරේ වේදනාව ඉවසිය නොහැකි වුවත් කලබල නොවූ නයිහාමි ඇති පමණ දිය බී ආපසු ඇදී ගියේය.
කැළෑව දෙසට ඇදෙන නයි හාමිට පිපාසයෙන් පීඩිතව දිය සොයන තවත් මිතුරෙක් වූ පොළොං හාමි මුණගැසුණි.
“අනේ යාළුවේ, උඹ නම් වතුර බීලා තියෙනවා. කියාපන් කොහෙද වතුර තියෙන්නේ?” පොළොංහාමි අසරණ ලෙස ඇසුවේය.
තම මිතුරා වුවත් පොළොංහාමි නපුරකු බව දන්නා නයිහාමි නිශ්ශබ්දව සිටියේ ය.
“අනේ යාළුවේ, උඹේ හොස්සෙන් ම පේනවා වතුර බීපු බව.අපි ඔක්කෝම වතුර නැතුව එකම කරදරේක වැටිලා ඉන්න මේ වෙලාවේ ඇයි උඹ යාළුවන්ට උදව් නොකරන්නේ? වතුර තියෙන්නේ කොහේ ද?” පොළොං හාමි පිංසෙන්ඩු වන්නට විය.
පොළොංහාමි පිළිබඳ අනුකම්පා සිතින් “එහෙනම් යාළුවේ මම තැන කියන්නම්, හැබැයි එක පොරොන්දුවක් වෙන්න ඕන. ඒ වතුර කොරහේ ඉන්න කිරි දරුවා සෙල්ලමට පොල්කටුවෙන් ගහවි. කොච්චර රිදුනත් කේන්ති ගන්න එපා. වතුරටික බීලා හිමින්සැරේ එන එකයි තියෙන්නේ.” නයිහාමි කීවේය.
“හොඳයි, හොඳයි, මම ඕනදෙයක් පොරොන්දු වෙන්නම්.” කී පොළොං හාමි මග සළකුණු අසාගෙන ළමයා සෙල්ලම් කරමින් සිටි වතුර කොරහා සොයාගෙන ආවේය.පොළොංහාමි නපුරකු බව දත් නයිහාමි ද පසුපසින් විත් සැඟවී බලාහුන්නේය.
පොළොංහාමි වතුර උරාබොද්දී දරුවා පොල් කටුවෙන් ගැසුවේය. ඒ පහරින් රිදුන පොළොංහාමිට හොඳටම තරහා විත් එකවරම පැන දරුවා හපා කෑවේය. දරුවා පොළොං විසෙන් සිහිමුරුජා වෙද්දී පොළොංහාමි වතුර බී ඉවත ගියේය. සියල්ල බලා සිටි නයිහාමි වහවහා එතනට පැමිණ පොළොංහාමි හපා කෑ තැනට මුව තබා විස උරන්නට විය. දරුවා සනීප වී යලිත් සෙල්ලම් කරන්නට පටන් ගත්තේය.
එදා පටන් නයි හාමිත්, පොළොං හාමිත් තරහාකාරයෝ වූ හ.
ගරහිත ජාතකය
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්ම දත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි බෝධිසත්වයන් වඳුරුව උපන්සේක. වඳුරුව උපන් ගමනේ බෝධිසත්වයන් වහන්සේ එක් වැද්දෙක් වඩාගෙන ගොස් බරණැස් නුවර රජ්ජුරුවන්ට දින. රජ්ජුරුවෝතු බෝධිසත්වයන් වහන්සේත් මනුෂ්‍යයන්ගේ සත්ගුණය ඉගෙන ගෙන ව්යවස්ථිතව වාසය කරන්නාහ. රජ්ජුරුවෝත් වානරයාගේ ව්යවස්ථිතව දැන බෝධි සත්වයන් අල්වාගෙන වැද්වුට කියන්නා “සොඳුර ගෙනගොස් මේ වඳරා ඇල්ලු වනයෙහිම ලා පියව” යි කියා යවූහ.
ඒ කියන වැදිත් කී ලෙසම හිමාලය වනයට ගෙන ගොස් අළහ. බොහෝ වඳුරෝ බෝධ්සත්වයන් අල්වා ගෙනා වැද්දවුට කියන්නා “ සොඳුර ගෙන ගොස් මේ වඳුරා ඇල්ලු වනයෙහිම ලා පියව” යි කියා යවූහ. එකියන වැදිත් කී ලෙසම හිමාලය වනයට ගෙන ගොස් අළහ. බොහෝ වඳුරෝ බෝධිසත්වයන් හා කථාකරන්නාහු “ ඇයි කිමෙක්ද? මෙතෙක් දවස් කොයි ගියේදැ”යි විචාළහ. බෝධිසත්වයෝ කියන්නාහූ ‘එක් වැද්දෙක් මා අල්වාගෙන ගොස් බරණැස රජ්ජුරුවන්ට පෑය. රජ්ජුරුවෝත් මාගේ ගුණ ක්‍රියාව දැක මා මෙතනට ඇරවාපුව”යි කීහ. වානරයෝ එපවත් අසා විචාරන්නාහු “මනුෂ්‍යයන්ගේ අනිත්‍යය, දුකඛ්ය, අනාත්මයයි කියන තිලකුණු නොදැන මමය යන ග්රහණීන් දවස් අරනාහූ මේ මාගේ රත්රන්, අමුරන්, මේ මාගේ අඹුදරුවෝ ආදී දෙයයි” කියා ඇල්ම කොට දවසඅරිනාහ. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය එක්ව දැළරැවුල ඇති සත්වයන් පුරුෂයන් කියාත්, තන හා කන් විදීම් හා මේ වර ආදී වූ දෙය ලා ඉන්නාවූන් ස්ත්‍රියකැයි කියාත්, මෙසේ දෙපක්ෂයක් ඇතිව උනුන්ට විවාහ මඟුල් ආදී වූ දෙය කොට ස්ත්‍රී පුරුෂයන් එකගෙයි වාසය කොට ස්ත්‍රියගේ ආධිපත්‍ය ඇතිව දවස් අරණා පරිද්දෙන් බෝධිසත්වයෝ කියන්නාහ. එයින් ගරහිත ජාතකය නිමාවන වගයි.
කොසිය ජාතකය
එක් රජ්ජුරු කෙනෙක් ඒ කාලයෙහි යුද්දයට නික්ම මඟුල් උයන කඳවුරු බැදගෙන උන්නාහ. ඒ වේලාවට එක් බකමූනෙක් උනපඳුරක් මධ්‍යයෙහි සැතපුනේය. කවුඩෝ උනපඳුර වටකරගෙන උන්නාහ. බකමුහුණු තමාට බල ඇතිව රූපිවත් නොවී දහවල්ම පිටත් විය. එවිට කවුඩන් බකමූණා වටකරගෙන බකමූණාගේ ඔළුවට ඇන එතනින් එලෙව්වාය. රජ්ජුරුවෝ එය දැක තමන්ට අමාත්‍යකම් කරමින් සිටි බෝධිසත්වයන්ගෙන් “මේ කිමෙක්දෑ” විචාළාහ.
“රජ්ජුරුවන් වහන්ස, මේ බකමූණා පිටත්වූයේ නියම කාලයේ නොවන හෙයින් බොහෝ විනාශ සිදුවිය.මේ බකමූණත් අනෙක් බකමූණන් පිටත්වන රෑම මෙතනින් පිටත් වී නම් අතුරු ආන්තරයක් නොවීමට ඉඩ තිබුණි.”යි බෝධිසත්වයෝ කීය.
ඒ සමයෙහි රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථිවිරයෝය. අමාත්‍යව උපන්නේ බුදුරජාණන් වහන්සේය.
නවීන් නිපුණ
කුම්භිල ජාතකය
යට ගිය දවස බරණැස් නුවර භ්රග්මදත්ත නම් රජකෙනෙකු රාජ්‍ය කරන සමයේ අප මහා බෝසතාණෝ හිමාලය වනය සමීපයෙහි අප මහා බෝසතානෝ හිමාලය වනය සමීපයෙහි වඳුරු යෝනියෙහි ඉපිද ඇත් හා සමාන බලැති ඒ වානර තෙමේ ගඟකින් එතෙර මෙතෙර යන්නේ ඒ ගඟෙහි වාසය කර කිඹුල් ධේනුවක් මහාබෝසතාණන් වහන්සේ දැක හදවත කන්නට දොලක් උපන්හ. ඒ බව තම ස්වාමි පුරුෂයා වූ කුඹුලාණන්ට කීය. ඒ කාරණය ඇසූ කිඹුලාණෝ මහ බෝ සතානන් අල්ලන්නට බොහෝ උත්සාහ කරත් නොහැකිව එක් දවසක් මහා බෝ සතානෝ මෙසේ ස්තූති කළේය. වානරේන්ද්රයන් වහන්ස, නුඹ වහන්සේගේ සත්‍යද, ප්‍රඥාව හා ධෛර්යද, ත්‍යාගයද යන යහපත් වූ ගුණයන් ඇත්තා සතුරන් ජය ගන්නේ යැයි කියා ලැජ්ජාවට පත්ව යන්නට ගියේය. ඒ සමයෙහි කිඹුල් දේනුව නම් චිංචිමානවිකාවය. කිඹුලා නම් දේවදත්ත ස්ථවිරයෝය. වානරව උපන්නේ බුදු වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.
චම්මි සෙව්වන්දි
අනභිරති ජාතකය
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන සමයෙහි බෝධිසත්වයන් වහන්සේ බරණැස් නුවර දිසාපාමොක් ආචාරීව ඉපිද බොහෝ ශිෂ්‍යයන්ට අකුරු කියවා වාසය කරන සේක. එසමයෙහි අතවැස්සන්ට ප්‍රධානව බෝධිසත්තවයන්ට ඉක්බිතිව ඉන්නා බ්‍රහ්මණයෙක් ඇත. ඒ බ්‍රහ්මණයා පංචකාමයෙහි හා ගිහිකම් කටුල්ලෙහි කළකිරී වනයේ තපස් රකිම්හ” කීය. එබස් අසා “එම්බල කැළබුනාවූ සිතුවිල්ලෙන් ශාසත්‍රය නොපෙණෙන්නේය. ප්‍රසන්න වූ ජලයෙහි සිප්පි මස්කැස්බන් පෙණෙන්නා සේ ප්‍රසන්න වූ සිතුවිල්ලේ බොහෝ ශාස්ත්‍ර සිතා තිබේදැයි” වදාරන ලදී.
උපසාල්හක ජාතකය
යටගිය දවස රජගහ නුවර උපසාල්හක නම් බමුණෙක් ඇත, ඒ තමාත් තමාගේ පුතා හා සමඟින් කවුරුවත් නොමැති පළාතක වාසට කල යුතුයි කියා ගිජ්ජකූට පර්වතයට නැංගේය. බෝධිසත්වයෝ මගධරට බමුණුකුලයක ඉපිද දිසාපාමොක් ආචාරීන් අතුරින් ශිල්ප නිමවා පැවිදිව ගිජ්ජකූට පර්වතයේ වාසය කරන්නේය. බමුණා හා පුතා ගිජ්ජකූට පර්වතයට අවුත් බස්නා වේලාවේ උන් හා සමඟ පර්වතයට නැඟී “තොප කරන්නේ කුමක්දැයි” ඇසීය. එපවත් අසා තාපසයෝ පරසිත් දන්නා විසින් “එම්බල බ්රහමණය සුචි පවිත්‍රයට අටගත්තාවූ ස්ථානයේ ඒ ඒ ජාතියේ සත්තවයන් මෙතන දැවූ ජාතී හා තාත් ඒ ඒ කුලයෙහි ඉපිදවූ ජාතිහැර මෙම නුවර උපසාල්හක නම් බ්‍රහ්මණව ඉපිද මේ තමාගේ පුතා හා සමඟ එතැනට අවුත් දැවූ තුදුස්දාහක් වෙයි. එසේ හෙයින් මිනියක් නෙදැවී ස්ථානයක් මිනියක් නොතිබුනු ස්ථානයක් එක තැනකත් නැත්තේය. උපසාල්හක ජාතකය නිමාවන ලදී.
නවතා තිබූ බසය එකවිටම පණගන්වා සැනෙන් ඉදිරියට ඇදෙන විට ඒ තුළ සිටින අය පස්සට විසිවන්නේ,
පිටස්තර බලයක් නෙයෙදේනම් නිසලව ඇති වස්තුව එසේ නිසලව පිහිටයි. බස් රථය හා ඒ තුල සිටි අයද නිසලව සිටින විට එකවරම පණගන්වා සැනෙන් ඉදිරියට ඇදුනු බසය මඟින ඒ තුල සිටි මිනිසුන් වෙත බලයක් ඇති කළේය. එවිට එම පිටස්තර බල යෙදුන විට බසය තුල සිටින අය පිටිපස්සට විසිවේ.
අකුණු වලින් මිදීමට නම්,
වැසි සහිත දින වලදී එළිමහන ස්ථාන වලින් බැහැර වීම, එළිමහන් ස්ථානවල වැහි පීලි මඟින් හා නිවසේ ඇති ලෝහ ජල කරාම වලින් ස්නානය නොකිරීම, ගස් යට සිටී නම් එහි අතු සීමාවෙන් බැහැර වීම, ලෝහ උපකරණ, විදුලි උපකරණ පරිහරණය නොකිරීම, කේබල් දුරකථන, ජංගම දුරකථනආදිය පරිහරණය නොකිරීම , නිවස තුළ ඇති විදුලි උපකරණ ක්‍රියා විරහිත කිරීම, ප්‍රධාන පැන්නුම් ස්විවය ක්‍රියා විරහිත කිරීම, ඇන්ටනා රැහැන් ආදිය ගලවා තැබීම යනාදිය වේ.
කුණු බාල්දියක් අසලින් යන විට දුගඳ හමන්නේ,
විශේෂයෙන්ම ගෙවල් හෝ හෝටල් වලින් කුණු බාල්දි වලට බැහැර කරන්නේ ප්‍රෝටීන, කාබෝහයිඩ්රේට්, මේදය ආදී පෝෂක ප්රධාර්ථ අඩංගු ඉදුල් හා ආහාර කොටස් ය. මේවා මත විවිධ බැක්ටීරියා ඉතා හොඳින් වැඩේ. එම ක්ෂුද්‍ර ජීවීන් මඟින් සිදුකරන ජීර්ණ ක්‍රියාවලියේදී එක් ඵලයක් ලෙසට ඇමෝනියා හෝ හයිඩ්රජන්, සල්ෆයිඩ් වැනි දුඟද වායූන් නිපදවා බාහිරයට මුදා හරී.
නවතා තිබූ බසය එකවිටම පණගන්වා සැනෙන් ඉදිරියට ඇදෙන විට ඒ තුළ සිටින අය පස්සට විසිවන්නේ,
පිටස්තර බලයක් නෙයෙදේනම් නිසලව ඇති වස්තුව එසේ නිසලව පිහිටයි. බස් රථය හා ඒ තුල සිටි අයද නිසලව සිටින විට එකවරම පණගන්වා සැනෙන් ඉදිරියට ඇදුනු බසය මඟින ඒ තුල සිටි මිනිසුන් වෙත බලයක් ඇති කළේය. එවිට එම පිටස්තර බල යෙදුන විට බසය තුල සිටින අය පිටිපස්සට විසිවේ.
කුණු බාල්දියක් අසලින් යන විට දුගඳ හමන්නේ,
විශේෂයෙන්ම ගෙවල් හෝ හෝටල් වලින් කුණු බාල්දි වලට බැහැර කරන්නේ ප්‍රෝටීන, කාබෝහයිඩ්රේට්, මේදය ආදී පෝෂක ප්රධාර්ථ අඩංගු ඉදුල් හා ආහාර කොටස් ය. මේවා මත විවිධ බැක්ටීරියා ඉතා හොඳින් වැඩේ. එම ක්ෂුද්‍ර ජීවීන් මඟින් සිදුකරන ජීර්ණ ක්‍රියාවලියේදී එක් ඵලයක් ලෙසට ඇමෝනියා හෝ හයිඩ්රජන්, සල්ෆයිඩ් වැනි දුඟද වායූන් නිපදවා බාහිරයට මුදා හරී.
රූපවාහාණි ඇන්ටනාවක් වහලය මත සවිකරන විට ඒ බිම් කම්බියනට සම්බන්ධ කරන්නේ ,
අකුණු ගැසීමේදී එළිමහනේ ඇති ලෝහ කූරු ආදියේ ආරෝපන විසර්ජනය වේ. මේ ආරෝපන කම්බි දිගේ රූපවාහිනි යන්ත්‍රය හරහා ගමන් කිරීමෙන් එම යන්ත්‍රයට හානි පැමිණේ. බිම් කම්බිය ඇන්ටනාවට සම්බන්ධකල විට එම ආරෝපණ බිම් කම්බිය දිගේ පොළවට ගලා යාමෙන් විදුලි උපකරණ ආරක්ෂා වේ.
විද්‍යාත්මක හේතු
ජල විදුලි බලාගාරයේ සිට උපපොළ දක්වා විදුලි බලය සම්ප්‍රේෂණය කිරීම, අධිවෝල්ටීය තාවයක් යටතේ සිදුකරනු ලබන උපපොළේ සිට ගෙවල් වලට සම්ප්‍රේෂණය වන විටද එසේම වැඩි වෝල්ටීය තාවයක් යටතේ සිදුකරයි. මීට හේතුව වනුයේ,
විදුලි බලාගාරයේ සිට වෙනස් ස්ථාන දක්වා විදුලිය ගෙන යන විට ලෝහ රැහැන් රත්වී යම් ශක්ති ප්‍රමාණයක් අපතේ යයි. රැහැන් දිග වැඩිවන තරමට අපතේ යන විද්‍යුත් ශක්ති ප්‍රමාණයද වැඩිය. සම්ප්‍රේෂණය වන විද්‍යුත් ශක්තිය එම ධාරාවේ හා වෝල්ටීය තාවයේ ගුණිතයකි. ඒ නිසා වැඩි වෝල්ටීය තාවයක් යෙදුවහොත් අඩුධාරාවක් සහිත විදුලිය යැවීම නිසා කම්බි රත්වීම මඟින් සිදුවන ශක්ති අපතේ යාම බොහෝ දුරට අඩුවේ.
Post a Comment